Wednesday, February 4, 2015

ලොව පුරා Facebook භාවිත කරන්නන්ට අනතුරු ඇගවිමක් නිකුත් කෙරේ



ෆේස්බුක් ඔස්සේ ඇතැම් අසභ්‍ය වීඩියෝ නැරඹීමට යාමේදී විමසිලිමත් වන ලෙස පරිගණක ආරක්ෂක විශේෂඥයින් අනතුරු අඟවා තිබේ. ඒ, හානිකර මෘදුකාංගයක් පරිගණකවලට ඇතුළු වීමේ අවදානමක් පැවතීම හේතුවෙනි.

ඇතැම් අසභ්‍ය වීඩියෝ නැරඹීමට යාමේදී ෆ්ලෑෂ් ප්ලේයර් අප්ඩේට් කරන ලෙසට ලැබෙන පණිවුඩ ඔස්සේ මෙම හානිකර මෘදුකාංගය පරිගණකවලට ඇතුළු වීමේ අවදානම ඇති බව පරිගණක ආරක්ෂක විශේෂඥවරු සඳහන් කළහ. ඔවුන් කියා සිටියේ, මේ තුළින් පරිගණකයට වෛරස ඇතුළු කිරීමට ද හැකියාව ලැබෙන බව ය.

මෙම හානිකර මෘදුකාංගය දින දෙකක් තුළ පරිගණක 110,000 කට පමණ ඇතුළු වී ඇති බව පරිගණක ආරක්ෂකවිශේෂඥයින් ඇස්තමේන්තු කර තිබේ. මේ පිළිබඳව තමන් දැනුවත් බව ත්, ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ත් ෆේස්බුක් සමාගම ප්‍රකාශ කළේ ය.


අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Sophia Burgess

අලුත්වන ලෝකයේ සිංහල අපේ තාක්ෂණික බ්ලොග් අඩවිය සමග එක්වන්න

0 comments:

Post a Comment

 

Copyright @ 2015 Goss!p Sinhalen | ගොසිප් සිංහලෙන්.