1. කපපු අත් විතරක් තියෙන වලවල්.
ඊජිප්තුවේ අවුරුදු 3600කට වඩා පරණ මාලිගාවක් පරීක්ෂණය කරනකොට අමුතු වලවල් 4ක් හම්බවුනා. මේ වලවල් වල තිබ්බේ අත් වල ඇටකටු විතරයි. ඇඟවල්, හිස්කබල් මොනවත් නැහැ. කපලා දාපු අත් විතරයි.මේ වලවල් තිබ්බේ කායන් රජුගේ මාලිගාවේ. වලේ තිබ්බ අත් ගොඩක් ලොකුයි. ඒ නිසා පිරිමි අත් කියලා තමා හිතන්නේ. මේ අතර සාමාන්‍යය ප්‍රමාණයට වඩා ලොකු අතුත් හම්බවුනා. ඒවා ඉස්සර කාලේ හිටපු යෝධයන්ගේ වෙන්න පුලුවන් කියලත් විශ්වාස කරනවා.
මේ වලවල් ඊජිප්තුවේ තිබ්බ පැරණි චාරිත්‍රයක් එක්ක බැඳුණ ඒවා කියලත් විශ්වාස කරනවා. මේ චාරිත්‍රයේදි සොල්දාදුවෝ හතුරන්ගේ අත් කපලා රජ්ජුරුවන්ට දෙනවා. රජ්ජුරුවෝ උත්සවයක් තියලා මේ අත් වලකට විසික් කරනවා. ඊට පස්සේ අත කපලා ගෙනාව සොල්දාදුවාට තෑග්ගක් හැටියට රත්තරන් කෑල්ලක් දෙන්වා.
2. බිලිදුන්න ගල්ගැහුණ ළමා මමීස්ලා.
ඉන්දියාවේ තිබ්බ අමුතු චාරිත්‍රයක් තමා කැපකෝචා කියන්නේ. මේකෙදි ගමේ ලස්සනම ළමයින්ව තෝරනවා. ඒ ළමයින්ව ආන්දියන් කන්ද උඩට යවලා සීතලට ගල් වෙලා මැරෙනකන් එතන තියනවා. මේක කරේ දෙවියන්ව සතුටු කරන්න.අදටත් මේ විදිහට ගල් ගැහුණු අයිස් මමීස්ලා ගොඩක් හොයාගෙන තියනවා. මේ බිලි පූජා පැවත්වුන තැනක් ආජන්ටීනාවේ ලලෙයිලාකෝ ගිණි කන්දේත් හම්බවෙලා තියනවා.
මේ මමීලගේ කොණ්ඩේ පරීක්ෂා කරලා ඒ අයගේ ජීවිතේ ගැන අමුතු විස්තර ගොඩක් හොයාගෙන තියනවා.
0 comments:
Post a Comment