සෑම දෙමව්පියෙක්ම තම දරුවන් සමග දිනපතා අවම වශයෙන් පැයක් හෝ ගත කිරීම අනිවාර්ය බව ළමා වෛද්‍ය විශේෂඥවරු පෙන්වා දී ඇත. මෙසේ දරුවන් සමග පැයක් ගත කිරීම දරුවාගේ කුසලතා වර්ධනයට හේතුවක් වන බව ඇමෙරිකාවේ සිදුකළ පර්යේෂණ මගින් හෙළිව ඇතැයි ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේය.
මේ වන විට දෙමව්පියන් කාර්ය බහුල ජීවිතයක් ගත කරන බැවින් දරුවන්ගේ මෙවලම් බවට අද පත්ව ඇත්තේ රූපවාහිනිය, කොම්පියුටරය, ජංගම දුරකථනය වැනි දේ බවද හෙතෙම පෙන්වා දෙයි.
දරුවා මෙවැනි මෙවලම් භාවිත කිරීම හේතුවෙන් ඔහුගේ හෝ ඇයගේ කුසලතා වර්ධනය මොට වෙන බවත් ඉදිරි ජීවිතයට මුහුණ දීමේදී අභියෝගවලට සාර්ථකව ඉදිරිපත් වීමට නොහැකි වන බවත් මනා කළමනාකාරීත්වයකින් යුක්තව ජීවිතය ගොඩනගා ගැනීමට නොහැකි වන බවත් මෙම පර්යේෂණයෙන් හෙළිව ඇතැයි වෛද්‍ය පාදෙණිය මහතා සඳහන් කළේය.
විශේෂයෙන්ම දරුවන් වැඩිහිටිවියේදී ඇසුරු කිරීමට හොඳ යහළුවෙක් හඳුනා ගැනීමට නොහැකි වන්නේ ද කුඩා කාලයේදී ඔවුන්ට දෙමව්පිය ඇසුර නොලැබුණු නිසා බව මෙම පර්යේෂණ වාර්තා වලින් හෙළි වී ඇතැයි හෙතෙම පැවැසීය.
අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment