සුන්දරත්වයෙන් පරිපූර්ණ රාවණා ඇල්ල, ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ගමන් කරන ඔබට හමුවන සොබාදහමේ විශිෂ්ඨ නිර්මාණයකි. මෙකී සුන්දරත්වය හා සබැදි පුරාවෘත්ත රාශියකුත් ඇත. එයින් රාවණා රජු සම්භන්ධ කතා පුවත් රැසකි.අද අප මේ කතා කරන්න සූදානම් වන්නේ රාවණා ඇල්ලේ සුන්දරත්වය නොව, රාවණා ඇල්ල පසුපස ඇති පුරාවෘත්තයක් ගැනයි.
පසුගිය කාලයේ රට පුරා ස්ථාන කිහිපයකින් උමං මාර්ග කිහිපයක් පිළිබද අනාවරණය විය. ඒහා සමග රාවණා රජු නැවත කරළියට පැමිණියේය.එලෙස හමුවූයේ රාවණා යුගයේ නිර්මාණය කල උමං බවට රාවයක් පැතිර ගියේය. වාල්මිකී විසින් රචිත රාමායණයේ කියැවෙන රාම - රාවණා කතා පුවතත් සමග මෙම අලංකාර දිය ඇල්ලේත් සම්භන්ධතාවයක් පවතී. රාවණා රජතුමා විසින් සීතා කුමරිය රැගෙන විත් රදවා තැබුවායි සැළකෙන්නේ පෙර කී රාවණා ඇල්ල සමීපයේය. ඒ පිළිබද ඕනෑ තරම් ජනප්‍රවාද අප අසා ඇත. සීතා කුමරිය රැගෙන විත් ආරක්ෂා සහිතව රදවා තැබීමට සුදුසුම ප්‍රදේශය ලෙස රාවණා රජු මෙම රාවණා ඇල්ල අවට තෝරා ගත් බව පෙනෙයි. එයට සාධකයක් ලෙස රාවණා ඇල්ල පුරාණ රජමහා විහාරය ( මෙම විහාරය ක්‍රි.පූ. 2 සියවසේ දී වළගම්බා රජු විසින් කරවන ලද්දකි ) ආසන්නයේ පිහිටා ඇති රාවණා ගුහාව පෙන්වා දිය හැක. මෙම රාවණා ගුහාව, රාවණා රජු විසින් සීතා කුමරිය රදවා තැබූ ගුහාව යැයි ජනවහරේ කියැවේ.
නමුත් මේ පිළිබද තොරතුරු විග්‍රහ කර බැලීමේදී යම් පමණක ගැටළු සහගත තත්වයන් ඇතිවේ. සීතා යනු රාජ සම්භවයක් ඇති කුමරියකි. දසිස් රාවණයන්ගේ නැගණියකි. එවන් රාජ සම්භවයක් සහිත සීතා කුමරිය ගුහාවක් තුල රදවා තැබීමේ දී ආරක්ෂාව ගැන පමණක් සැළකිලිමත් වී යැයි සිතිය නොහැක.මන්ද යත් ඇය රාජ කුමාරියකි. ඇයට අවශ්‍ය පහසුකම් සපයා දිය යුතුය. පරිවාර සේවිකාවන් සිටිය යුතුය. ඒ කෙසේ වෙතත් රාමායණයේ දී රාවණා රජු සිය නැගණිය වූ සීතා කුමරිය රැගෙන විත් රදවා තැබීම සිරගත කිරීමක් ලෙස පෙන්වා දෙයි.
2012 දෙසැම්බර් මස 19 වන දින ස්වාධීන රූපවාහිනියේ වෙනස වැඩසටහනින් රටට හෙළි කල රාවණා උමග පිළිබද තවමත් ඔබට මතක ඇතැයි සිතමි. රාවණා දිය ඇල්ල ආසන්නයෙන් පහළට පිවිසෙන එම රූපවාහිනී කණ්ඩායම මහත් පරිශ්‍රමයක් දරමින්, අති දුශ්කර ගමන් මාර්ගයක් පසු කරමින් ගුහා අභ්‍යන්තරයේ පිහිටි විශාල පොකුණක් පිළිබද තොරතුරු රටට හෙළි කරයි. කිසිවෙකුත් විශ්වාස නොකරන අන්දමේ දැවැන්ත බිත්ති සහිත අති විශාල කාමර කිහිපයක් එම පොකුණ අසල ඇති බව ඔවුන් හෙළිදරව් කර තිබේ. එකී නිල් දිය පොකුණ සොයා වෙනස රූපවාහිනී කණ්ඩායම ගිය ගමන අතිශයින් පැසසිය යුතුය. සැගවී තිබූ පුවතක් එළෙස මාධ්‍යය ඔස්සේ රටට හෙළි කිරීමේ ගෞරවය ඔවුනට හිමි විය යුතුය. ඉන්පසු වගකිව යුතු ආයතන වලින් එම ස්ථානය පිළිබද ගවේශණය කලා දැයි අපි නොදනිමු. කෙසේ වුවත් රාවණා ගවේශකයින් හට මෙය හොද අවස්ථාවකි. යටගියාව සොයා අපේ පැරණි ප්‍රෞඩ හෙළ ඉතිහාසය සාධක ඇසුරින් ඔප්පු කිරීමට මෙය අවස්ථාවක් කර ගත හැක.
මහත් ආන්දෝලනයක් ඇති කල එම ගුහාව රාවණා රජු විසින් සීතා කුමරිය රදවා තැබූ ස්ථානය යැයි අනුමාන කිරීමට සාධක ඒ තුල ඇත. අති විශාල වපසරියකින් යුතු භූගත එම පරිශ්‍රයේ ඇති අති විශාල කාමර, පිරිසිදු ජලයෙන් පිරි නිල් දිය පොකුණ එයට සාක්ෂි වේ. එම ගුහාව සොයාගත් කණ්ඩායම පිවිසි අති දුශ්කර උමං මාර්ගයට අමතරව එම ස්ථානයට ආරක්ෂිතව, පහසුවෙන් පිවිසිය හැකි උමං මාර්ගයක් තිබිය යුතු යැයි අනුමාන කල හැක. මේ ලිපිය ලියන මා ඒම ගුහාව ගැන දන්නේ ද වෙනස වැඩසටහනින් හෙළිකල කරුණු පමණකි. එම නිවේදක මහතා පවසන පරිදි ඔවුන්ට ගවේශණය කිරීමට නොහැකි වූ විශාල ප්‍රදේශයක් ඇත. දිරාපත් වූ ගල් කැබලි එම නටඹුන් රාවණා යුගය දක්වා පැරණි බවට නිහඩ සාක්ෂි සපයයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෝ මේ පිළිබද විධිමත් ගවේශණයක් කර රටට හෙළිදරව් කරන්නේ නම් ඉතිහාසයේ සුවිසල් වෙනසක් වනු නොඅනුමානයි.
මහාවංශය විසින් හෙළිකරන ඉතිහාසයට වඩා ප්‍රෞඩ, අභිමානවත් ඉතිහාසයක් උරුම අපි එය වැළලෙන්න ඉඩ දෙනවාද? අපි කල යුත්තේ, රාවණා යුගයටත් පැරණි අපේ උරුමය මතු කර ගෙන අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීම නොවෙද? මේ ඒ සදහා නැගිටිය යුතු කාලයයි.
අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment