ඇත්ත දැනගන්න මේ ලිපි පෙළ කියවන්න..
ආදරයෙන් බැඳෙන පෙම්වතියක් හා පෙම්වතෙක් කිසිවෙකුටත් බිය නොවී අපි අත ගන්නෙමු යැයි නිර්භීතව කියා සිටියද පොරොන්දම් බලන්න ගිය විට අවසන් ප්‍රඵිපලය කෙසේ වේදැයි බියෙන් සසල වෙති.ඇතැම් විට වසර හත අටක ප්‍රේම පුරාණයක් පොරොන්දම් පරීක්ෂාවෙන් විනාශවී යන්නේ විනාඩි ගණනකදීය. මේ පොරෝන්දම් බැලීම ඇතැමුන්ට මාරක විහිළුවක් වී ඇත.පොරොන්දම් පරීක්ෂාවේ ඇත්ත දැනගන්න මේ ලිපිය හොඳින් කියවන්න
පොරොන්දම් පරීක්ෂාව පිළිබඳව මෑත කාලීන ලියවුණු පොත පතින් සම්භාව්‍ය ග්රන්ථයන්ට වඩා වෙනස් අදහස් ඉදිරිපත් කර ඇත. දෛවඥ, කාමධෙනු, රාමකෘත මුහුර්ථ චින්තාමනී, ජ්‍යොතීර් නිබන්ධ ගර්ග සංහිතා, ආදී සම්භාව්‍ය කෘතීන්හි නොදැක්වෙන කරුණුද මෑතකාලීන උගතුන්ගේ පත පොතෙහි සඳහන් වේ.
විශේෂයෙන්ම නැකැත් පොරොන්දම් අශුභ නම් විවාහය අශුභ බව පවසමින්, නැකැත් පොරොන්දම් අශුභ නම් පොරොන්දම් පරීක්ෂාව නතර කරන ජ්‍යොතිෂවේදීන් බහුලව සිටිය දී, 22 වන නැකත 27 පරම මෛත්‍රී නැකත, අශුභ බව ඇතැම් පොත පතක සඳහන්ව තිබීම සැබවින්ම ආධුනිකයා නොමග යවන සුලුය. 22 නැකත පොරොන්දම් පරීක්ෂාවේ දී ක්ෂේම නැකතයි. ස්ත්‍රී නැකතින් පුරුෂ නැකත 22 නැකත වූ විට පුරුෂ නැකතේ සිට ස්ත්‍රී නැකත දක්වා ගණනය කළ විට සත්වන වද නැකතයි.
ස්ත්‍රී නැකතේ සිට පුරුෂ නැකතට ශුභ වී පුරුෂ නැකතේ සිට ස්ත්‍රී නැකතට පොරොන්දම් ශුභ බවයි.
ස්ත්‍රී නැකතේ සිට පුරුෂ නැකතට අශුභව පුරුෂ නැකතින් ස්ත්‍රී නැකතට ශුභ නම් එහිදී මධ්‍යම ලෙස සැලකේ. තම නැකතට ගැලපෙන නැකත් හිමියකු, සොයා ගැනීම සඳහා තම නැකතින් 2,4,6,8,9,11,13,15,17,18,20,22,24,26,27 යන නැකත් සලකුණු කර තබා ගැනීම වැදගත් වේ. උදාහරණ ලෙස පුෂ නැකතේ උපන්නේ නම්, අස්ලිස , පුවපල්, හත, සා, විසා, දෙට, පුවසල, සුවන, සියාවස, පුවපුටුප, රේවතී, බෙරණ රෙහෙන, අද, පුනාවස යන නැකැත්වලින් උපන් අය හා විවාහය සුදුසු වේ.
මේ පිළිබඳව ඇති සිද්ධාන්ත ගැඹුරින් විග්‍රහ කර බලන විට ස්ත්‍රී කේන්ද්‍රයේ සිට පුරුශ කේන්ද්‍රයට ශුභව, පුරුශ කේන්ද්‍රයේ සිට ස්ත්‍රී කේන්ද්‍රයට අශුභ නම් එම නැකැත් මධ්‍යම බව ජ්‍යොතිෂ නියමයයි. නැකැත් පොරොන්දම් අශුභ වීමට නම් දෙපසටම අශුභ විය යුතු වේ. කේන්ද්‍රයේ සිට පුරුෂ කේන්ද්‍රයට අශුභ නම් එම නැකැත් පුරුෂ කේන්ද්‍රයේ සිට ස්ත්‍රී කේන්ද්‍රයට ශුභ වන බැවින් මෙම පොරොන්දම සුබ බව සලකයි. පුෂ නැකතට මා නැකත ප්‍රථම පර්යායේ විපත් නැකතයි. මා නැකතේ සිට ගැන බැලූවිට පුෂ නැකත 26 මෛත්‍රී නැකත වේ. ඒ අනුව පොරොන්දම් මධ්‍යස්ථ වේ. පුර නැකතින් වඳ නැකත වනුයේ සිත නැකතයි. සිත නැකතේ සිට පුෂ නැකත 22වන ක්ෂේම නැකතයි.
දුවට පුතාට කසාද හොයන දෙමවුපියන්ට විශේෂයි
0 comments:
Post a Comment