Sunday, February 1, 2015

ලස්සන වෙන්න හිතන අය නොකළ යුතු දේ


 ලස්සන වෙන්න හිතන අය නොකළ යුතු දේබාහිර සමට ආවරණයක් ලෙසයි රෝම කූප පවතින්නේ. මෙමඟින් සමට විසබීජ, බැක්ටීරියා ආදිය ඇතුළුවීම වළකාලයි. එහෙත් වර්තමානය වන විට දෑත්, දෙපා, කිහිලි යනාදී ප්‍රදේශවල රෝම කූප ඉවත් කිරීම යුවතියන්, කාන්තාවන් අතර විලාසිතා රැල්ලක් බවට පත්වෙලා. ක්ෂණිකව, එතරම් වෙලාව ගත නොකර රෝම ඉවත් කිරීම සඳහා බොහෝදෙනා තෝරාගෙන ඇත්තේ රේසරයයි. පහසු හා කාර්යක්ෂම ක්‍රමවේදයක් වුවත් රේසර් කිරීම අනුමත කළ නොහැකි දෙයකි.

රේසර් කිරීමෙන් සිදුවන්නේ රෝම කූපවල විවර වීමකි. එහිදී සම තුළට විවිධ ආසාදන තත්ත්ව ඇතුළු වීමට පුළුවන. සමේ රෝග හට ගන්නේ ද සමේ උඩ කොටස වන ශාර්ශීය ස්ථරය ඇතුළුකොට ගෙනය.
බාහිර සමේ ඇති රෝම කූප රේසර් වැනි දේවලින් හෝ විවිධ රසායන ද්‍රව්‍ය යොදා ඉවත් කිරීම නිසා රත්තයක් සහිතව කැසීම සිදු කරයි. අධික කැසීම නිසා සුළු ස්‍රාවයක් පිටවේ. තවද කුඩා බිබිලි ද ඇතිවිය හැකිවන අතර ආසාදන තත්ත්වය වැඩි වුවහොත් සැරව ද පැවතිය හැකියි. මෙමඟින් ආසාදිත තත්ත්ව ඇතිවී සමේ රෝගවලට මුල පිරිය හැකිය.
සමේ බාහිර ස්ථරයේ ඇති තෙතමනය අඩු වුවහොත් සම වියළෙන අතර කොරපොතු ස්වභාවයක් ගනියි. එබැවින් සම මතුපිට ජල ප්‍රමාණය නියමිතව තබා ගැනීමට ද සැලකිලිමත් විය යුතුයි.
සම ආශි‍්‍රතව කරන සියලු ප්‍රතිකාරයන්වලදී ආයුර්වේද පැත්තට වැඩි නැඹුරුවක් දැක්වීම හිතකරය. සම මතුපිට රෝම කූප ඉවත් කරන්නට යෑමෙන් සමේ කාන්තිමත් බවට තර්ජනයක් එල්ල වේ නම් ඔබ බලාපොරොත්තුවන විලාසිතාව කරා ළඟා විය හැකි වන්නේද?
රෝම කූප ඉවත් කිරීමෙන් සිදුවන කැසීමත් ඉන්පසු සමට සිදුවන හානියත් වළක්වාලීමට ආයුර්වේද වෙළෙඳසල්වලින් ලබාගත හැකි රෝහණේකාශ්ලේපය ආලේප කිරීම අතිශය ගුණදායකය.

විවිධ අත් බෙහෙත්
සමට කරන ප්‍රතිකාරයන්වලදී අත් බෙහෙත් කළයුත්තේ සීරුමාරුවටය. කල් ඉකුත්ව ගිය දෑ මාත්‍රාව ඉක්මවූ දේ ආලේපය හානිකර වේ.

* කැසීමත් සමඟ ඇතිවන තත්ත්වයකදී එසැණින් කෝමාරිකා මදය ආලේප කිරීමෙන් අමුතුම සිසිලසක් ලැබේ.
* කිහිලි අවට කළුපැහැ වී ඇත්නම් සුදු හඳුන්, වෙනිවැල්ගැට, මීකිරි සමඟ මිශ්‍රකර ආලේප කොට පැය භාගයකින් පසුව සෝදා හරින්න.
* කොකුම් කුඩු, වෙනිවැල්ගැට කුඩු සමඟ වතුරින් මිශ්‍රකර ආලේප කරන්න.


ස්වාභාවික හොට් වැක්ස් එකක් කරන අන්දම
රෝම කූප ඉවත් කිරීම අවශ්‍යම වූ විටකදී කළ හැකි මෙම හොට් වැක්ස් ක්‍රමය ස්වාභාවික එකක් වන නිසා හානිකර නැත.
ඒ සඳහා සීනි ග්‍රෑම් 500 ක්, දෙහි ගෙඩි පහක යුෂ හා දෙහි යුෂ ප්‍රමාණයටම ජලය ගන්න. සීනි සමඟ වතුර හොඳින් උණු කරන්න. සීනි දියවී නූලක් වැනි පදමට ආපසු ගින්දර අඩුකොට දෙහි යුෂ එක් කරන්න. ළිපෙන් බා නිවෙන්නට හරින්න. පාවිච්චියට ගැනීමට පෙර වතුර එකක බහා තබා මඳ උණුසුමින්ම ආලේප කරන්න. මෙම මිශ්‍රණය ආලේප කිරීමට පෙර පුයර ස්වල්පයක් සමේ තවරා ගැනීම ද වැදගත්ය. විනාඩි පහකට පමණ පසු රෙදි කෑල්ලක් තබා ඉදිරියට අදින්න. රෝම කූප සියල්ල ඉවත් වී යනු ඇත. පසුව කෝමාරිකා මදය ආලේප කරන්න.
දහදිය දුගඳ
ඇතැමුන්ගේ දහදිය දුගඳ බවින් යුතුය. මේ නිසාම කිහිලි ප්‍රදේශවල රෝම කූප ඉවත් කිරීමට ඔවුන් පෙළඹේ. මෙවැනි අය
* සේපාලිකා මල් පිරිසුදු වතුර එකක රැයක් පුරා දමා පසුවදා එම වතුරින් ඇඟ සෝදන්න.
* සුදු හඳුන් කුඩු, පිනි ජම්බු යුෂවලින් අනා එම ස්ථානවල ගැල්වීම
* අබ, වද, මදාරා පොතු යුෂවලින් නිතරම කිහිලි සේදීම
* බිං කොහොඹ යුෂ ආලේපය
* ඇඟ නිවෙන, දාහය නසන පාන වර්ග ඉතාම සුදුසු වේ. සව්, බාර්ලි, රසකිඳ, බැබිල, පොල්පලා, රණවරා වැනි දේ තම්බා බීම
අසාමාන්‍ය ලෙස රෝම කූප හටගැනීම
ඇතැම් යුවතියන්ගේ, කාන්තාවන්ගේ සමේ රෝම කූප හටගන්නේ පමණ ඉක්මවා යමිනි. මේ සඳහා ඍජුවම බලපානුයේ හෝර්මෝන ක්‍රියාකාරිත්වයයි. මෙවන් විටක දී මාසික ශුද්ධිය පවා විෂම වේ. අම්මේ ඔබේ දියණිය මල්වර වූ පසු මාසික ශුද්ධිය පිළිබඳ සොයා බැලීම ඔබේ ද යුතුකම වේ.
පිරිමි හෝර්මෝන තත්ත්ව ස්ත්‍රී ශරීරය තුළ අධිකව ක්‍රියාකිරීම නිසා සිදුවන මෙවන් විටකදී වෛද්‍ය උපදෙස් පැතීම අනිවාර්යය වේ.
රෝම කූප ඉවත් කිරීම සඳහා සරල ක්‍රමයක් ලෙස යොදා ගන්නා රේසරය ඔබටම පමණක් වෙන්වූ එකක් වීම අතිශය වැදගත් වේ.

Sophia Burgess

අලුත්වන ලෝකයේ සිංහල අපේ තාක්ෂණික බ්ලොග් අඩවිය සමග එක්වන්න

0 comments:

Post a Comment

 

Copyright @ 2015 Goss!p Sinhalen | ගොසිප් සිංහලෙන්.