අපිට හිටපු ගමන් අමුතුම ජාතියේ ෆොටෝ හම්බෙනවනෙ. ඒවත් මේ පින්තුර හා සමානයි, එත් මේවා ලෝකෙම කලබපු පින්තුර. මේ සමහරක් තොරතුරු ලෝකේ බලවත්ම රටවල් හිටකලබල තියෙනවා. මාරයි නේ.. පහලින් කියවලම බලන්න.
1.එලීසා ලෑම් ගේ මරණය.
කැනඩාවේ ජීවත්වුන 21 හැවිරදි එලීසාගේ මල සිරුර ලොස් ඇන්ජලිස් වල සිසිල් හෝටලේදි හම්බවුනා. ඒත් එයා මැරුණේ කොහොමද කියලා කවුරුත් තාම දන්නේ නැහැ. එලීසා 2013 ජනවාරී 26 වෙනිදා තමයි හොටලේට ආවේ. පෙබරවාරි පළවෙනිදා තමා එයා අතුරුදහන් කියලා වාර්තා වුනේ. අන්තිමට එලීසාව හම්බවුනේ මාසෙකට පස්සේ හොටලේ වහලේ වතුර සිස්ටන් එකක. මරණයට හේතුව කියල කිව්වේ ජලයේ ගිලීම.එලීසාව අන්තිමට දකින්න ලැබුනේ හෝටලේ සී.සී.ටි.වි. කැමරා වල. එයා ලිෆ්ට් එකේ අමුතු විදිහට හැංගිලා හිටියා. ඊට පස්සේ ලිෆ්ට් එකේ ඔක්කොම බොත්තම් ටික කලබලෙන් ප්‍රෙස් කරා. අන්තිමට ලිෆ්ට් එකේ එලියේ හිටපු කාටහරි, මොකක් හරි දේකට හරි, එන්න කියල කතා කරා. ඊට පස්සේ එලීසාව කවුරුත් දැක්කේ නැහැ.
2.ලොක්නෙස් මොන්ස්ටර් හෙවත් “නෙසී”.
ඉන්ටර්නෙට් එකේ තියෙන ප්‍රසිද්ධම පින්තූරයක් තමා මේ. 1993 තමයි මේ පින්තුරේ ඉස්සෙල්ලම එලියට ආවේ. ඒ පත්තරේක ලියල තිබ්බ තාරාවෝ දෙන්නෙක් වතුරෙ ගහ ගන්න කතාවක් එක්ක. ඒත් පින්තූරේ හිටපු සතා තාරවෙකුට වඩා දිග බෙල්ලක් තියන ඩයිනෝසරයෙක් කියල තමා හැමෝම කිව්වේ. ඊට පස්සේ ඒ සතාට නමකුත් තිබ්බා, “නෙසී” කියලා. මේක ඇත්තක්ද බොරුවක්ද කියලා තාම කවුරුත් දන්නේ නැහැ.3. බර්මියුඩා ත්‍රිකෝණය.
ඉන්ටර්නෙට් එකේ හැමතැනම මේ බර්මියුඩා ත්‍රිකෝණයේ නැතිවෙන ප්ලේන්ස් වලයි නැව් වලයි පින්තූර තියනවා. උතුරු අත්ලාන්තික් මුහුදේ බර්මියුඩා, ෆ්ලොරිඩා හා පෝටරීකෝ අතර තියන අමුතු තැනැක් තමා මේ. ඒක ළඟට ගිය කවුරුත් දැනට ආයිමත් ඇවිල්ලා නැහැ.4. බබුශ්කා ලේඩී.
ඇමරිකාවේ ජනාධිපති ජේ.එෆ්. කෙනඩි ව වෙඩි තියල මරපු දවසේ මතුවුන අමුතු කාන්තාවක් තමා බබුශ්කා ලේඩී කියන්නේ. හැමෝම කලබලෙන් හැංගෙන්න තැන් හොයද්දි මේ අමුතු කෝට් එකකුයි හෙඩ් ස්කාර්ෆ් එකකුයි ඇඳගත්ත කාන්තාව පින්තුර ගත්තා. පොලීසියයි, එෆ්.බී.අයි. එකයි මේ කාන්තාව ගොඩක් කල් හෙව්වා. ඒත් තාම හම්බවෙලා නැහැ. 1970 බෙවලි ඔලිවර් කියන කෙනා එයා බබුශ්කා ලේඩී කියලා හැමෝටම කිව්වා. ඒත් එයාගේ කතාව තහවුරු වුනේ නැහැ.කොහොමහරි මේ කාන්තාවට මේ නම වැටුනේ රුසියාවේ එයාගේ පෙනුමට සමාන බබුශ්කා කියලා කෙනෙක් හිටපු නිසා.
5. සොල්වේ ෆර්ත් ගගනගාමියා.
1964 දී ජිම් ටෙම්පල්ටන් කම්බ්‍රියා වල එයාගේ දුවගේ පින්තූරයක් ගත්තා. එත් ඒ පින්තුරේ එලියට ආවම දුවගේ පිටිපස්සේ අමුතු කෙනෙක් හිටගෙන හිටියා. ජිම් කියන්නේ එයා පින්තුරේ ගන්න වෙලාවේ එතන වෙන කවුරුත් හිටියේ නැහැ කියල එයාට විශ්වාසයි කියලා. කොඩැක් කම්පනී එකේ පින්තූර ගැන හොඳට දන්න අයත් කිව්වේ මේ පින්තූරේ කවුරුත් වෙනස් කරලත් නැහැ කියලා.6. සයිබීරියාවේ සින්ක් හෝල්.
මෑත කාලයකදි හොයාගත්තේ අමුතු විදිහේ ආවාට තුනක් තමා මේ. සමහර අය කියන්නේ පොලොව යට ඇතිවුන ලොකු ගෑස් පිපිරිමක් නිසා මේක ඇතිවුනා කියලා. සමහර අය කියන්නේ මිසයිල වලින් ඇතිවුනා කියලා. අනික් අය කියනවා මේ මිනිස්සුන්ම හදපු බොරුවක් කියලා.මේ අමුතු තැනට නම තියල තියෙනේ “ද එන්ඩ් ඔෆ් ද වර්ල්ඩ්”, ඒ කියන්නේ ලෝකේ අවසානේ කියලා.
7. හුක් දූපතේ මුහුදු යකා.
1964 දී කැමරා ශිල්පියෙකු වෙන රොබර්ට් ලී සෙරැක් කිව්වා එයා ක්වීන්ස්ලන්ඩ් වල හුක් දූපතේ මීටර 25ක යෝධ ඉස්ගෙඩියෙක් වගේ සතෙක් දැක්කා කියලා. එයාගේ බිරිඳත් එක්ක බෝට්ටුවේ යන ගමන් මේ සතාගේ පින්තූරත් රොබර්ට් ගත්තා. ඉස්සෙල්ලම එයාලා හිතල තියෙන්නේ සතා මැරිලා කියලා. ඒත් ඊට පස්සේ එයා ලොකුවට කට ඇරලා පීනලා ගියා කියල තමයි කියන්නේ.එක එක්කෙනා මේ කතාව ගැන වෙනස් දේවල් කියනවා. සමහර අය හිතන්නේ මේක නිකන් මුහුද මැද පාවුන ප්ලාස්ටික් කෑල්ලක් කියලා.
8. ඒරියා 51.
ඒරියා 51 කියන්නේ ඇමරිකාවට අයිති අබිරහස් ගුවන් හමුදා මූලස්ථානයක්. මේක තියෙන්නේ නෙවාඩා කාන්තාරයේ. ඇමරිකාව කියන්නේ ඒගොල්ලන්ගේ අලුත්ම ප්ලෙන්ස් එහෙම රහසිගතව ටෙස්ට් කරන්නේ මෙතන කියලා. එත් සමහර අය කියනවා මෙතෙන පිටසක්වල ජීවින්ගේ පියාඹන පීරිසී තියාගෙන ඉන්න තැනක් කියලා. මේ තියෙන්නේ ඒරියා 51 වල අලුත්ම සැටලයිට් පින්තූරයක්.9. අඟහරු ලෝකේ අමුතු ලයිට්.
මේ අවුරුද්දේ මුල හරියේ නාසා වල ශටලයක් අඟහරු වල අමුතු ලයිට් පෙන්නන පින්තූරයක් ගත්තා. මේ පින්තුරේ ගත්තෙ ග්‍රහලෝකයේ අලුතෙන් හොයාගත්ත කිම්බලී කියන කොටසේ. සමහර අය විශ්වාස කරනවා මේක අඟහරු වල මිනිස්සු ඉන්නවා කියන එකට හොඳ හෝඩුවාවක් කියලා.10. එල්ලෙන කූපර් සිරුර.
කූපර් පවුල ටෙක්සස් වල ගෙදරකට1950 දී ආවා.ඒ අය රාත්‍රී කෑම ගන්න ගමන් ගත්ත මේ පින්තූරේ පිටිපස්සේ එල්ලෙන සිරුරක් තිබ්බා. පින්තූරේ ගන්න වෙලාවේ මෙහෙම දෙයක් තිබෙබේ නැහැ කියලා ඒ අයට විශ්වාසයි.කොහොම වුනත් සමහර අය කියන්නේ මේක එකම ෆිල්ම් රෝල දෙපාරක් පාවිච්චි කරපු නිසා වුන දෙයක් කියලා.
0 comments:
Post a Comment