Sunday, January 25, 2015

නිතරම කන ආහාර ගැන දැනගන්නට යමක්

නිරෝගීකම උතුම් ම ලාභය බව කොයි කවුරුත් දන්නා කාරණයකි. නීරොගීව ජීවත්වීම සඳහා පෝෂ්‍යදායි ආහාර මෙන්ම නිතර ව්‍යායාම් වල යෙදීමද වැදගත්. එමෙන්ම නිතරම ජලය පානය කිරීම ද වැදගත්. දැන් අපි නිතර ආහාරයට ගන්න එළවළු හා පලතුරු කිහිපයක ඇති වෙදගත්කම පිළිබඳව සලකා බලමු.

තක්කාලි


තක්කාලි යනු රත් පැහැති එළවළුවක් බව කවුරුත් දන්නා කාරණයකි. තක්කාලි පිළිබඳව සැලකුවිට එය අපගේ සෞඛ්‍යයට හිතකර ආහාරයකි . එය ප්‍රධාන ලෙස අපගේ හෘදය වස්තුවට බලපායි. සාමාන්‍ය හරස් කැපුමකදී තක්කාලි ගෙඩිය අපගේ හෘදය වස්තුව තුල ඇති රත් පැහැ කුටි හතර නිරූපණය කරන බවට උපමා කල හැක. හෘදය වස්තුවේ මනා ක්‍රියාකාරිත්වය සඳහා දායක වේ. මෙහි බහුලව අඩංගු lycopene හා ප්‍රතිඔක්සිකාරක රුධිරයේ මේධ පාලනයට උපකාර වී හෘදයාබාධ ඇති වීමේ අවධානම අඩු කරයි.

අලිගැට පේර


මෑත කාලයේ ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය අලිගැට පේර ඉතාමත් පෝෂ්‍යදායි පලතුරකි. රුධිරයේ අන්තර්ගත අහිතකර කොලෙස්ටෙරෝල් (LDL) මට්ටම අඩු කිරීම මෙන්ම මොලයේ ක්‍රියාකාරිත්වයට යහපත් බලපෑම් ඇති කරයි. අලිගැට පේර මගින් ඉතා ප්‍රබල බලපෑමක් ඇති කරනු ලබන්නේ අපගේ ආහාර ජීර්ණ පද්ධතියටයි. මෙම කෙඳි සහිත ආහාරය බඩවැල් තුළදී පෝෂණ කොටස් උරා ගැනීම වැඩි කරයි. තවද මෙම පලතුර මගින් රුධිරයේ සීනි මට්ටම ද පාලනය කරයි.

කැරට්


කැරට් අලයක් ගෙන පෙත්තක් කපාගන්න. මොකක් වගේද පෙන්නේ ? ඔබට ඒ දෙස සුළු මොහොතක් බලා සිටිනවිට පෙනෙයි අපේ ඇසෙ මතුපිට පෙනුමට සමාන රූපයක්. ඇසෙහි කළු ඉන්ගිරියාවට සමාන ප්‍රදේශයක් දැකගත හැකි වෙයි. අපේ සීයල ආච්චිලා කියනවා කැරට් කෑවම හොඳට ඇස පේනවා කියල. එකට හේතුව තමයි කැරට් වල විටමින් A බහුලව අන්තර්ගත වීම. මෙමගින් ඇසේ යහපත් සෞඛ්‍ය පවත්වා ගැනීම මෙන්ම ඇසේ සුද ඇති වීම ද අඩු කරයි.

බතල


බතල කියු සැනින් මතක් වෙන්නේ පැණි රස අලයක් නේද ? ඔබට හිතෙන්නේ එය දියවැඩියා රෝගියකුට නුසුදුසු ආහාරයක් ලෙසටයි. නමුත් සත්‍ය කතාව වන්නේ එයට හාත්පසින්ම වෙනස් දෙයකි. ඇත්ත වශයෙන්ම බතල යනු රුධිරයේ සීනි මට්ටම අඩු කිරිමට දායක වන ආහාරයකි. බතල මගින් අග්න්‍යාශයේ සෛල උද්දීපනය කර ඉන්සුලින් හෝර්මෝනය නිෂ්පාදනය කිරිමෙන් රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි.

Sophia Burgess

අලුත්වන ලෝකයේ සිංහල අපේ තාක්ෂණික බ්ලොග් අඩවිය සමග එක්වන්න

0 comments:

Post a Comment

 

Copyright @ 2015 Goss!p Sinhalen | ගොසිප් සිංහලෙන්.