මිනිසෙකු ඇති කිරීමටත් නැති කිරීමටත් ඕපාදූපවලට හැකිය. අන්තර්ජාලය වැනි නූතන සන්නිවේදන මාධ්‍ය නිසා මෙම ඇති-නැති කිරීමේ වේගය වෙනදාට වඩා බෙහෙවින් ඉහළ ගොස් තිබේ. සයිබර් අවකාශය තුළ සිදුවන හිරිහැර නිසා දරුවන් සිය දිවි නසා ගත් අවස්ථා කිහිපයක් අපේ රටේ මෙන්ම ලෝකයේ වෙනත් රටවලින් ද අසන්නට ලැබි ඇත.
අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයෙකුගේ හොඳ නමට සිදුවිය හැකි හානිය පිළිබඳව ලෝකය දැනුවත් කිරීමට මේ දිනවල පෙරමුණට පැමිණ තිබෙන්නේ මීට වසර 16කට පෙර ලොවම
කැළඹූ පෙම් කතාවක කතා නායිකාව වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ මොනිකා ලෙවින්ස්කි (ලුවින්ස්කි) ය. ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් සමග පෙම් පළහිලව්වක පැටලීම හේතුවෙන් 1998 දී එවක 24 හැවිරිදි වියේ සිටි මොනිකාට ලොව පුරා විශාල ප්‍රසිද්ධියක් ලැබුණි. ඉන් අනතුරුව දශකයකට අධික කාලයක් ඇය ගැන කිසිවෙකු උනන්දු වූයේ නැත. එහෙත් මෑතක සිට ඇය දෙසට නැවත ලෝකයාගේ දෑස් යොමුව තිබේ. ඒ, අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන චරිත ඝාතන සහ හිංසනවලට එරෙහිව සිය හඬ අවදි කිරීමට ඇය තීරණය කිරීමත් සමගය.
මේ වසර මුලදී මොනිකා දෙසට තරමක අවධානයක් යොමු වූයේ ඇය වැනිටි ෆෙයාර් සඟරාවට ලියූ ලිපියක් හේතුවෙනි. ක්ලින්ටන් සමග පැවැති පෙම් පළහිලව්ව සහ ඒ හේතුවෙන් තමන්ට රැකියාවක් පවා සොයා ගැනීමට කෙතරම් අසීරු වූවා ද යන්න ඇය එහි සඳහන් කළාය.
ඉන්පසුව සයිබර් අවකාශය තුළ සිදුවන හිරිහැර පිළිබඳව මොනිකා ප්‍රසිද්ධියේ කතා කළේ පසුගියදා පැවැති වයස අවුරුදු 30ට අඩු තරුණ පිරිස වෙනුවෙන් ෆෝබ්ස් සඟරාව විසින් පවත්වන ලද (ෆෝබ්ස් අන්ඩර් 30) සමුළුවක් අමතමිනි. එදිනම සමුළුව ඇමතීමට පැය කිහිපයකට පෙර ඇය ට්විටර් සමාජ වබේ ගිණුමක් ද ඇරඹුවාය. ඇගේ පළමු ට්විටර් පණිවුඩය නිකුත් වී පළමු පැය තුන ඇතුළත 14,000ක් ඇගේ අනුගාමිකයන් බවට පත් වී තිබුණි. මේ ලිපිය ලියන අවස්ථාව වන විට ඇගේ අනුගාමිකයන් සංඛ්‍යාව 78,000 ඉක්මවා ඇත.
සිය ජීවිත කාලය තුළ ප්‍රසිද්ධියේ කතාවක් පවත්වන සිවුවන අවස්ථාව මෙය නිසා තමන්ගේ කලබලකාරී බව ගැන සමාවෙන ලෙස 41 හැවිරිදි මොනිකා සිය කතාව ආරම්භයේ දී කියයි. මීට පෙර ඇය කතා පවත්වා තිබුණේ විසි දෙනෙකු ඉදිරියේ පුහුණු වීමට කළ කතාවක්, මාධ්‍ය සහභාගි නොවූ පෞද්ගලික අවස්ථාවක දී සහ සිය සොයුරාගේ විවාහ උත්සවයේ දී පමණි. කෙසේ වුව ද අගය කළ යුතු කරුණ වන්නේ මිනිත්තු 25ක කාලයක් තුළ ඇය දැඩි ආත්ම ශක්තියකින් සිය කරුණු ඉදිරිපත් කළ ආකාරයයි.
මෙම කතාවේ දී මොනිකා තමන් හඳුන්වා ගන්නේ ‘බිංදුව (0) වෙනි රෝගියා’ ලෙසයි. එනම් සයිබර් අවකාශය තුළ හිරිහැරයට ලක් වී ජීවිතයම විනාශ වූ ලොව පළමු පුද්ගලයා තමන් බව ඇය කියයි. 1998 වසරේ එක් දිනක් තුළ ඇගේ ජීවිතය සාමාන්‍ය තරුණියකගේ ජීවිතයේ සිට මුළු ලොවම කතා කරන, ගල් ගසන, වනචර කාන්තාවකගේ ප්‍රතිරූපයක් දක්වා වෙනස් වූ අයුරු ඇය සිය කතාව තුළ අපූරුවට විස්තර කරයි.
මොනිකා සරසවියෙන් පිට වී අලුත් රැකියාවක් ඇරඹූවේ ධවල මන්දිරයේ පුහුණු වන්නියක ලෙසයි. එවක වයස අවුරුදු විසි දෙකක තරුණියක වූ ඇය අතින් සිදු වූ වරද නම් සිය කාර්යාලයේ ප්‍රධානියා සමග පෙමින් බැඳීමයි. ඊටත් වඩා ප්‍රබල ගැටලුව වූයේ ඇගේ ප්‍රධානියා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වීමයි කෙසේ වුව ද ඇය සිය ප්‍රධානියා සහ ඇමෙරිකානු ජනාධිපතිවරයා වූ එවක පනස් විය ඉක්මවා සිටි, තමන්ට වඩා දෙගුණයකටත් වඩා වැඩිමහලු, විවාහක එක් දරු පියෙකු වූ බිල් ක්ලින්ටන් සමග වසර දෙකක් තිස්සේ පෙම් සබඳතාවක් පැවැත්වූවාය. ඒ ගැන දැන් තමන් තදින් පසුතැවිලි වන බව ඇය සිය කතාවේ දී පැවැසුවාය.
තහනම් ගසේ ගෙඩි රස බැලීමේ විපාක විඳීමට මොනිකාට සිදු වූයේ 1998 වසරේදීය. ඒ, ඇය සහ ජනාධිපතිවරයා අතර තිබූ පෙම් පළහිලව්ව ලුණු ඇඹුල් ද ඇතිව අන්තර්ජාලය ඔස්සේ එක රැයින් ලොව පුරා පැතිර යාමත් සමගය. අන්තර්ජාලය ඔස්සේ සිය කීර්තිය අහිමි වූ අයුරු ඇය අපූරුවට විස්තර කරයි. මිනිසුන් තමන්ට එක් එක් නම් පට බඳිමින් බැණ වදින අයුරු අන්තර්ජාලය ඔස්සේ දකින විට ඇගේ සිතේ මැතිරුණු එකම මන්ත්‍රය වූයේ “මට මැරෙන්න ඕනෑ” යන්න පමණක් බව ඇය සිහිපත් කරයි. “මගේ දෙමාපියන්, දෙමාපියන්ගේ යහළුවන්, මගේ යහළුවන්, යහළුවන්ගේ දෙමාපියන් ආදී සියලු දෙනාම මේ පුවත් කියෙව්වා,” ඇය සිය කතාවේදී පවසන්නේ කඳුළු තද කරගෙනය. නැවත කිසි දිනක සමාජයට මුහුණ දීමට නොහැකි වෙතැයි ඇය සිතුවාය. මඩ ව්‍යාපාරය වේගයෙන් පැතිර යන විට තමන්ට තමන්වම අහිමි වූවාක් වැනි හැඟීමක් ඇති වූ බව මොනිකා කියයි. තමන්ට වැටහුණේ සත්‍ය මොනිකා සහ මාධ්‍ය මගින් නිර්මාණය කරනු ලැබූ ප්‍රසිද්ධ මොනිකා යනුවෙන් දෙදෙනෙකු සිටින බවකැයි ඇය කියයි. ඇයට අනුව එය සිය අනන්‍යතාව සොරකම් කරනු ලැබිමකි.
එකල ෆේස්බුක් ට්විටර් ආදී සමාජ වබේ අඩවි නොතිබුණි. එසේම අන්තර්ජාල සබඳතා ද පැවතියේ අදට වඩා ඉතාම අඩු වේගකය. එහෙත් එකල පැවති ඕපාදූප, පුවත් සහ විනෝදාස්වාදයට අදාළ වබේ අඩවි ඔස්සේ අද තරම් වේගයෙන් නොවුණත් සිය කතාව වෛරසයක් මෙන් ලොව පුරා පැතිර ගිය අයුරු මොනිකා සිය කතාවේ දී විස්තර කරයි.
කිසියම් පුවතක් අසීමාන්තික ලෙස පැතිරවීමට ඇති හැකියාව අන්තර්ජාලයේ ඇති අතිශය භයානක ස්වභාවය බව මොනිකා සිය කතාවේ දී අවධාරණය කළාය. අන්තර්ජාලයෙන් කෙනෙකුගේ චරිතය ඝාතනය වීමට පටන්ගත් විට එය කොහෙන් අවසන් වනවාදැයි සීමාවක් නොමැති බව ඇය පැවසුවාය. එම අවස්ථාවට මුහුණ දෙන පුද්ගලයාට දැනෙන්නේ මුළු ලොවම තමන්ට සිනාසෙන්නාක් වැනි හැඟීමක් බව ඇගේ අදහසයි. පසුගිය වසර 16 ගත කළ ආකාරය එක වචනයකින් විස්තර කරන්නේ නම් අදටත් ඇගේ සිහියට එන එකම වචනය ‘ලැජ්ජාව‘ බව ඇය කියයි. මේ අයුරින් සෑම මොහොතකම කිසියම් පුද්ගලයෙකු අන්තර්ජාලය ඔස්සේ හිංසනයටත් ලැජ්ජාවටත් පත් වෙමින් සිටින බව ඇය සිහිපත් කළාය. එසේම එය ඕනෑම මොහොතක ඕනෑම කෙනෙකුට සිදු විය හැකි බව ද මොනිකා සිය කතාවේ දී මතක් කර දුන්නාය.
කෙසේ වුව ද ඇය ජීවිතය නැති කර ගත්තේ නැත. තමන්ගේ නම පවා වෙනස් කරගන්නා ලෙස බොහෝ දෙනා ඇයට උපදෙස් දුන්නත් ඇය එසේ නොකළාය. කෙසේ හෝ ජීවිතයට මුහුණ දුන් ඇයට දැන් අවශ්‍යව ඇත්තේ තමන් මෙන්ම අන්තර්ජාලය ඔස්සේ හිංසනයට ලක් වන පුද්ගලයන් වෙනුවෙන් ආකල්ප වෙනසක් සහිත සංස්කෘතික විප්ලවයක් ඇති කිරීමයි. තමන්ට සිදු වූ දේ තවත් කෙනෙකුට සිදුවීම වැළැක්වීම ඇගේ අරමුණයි. අනුකම්පාව සහ සහකම්පනය නොමැතිකම මෙවැනි හිංසනයන්ට හේතු වන බව ඇය සිය කතාවේ දී පැවසුවාය. මෙම විප්ලවය ඇති කිරීම සඳහා තමන් ඉදිරි වසර කිහිපය තුළ දී කැප වන බව ඇය පවසා සිටියා ය. තමන්ගේ කතාවෙන් එය කළ හැකි යැයි ඇය විශ්වාස කරයි.
මොනිකාගේ කතාව අසා සිටි තරුණ පිරිස කොතරම් පැහැදුණා ද කිවහොත් කතාව අවසානයේ සියලු දෙනා අසුන්වලින් නැගිට ඇයට අත්පොළසන් දී උත්තමාචාර දැක්වීය.
කෙසේ වුව ද මොනිකා මෙසේ සිය කතාව ලෝකයට නිරාවරණය කිරීම සැබැවින්ම සයිබර් හිංසනයන්ට ගොදුරු වන පුද්ගලයන්ට ආදරයෙන් ගත් තීරණයක්ද එසේත් නැත්නම් 2016 වසරේ ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටින හිලරි ක්ලින්ටන්ට මඩ ගැසීමේ ව්‍යාපාරය සඳහා සිදු කරන්නක්දැයි සැක පළ කරන්නෝ ද නැත්තේ නොවේ.
මොනිකාගේ මෙම කතාව ‘ලැජ්ජා නැති කමක්’ ලෙස හැඳින්වූවෝ ද සිටිති. සිය පෞද්ගලික වීඩියෝ පටයක් අන්තර්ජාලය ඔස්සේ පැතිර යාම නිසා සිය දිවි නසාගත් ටයිලර් ක්ලෙමන්ටි නම් තරුණයාගේ සිදුවීම දැකීමෙන් පසුව අන්තර්ජාලය ඔස්සේ සිදුවන හිංසනයන් පිළිබඳව සිය හඬ අවදි කිරීමට තීරණය කළ බව මොනිකා සිය කතාවේ දී කියයි. කෙසේ වුව ද 2010 වසරේ දී සිදු වූ ටයිලර්ගේ මරණය ගැන අවධානය යොමු කිරීමට 2014 වන තෙක් සිටීම ම මොනිකා යටි අදහසකින් ක්‍රියා කරන බවට සාධක බව සමහරු පවසති.

ප්‍රණීතා අබේවික්‍රම.
අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment