Saturday, January 31, 2015

වතුර බොනවට වඩා වැඩියෙන් තේ බොන එක හොඳද?



වතුර බොනවට වඩා වැඩියෙන් තේ බොන එක හොඳද?


දවසකට තේ කෝප්ප තුනක් හරි ඊට වැඩි ගාණක් හරි බොන එක වතුර ලොකු ප්‍රමාණයක් බොනව වගේම හොඳයි. වතුරෙන් නොලැබෙන අමතර පෝෂණයක් තේ වලින් ලැබෙනවා කියලත් හොයාගෙන තියනවා.

තේ වලින් අපේ සිරුරට අවශ්‍යය ජලය දෙනවා වගේම හදවත් රෝග සහ කැන්සර් වලට එරෙහිව අපිව ආරක්ෂා කරනවා. තේ දළු වල තියෙන ප්‍රතිඔක්සිකාරක, ශරීරයේ සෛල වලට සිදුවන හානිය අඩු කරන්න උදව් වෙනවා. මීට අමතරව අස්ථි ශක්තිමත් කරන්නත් දත් දිරාපත් වීම අඩු කරන්නත් තේ වැදගත් වෙනවා. සමහර විද්‍යාඥයන් කියන්නේ තේ වලින් ජලය වගේම ප්‍රතිඔක්සිකාරකත් ලැබෙන නිසා තේ වතුරට වඩා අපේ නිරෝගී බවට අවශ්‍යයයි කියලා.



කොහොම වුනත් තේ වලින් සිරුරට යකඩ උරා ගැනීම අඩු කරනවා. ඒ නිසා යකඩ ඌනතා තියන අය කෑම කන වෙලාවට තේ බොන එක අඩු කරන්න ඕනේ.

ඇමරිකානු ජනපතිගේ ගමන් බිමන් ගැන අපූරු තොරතුරු 20ක් !

 
මේ වෙනකොට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඉන්දියාවේ ජනරජ දින රැළියට සහ සංචාරයකට සහභාගී වී සිටින පුවත ඔබ දන්නවා ඇති. ඇමරිකානු ජනාධිපතිවරයෙක් මෙලෙස ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙයයි. නවදිල්ලියේදී අද (26) දිනයේ පැවැත්වීමට නියමිත මේ උත්සවය සඳහා බැරක් ඔබාමා ඇතුළු පිරිස ඉන්දියාවට පැමිණ ඇත්තේ ඊයේ (25) දිනයේදී යි. ඒ වගේම ඔහු හෙට දිනයේ උදෑසන දක්වා ඉන්දියාවේ සංචාරයේ නිරත වන බවයි වාර්තා වන්නේ.
ඉතින් මේ දැක්වෙන්නේ බැරක් ඔබාමා ජනපතිගේ ඉන්දීය සංචාරය හා බැඳුනු අපූරු තොරතුරු කිහිපයක්.

ඇමරිකානු ජනපති සංචාරවල යෙදෙන සෑම අවස්ථාවකම:

#1. දහස් ගණනක් ඇමරිකානු කාර්යමණ්ඩලයක් ඔහු සමඟ සංචාරය කරනු ඇත.

උදාහරණයක හැටියට මෑතකදී සිදුවූ මැලේසියානු සංචාරයේදී 1600ක කාර්ය මණ්ඩලයක් ඔබාමා සමඟ සහභාගී වූ බවත්, අවසන් වරට ඔබාමා ඉන්දියාවට පැමිණිමේදී 3000ක ඇමරිකානු නිළධාරීන් සහභාගී වූ බවත් වාර්තා වේ. මේ නිළධාරීන් අතරට රාජ්‍ය නිළධාරීන්, මාධ්‍යවේදීන්, United States Secret Service (USSS) හි ස්නයිපර් භටයන්, තාක්ෂණික නිළධාරීන්, සහාය නිළධාරීන්, රියැදුරන් සහ ඔත්තුකරුවන් ඇතුලත්. මීට අමතරව ආරක්ෂක සුනඛයින්ද රැගෙන යන බව වාර්තා වනවා.
700_0z8emybetjixakqndjagyuylh5zpptok
ඔබාමාගේ ආරක්ෂක රථ පෙළ

#2. ඔබාමාගේ ආගමනයට සතියකට පමණ පෙර හෙලිකොප්ටර් හා මෝටර් රථ සමඟ තවත් කාර්මණ්ඩලයක් පැමිණේ.

“Beast” ලෙස හැඳින්වෙන ඔබාමාගේ නිල රථයට අමතරව තවත් Cadillac රථයක් සමඟ ජනපති ආරක්ෂක අංශයේ රථවාහන ද සතියකට පමණ පෙර අදාල ස්ථාන වෙත රැගෙන එනු ලබයි.
ඔබාමාගේ නිල රථය ප්‍රවාහණය කරන ආකාරය

#3. දින පහකට පමණ පෙර ආරක්ෂක අංශ විසින් සිය කාර්යභාරය ආරම්භ කරයි:

ඔබාමා ගැවසෙන පෙදෙස් සම්පූර්ණ පරීක්ෂාවකට පත්කර ඒවා පිළිබඳ විශේෂ වාර්ථාවක් පිළියෙල කරයි. විකිණිමට තබා ඇති අවි ආයුධ පවා පරීක්ෂාවට ලක්කර ආරක්ෂාවට තර්ජනයක් විය හැකි දේ සහ සැකකටයුතු දේ පිළිබඳව සොයාබලයි. රථ පෙළපාලිය ගමන්ගන්නා ප්‍රධාන ගමන්මාර්ගයට අමතරව තවත් ගමන්මාර්ග කිහිපයක්ම සූදානම් කරතබාගනියි. ඒ සෑම ගමන් මාර්ගයක් අවටම විශේෂ ස්නයිපර් භට කණ්ඩායම් රඳවා තබයි.
ඇමරිකානු රහස් ඔත්තු සේවයේ නිළධාරීන්

#4. ජනපති ආරක්ෂක අංශ සිය මූලස්ථානය ලෙස ආරක්ෂිත හෝටලයක් වෙන්කරගනියි.

ජනපති ආරක්ෂක මූලස්ථානය සහ ජනපති නවාතැන්ගන්නා හෝටලය ලෙස තෝරාගෙන ඇත්තේ නව දිල්ලියේ ITC Maurya සුපිරි හෝටලයයි. මීට පෙර ඔබාමාගේ ඉන්දීය සංචාරයේදීත් ඔහු ඇතුළු පිරිස නවාතැන්ගෙන ඇත්තේ එම හෝටලයේමයි. වාර්තාවන ආකාරයට මේ හෝටලයේ ඔබාමාගේ කාමරය සඳහා පමණක් ගාස්තුව ඉන්දීය රුපියල් ලක්ෂ 75කි.
ඔබාමා මෙවර නවාතැන් ගන්නා ITC Maurya හෝටලය

#5. ජනපති ආරක්ෂක අංශ විසින් ජනපති සිටින පෙදෙසට ආසන්න පෙදෙස හඳුන්වන්නේ “Kill Zone” ලෙසයි.

මෙම සීමාවට ඇතුල්වීමට උත්සාහ දරණ ඕනෑම කෙනෙකුට හෝ ඒ පෙදෙස් අනවසරයෙන් රැඳී සිටින ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තැබීම සඳහා ඇමරිකානු රහස් සේවයේ (USSS) අයට අවසරය හිමිවේ.

“Game Day” ලෙස හැඳින්වෙන්නේ ජනපති සහභාගීවන උත්සවය හෝ සමුළුව පැවැත්වෙන දිනයයි. ඒ දිනයේදී ක්‍රියාපිළිවෙල තරමක් වෙනස්:

#6. මෙවර ඉන්දීය ජනරජ දින රැළිය මෑත කාලීන ඇමරිකානු ජනපතිවරයෙක් මිනිත්තු 45කට වැඩි කාලයක් එළිමහනේ විවෘත රැළියකට සහභාගී වන ප්‍රථම අවස්ථාවයි.

මෙවර ජනරජ දිනයේදී ජනපති ඔබාමා පැය 2කකට අධික එළිමහන් රැළියකට සහභාගී වීමට නියමිත අතර ඒ කාලය ජනපති ආරක්ෂක අංශ නිළධාරීන් හට වැඩි අවධානයකින් සිටීමට සිදුවේ.
ඇමරිකානු ජනපති වැඩි වේලාවක් එළිමහනේ සිටින අවස්ථාව ලෙස ජනපති ලෙස ජාතිය අමතන ප්‍රථම අවස්ථාව හැඳින්වේ.

#7. ඔබාමාගේ Cadillac One රථය හැරුණුකොට වෙනත් රථයක ඔබාමා ගමන්ගන්නා ප්‍රථම අවස්ථාවත් මෙය විය හැකියි.

ඉන්දීය ජනරජ දිනයේ සම්ප්‍රදාය අනුව ආරාධිත අමුත්තා රාජ්පත් සිට රාෂ්ඨපති භවන් දක්වා ගමන්ගන්නේ ඉන්දීය ජනපති සමඟයි. නමුත් ඔබාමාගේ Cadillac One රථය හඳුන්වා දීමත් සමඟ මේ වනතෙක් ඔහු වෙනත් කිසිදු වාහනයක ගමන්ගෙන නැහැ. කෙසේ නමුත් ඉන්දීය ආරක්ෂක නිළධාරීන් පවසන්නේ ඉන්දීය ජනරජ දිනයේ සම්ප්‍රදාය වෙනස් කළ නොහැකි බවයි. එ බැවින් බොහෝවිට ඔබාමා, නරේන්ද්‍ර මෝඩි සමඟ මෝඩිගේ රථයේ ගමන්කරනු ඇති නමුත් ඔබාමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු මතු වුවහොත් ඔබාමාගේ Cadillac One (The Beast) මෝටර් රථයත් මෙවර රථ පෙළපාලියට එකතු වනු ඇත.

මීටඅමතරව ඉන්දීය රජයත් ජනපති ඔබාමාගේ ආරක්ෂාව උදෙසා විශේෂ පියවර අනුගමනය කර ඇත.

#8. ඔබාමාගේ සංචාරය අතරතුර ආරක්ෂාව සඳහා දිල්ලි නගරයේ 15000කට අධික ආරක්ෂක කැමරා සවිකර ඇත.

#9. රැලියට දින 3කට පෙර සිට රාජ්පත් හි සියළුම දුම්රිය ස්ථාන, රාජ්‍ය ආයතන සහ මාර්ග වසා ඇත.

#10. ජනරජ දිනයේ රැළිය පැවැත්වෙන ස්ථානයේ සිට කිලෝමීටර් 450ක ප්‍ර දේශයක අහස ගුවන්යානා හෝ වෙනත් පියාසර යානා ගමන් කිරීම තහනම් කර ඇත.


#11. ඇමරිකානු ජනපති ගමන්ගන්නා යානය හැඳින්වෙන්නේ Air Force One ලෙසයි.

මෙවර ඉන්දීය ගමනේදී ඔබාමා ගමන් ගන්නා යානය Air Indian One නමින් හැඳින්වෙන අතර එම යානයත් Air Force One මෙන්ම තාක්ෂණයෙන්, පහසුකම් වලින් හා ආරක්ෂාවෙන්ද උසස් බවයි පැවසෙන්නේ.

#12. ජනපති හා පිරිස ප්‍රවාහනයට ජෙට් යානා එකක් නොව දෙකක් යොදාගන්නා අතර අනෙක් යානය අමතර යානයක් ලෙසයි රැගෙන යන්නේ.


#13. ඇමරිකානු ජනපතිගේ නිළ කාමරය වන Oval Office කාමරය මෙන්ම Air Force One ගුවන් යානයේ අභ්‍යන්තරය නිමවා ඇත.


#14. එම යානයට මිසයිල මඟහැර ගමන් කල හැක.


#15. 2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකානු ප්‍රධාන පෙලේ ආරක්ෂක ස්ථාන වලට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ ජනපතිගේ ආරක්ෂක ස්ථානය වූයේත් Air Force One යානයයි.


ගුවන් ගමනට වඩා සැපපහසු ආරක්ෂිත ආකාරයටයි ඔබාමාගේ නිල රථය Cadillac One නිපදවා ඇත්තේ.

#16. Cadillac Limo මෝටර් රථයක පෙනුම තිබුනත් මේ රථයේ එංජිම ට්‍රක් රථ එංජිමක්.

මේ දැක්වෙන්නේ එවැනි එංජිමක් සහිත කැඩිලැක් රථයක්

#17. නිල රථයේ දොරක බර = බොයිං 757 යානයක දොරක බර

අඟල් 8ක් ඝණකම ඇති මෝටර් රථයේ වීදුරු අඟල් 5ක් පමණ ඝණකමකින් යුක්තයි.

#18. මේ කාරය මිසයිල ප්‍රහාරයකට වුවත් පහසුවෙන් ඔරොත්තු දෙයි.


#19. අංශක 180ක කෝණයකින් මෝටර් රථය හැරවිය හැකි අතර ජනපති ඔබාමාට න්‍යශ්ඨික ප්‍රහාරයක් පවා සිය මෝටර් රථයේ සිට මෙහෙයවිය හැක.

#20. ඇමරිකානු ජනපතිගේ ඉන්දීය ගමනේ වැඩකටයුතු සඳහා දිනකට ඩොලර් මිලියන ගණනක් වැයවේ.

ඉන්දීය පුවත් වාර්ථා කරන අයුරින් ඔබාමාගේ ඉන්දීය සංචාරයේ කටයුතු සඳහා දිනකට ඩොලර් මිලියන 200කට අධික මුදලක් වැයවේ. (රුපියල් කෝටි 2644කට ආසන්න මුදලක්)

වොෂින්ටනයේ DJI ඩ්‍රෝන් යානා යැවීම තහනම්


drone-crashed-at-white-house-secret-service

DJI Phantom කියන්නේ drone යානා සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් සාමාන්‍ය ජනතාව අතරට ගෙන යාමට සමත් වූ නිර්මාණයක්. ඒත් මේ විදියට හැම කෙනෙක්ම වගේ drone යානා අහසේ පියාසැරවීමට පටන් ගැනීමත් එක්ක DJI සමාගමට සහ භාවිත කරන්නන්ට නොයෙකුත් නීතිමය ගැටළු වලට මුහුණ දීමට සිදු වුනු අවස්ථාත් සුලබයි. හැබැයි පසුගිය දවසක ඇමරිකාවේ ධවල මන්දිරය අසලට කඩා වැටුණු DJI Phantom යානය නිසා නම් DJI ආයතනයට ලොකු ප්‍රශ්ණවලට මුහුණු දෙන්න සිදුවුනා. ඒ අනුව මින් පසු වොෂින්ටනයේ ධවල මන්ධිරයේ සිට සැතපුම් 15.5 ක දුරක් යන තෙක් drone යානා පියාසැරවීම තහනම්. ඒ වගේම ඒ ප්‍රදේශයට පියාසැරීමට නොහැකි වන පරිදි DJI Phantom 2 යානයේ මෙහෙයුම් මෘදුකාංගය සඳහා අනිවාර්ය යාවත්කාලීනයක් (update) නිකුත් කිරීමටත්  DJI සමාගම කටයුතු කලා. ඒ කියන්නේ කෙනෙක්ට අවශ්‍ය වුනත් ඔන්න දැන් ධවල මන්දිරය පැත්තට drone යානා යවන්න බැහැ. ඉතින් අපි මෙහේ ඉඳන් ඔච්චර දුරක් drone එකක් යවනවද කියලා ඔයාලට හිතෙන්න ඇති නේද? ඒක ඇත්ත, ඒත් මේ ආරංචිය කිව්වේ දවසින් දවස අහසේ පියාසර කරන drone යානා ගණන දහස් ගණනින් වැඩි වෙද්දී ඒවාට නීති රීති පද්ධතියක් නිකුත් වෙන කාලය වැඩි ඈතක නෙවෙයි කියන්නයි. ඒ වගේම drone යානා යවන්නත් බලපත්‍රයක් ගන්න වෙන දිනය වැඩි ඈතක නෙවෙයි

Monday, January 26, 2015

ලෝකයම සැකයෙන් හා කුතුහලයෙන් පුරවපු අන්තර්ජාලයයේ පින්තූර


අපිට හිටපු ගමන් අමුතුම ජාතියේ ෆොටෝ හම්බෙනවනෙ. ඒවත් මේ පින්තුර හා සමානයි, එත් මේවා ලෝකෙම කලබපු පින්තුර. මේ සමහරක් තොරතුරු ලෝකේ බලවත්ම රටවල් හිටකලබල තියෙනවා. මාරයි නේ.. පහලින් කියවලම බලන්න.


1.එලීසා ලෑම් ගේ මරණය.

කැනඩාවේ ජීවත්වුන 21 හැවිරදි එලීසාගේ මල සිරුර ලොස් ඇන්ජලිස් වල සිසිල් හෝටලේදි හම්බවුනා. ඒත් එයා මැරුණේ කොහොමද කියලා කවුරුත් තාම දන්නේ නැහැ. එලීසා 2013 ජනවාරී 26 වෙනිදා තමයි හොටලේට ආවේ. පෙබරවාරි පළවෙනිදා තමා එයා අතුරුදහන් කියලා වාර්තා වුනේ. අන්තිමට එලීසාව හම්බවුනේ මාසෙකට පස්සේ හොටලේ වහලේ වතුර සිස්ටන් එකක. මරණයට හේතුව කියල කිව්වේ ජලයේ ගිලීම.

එලීසාව අන්තිමට දකින්න ලැබුනේ හෝටලේ සී.සී.ටි.වි. කැමරා වල. එයා ලිෆ්ට් එකේ අමුතු විදිහට හැංගිලා හිටියා. ඊට පස්සේ ලිෆ්ට් එකේ ඔක්කොම බොත්තම් ටික කලබලෙන් ප්‍රෙස් කරා. අන්තිමට ලිෆ්ට් එකේ එලියේ හිටපු කාටහරි, මොකක් හරි දේකට හරි, එන්න කියල කතා කරා. ඊට පස්සේ එලීසාව කවුරුත් දැක්කේ නැහැ.


2.ලොක්නෙස් මොන්ස්ටර් හෙවත් “නෙසී”.

ඉන්ටර්නෙට් එකේ තියෙන ප්‍රසිද්ධම පින්තූරයක් තමා මේ. 1993 තමයි මේ පින්තුරේ ඉස්සෙල්ලම එලියට ආවේ. ඒ පත්තරේක ලියල තිබ්බ තාරාවෝ දෙන්නෙක් වතුරෙ ගහ ගන්න කතාවක් එක්ක. ඒත් පින්තූරේ හිටපු සතා තාරවෙකුට වඩා දිග බෙල්ලක් තියන ඩයිනෝසරයෙක් කියල තමා හැමෝම කිව්වේ. ඊට පස්සේ ඒ සතාට නමකුත් තිබ්බා, “නෙසී” කියලා. මේක ඇත්තක්ද බොරුවක්ද කියලා තාම කවුරුත් දන්නේ නැහැ.
944438-f66d5832-662e-11e4-8235-0001a6f26b34

3. බර්මියුඩා ත්‍රිකෝණය.

ඉන්ටර්නෙට් එකේ හැමතැනම මේ බර්මියුඩා ත්‍රිකෝණයේ නැතිවෙන ප්ලේන්ස් වලයි නැව් වලයි පින්තූර තියනවා. උතුරු අත්ලාන්තික් මුහුදේ බර්මියුඩා, ෆ්ලොරිඩා හා පෝටරීකෝ අතර තියන අමුතු තැනැක් තමා මේ. ඒක ළඟට ගිය කවුරුත් දැනට ආයිමත් ඇවිල්ලා නැහැ.
944992-a6a02908-662c-11e4-8235-0001a6f26b34

4. බබුශ්කා ලේඩී.

ඇමරිකාවේ ජනාධිපති ජේ.එෆ්. කෙනඩි ව වෙඩි තියල මරපු දවසේ මතුවුන අමුතු කාන්තාවක් තමා බබුශ්කා ලේඩී කියන්නේ. හැමෝම කලබලෙන් හැංගෙන්න තැන් හොයද්දි මේ අමුතු කෝට් එකකුයි හෙඩ් ස්කාර්ෆ් එකකුයි ඇඳගත්ත කාන්තාව පින්තුර ගත්තා. පොලීසියයි, එෆ්.බී.අයි. එකයි මේ කාන්තාව ගොඩක් කල් හෙව්වා. ඒත් තාම හම්බවෙලා නැහැ. 1970 බෙවලි ඔලිවර් කියන කෙනා එයා බබුශ්කා ලේඩී කියලා හැමෝටම කිව්වා. ඒත් එයාගේ කතාව තහවුරු වුනේ නැහැ.

කොහොමහරි මේ කාන්තාවට මේ නම වැටුනේ රුසියාවේ එයාගේ පෙනුමට සමාන බබුශ්කා කියලා කෙනෙක් හිටපු නිසා.
693158-34bf0d68-6550-11e4-9c0d-89afc213d2de

5. සොල්වේ ෆර්ත් ගගනගාමියා.

1964 දී ජිම් ටෙම්පල්ටන් කම්බ්‍රියා වල එයාගේ දුවගේ පින්තූරයක් ගත්තා. එත් ඒ පින්තුරේ එලියට ආවම දුවගේ පිටිපස්සේ අමුතු කෙනෙක් හිටගෙන හිටියා. ජිම් කියන්නේ එයා පින්තුරේ ගන්න වෙලාවේ එතන වෙන කවුරුත් හිටියේ නැහැ කියල එයාට විශ්වාසයි කියලා. කොඩැක් කම්පනී එකේ පින්තූර ගැන හොඳට දන්න අයත් කිව්වේ මේ පින්තූරේ කවුරුත් වෙනස් කරලත් නැහැ කියලා.
694087-af2e28a4-656e-11e4-9c0d-89afc213d2de

6. සයිබීරියාවේ සින්ක් හෝල්.

මෑත කාලයකදි හොයාගත්තේ අමුතු විදිහේ ආවාට තුනක් තමා මේ. සමහර අය කියන්නේ පොලොව යට ඇතිවුන ලොකු ගෑස් පිපිරිමක් නිසා මේක ඇතිවුනා කියලා. සමහර අය කියන්නේ මිසයිල වලින් ඇතිවුනා කියලා. අනික් අය කියනවා මේ මිනිස්සුන්ම හදපු බොරුවක් කියලා.

මේ අමුතු තැනට නම තියල තියෙනේ “ද එන්ඩ් ඔෆ් ද වර්ල්ඩ්”, ඒ කියන්නේ ලෝකේ අවසානේ කියලා.
955043-0c6fa41a-662e-11e4-8235-0001a6f26b34

7. හුක් දූපතේ මුහුදු ‍යකා.

1964 දී කැමරා ශිල්පියෙකු වෙන රොබර්ට් ලී සෙරැක් කිව්වා එයා ක්වීන්ස්ලන්ඩ් වල හුක් දූපතේ මීටර 25ක යෝධ ඉස්ගෙඩියෙක් වගේ සතෙක් දැක්කා කියලා. එයාගේ බිරිඳත් එක්ක බෝට්ටුවේ යන ගමන් මේ සතාගේ පින්තූරත් රොබර්ට් ගත්තා. ඉස්සෙල්ලම එයාලා හිතල තියෙන්නේ සතා මැරිලා කියලා. ඒත් ඊට පස්සේ එයා ලොකුවට කට ඇරලා පීනලා ගියා කියල තමයි කියන්නේ.

එක එක්කෙනා මේ කතාව ගැන වෙනස් දේවල් කියනවා. සමහර අය හිතන්නේ මේක නිකන් මුහුද මැද පාවුන ප්ලාස්ටික් කෑල්ලක් කියලා.
693212-13d9ab8c-6571-11e4-9c0d-89afc213d2de

8. ඒරියා 51.

ඒරියා 51 කියන්නේ ඇමරිකාවට අයිති අබිරහස් ගුවන් හමුදා මූලස්ථානයක්. මේක තියෙන්නේ නෙවාඩා කාන්තාරයේ. ඇමරිකාව කියන්නේ ඒගොල්ලන්ගේ අලුත්ම ප්ලෙන්ස් එහෙම රහසිගතව ටෙස්ට් කරන්නේ මෙතන කියලා. එත් සමහර අය කියනවා මෙතෙන පිටසක්වල ජීවින්ගේ පියාඹන පීරිසී තියාගෙන ඉන්න තැනක් කියලා. මේ තියෙන්නේ ඒරියා 51 වල අලුත්ම සැටලයිට් පින්තූරයක්.
969976-5ba0bed2-6630-11e4-8235-0001a6f26b34

9. අඟහරු ලෝකේ අමුතු ලයිට්.

මේ අවුරුද්දේ මුල හරියේ නාසා වල ශටලයක් අඟහරු වල අමුතු ලයිට් පෙන්නන පින්තූරයක් ගත්තා. මේ පින්තුරේ ගත්තෙ ග්‍රහලෝකයේ අලුතෙන් හොයාගත්ත කිම්බලී කියන කොටසේ. සමහර අය විශ්වාස කරනවා මේක අඟහරු වල මිනිස්සු ඉන්නවා කියන එකට හොඳ හෝඩුවාවක් කියලා.
991872-8baaebb4-6632-11e4-8235-0001a6f26b34

10. එල්ලෙන කූපර් සිරුර.

කූපර් පවුල ටෙක්සස් වල ගෙදරකට1950 දී ආවා.ඒ අය රාත්‍රී කෑම ගන්න ගමන් ගත්ත මේ පින්තූරේ පිටිපස්සේ එල්ලෙන සිරුරක් තිබ්බා. පින්තූරේ ගන්න වෙලාවේ මෙහෙම දෙයක් තිබෙබේ නැහැ කියලා ඒ අයට විශ්වාසයි.
කොහොම වුනත් සමහර අය කියන්නේ මේක එකම ෆිල්ම් රෝල දෙපාරක් පාවිච්චි කරපු නිසා වුන දෙයක් කියලා.
698675-a78a6ebe-656e-11e4-9c0d-89afc213d2de

Sunday, January 25, 2015

ලෝකේ තරුණම ධනවත් පුද්ගලයින්


අද ලිපියෙන් කියවෙන්නේ ලෝකේ ධනවත්ම පුද්ගලයින් ගැන. හැබැයි වයසක කට්ටිය ගැනනම් නෙමේ මේ ඉන්නේ ලෝකේ Genuine කොල්ලෝ ටිකක්. කියවලම බලන්න.

10. අරාශ් ෆර්ඩෝසි


වයස – 29
ශුද්ධ වටිනාකම – ඩොලර් මිලියන 400

මොහු ඩෲ හූස්ටන් එක්ක එකතු වෙලා ඩ්‍රොප් බොක්ස් කියන කොම්පියුටර් වැඩසටහන හැදුවා. ඇමරිකාවේ උසස්ම විශ්ව විද්‍යාලයක් වන මැසචුසෙට්ස් තාක්ෂණික විද්‍යාලයේ තමා මොහු ඉගෙනගත්තේ. ඒත් උපාධිය ඉවරකරන්න කලින් ඔහු විශ්ව විද්‍යාලයට යන එක නවත්තලා ඩ්‍රොප් බොක්ස් එක නිර්මාණය කරන්න පටන්ගත්තා. දැනට ලෝකේ වටේ මේ වැඩසටහන මිලියන 45කට වැඩි මිනිස්සු ප්‍රමාණයක් පාවිච්චි කරනවා.

9. ඩෲ හූස්ටන්.


වයස – 31
ශුද්ධ වටිනාකම – ඩොලර් මිලියන 600

මෙයත් ඉගෙනගත්තේ මැසචුසෙට්ස් තාක්ෂණික විද්‍යාලයේ. මොහුට නිතරම එයාගේ ෆ්ලෑශ් ඩ්‍රයිව් එක ගෙනියන්න අමතක වෙන එකෙන් තමා ඔහු ඩ්‍රොප් බොක්ස් එකට අදහස ආවේ. 2007දී ඔහු ඩ්‍රොප් බොක්ස් එක හොයාගෙන අරාශ් ෆර්ඩෝසි එක්ක ඒ වැඩසටහන දියුණු කලා.

8. කෙවින් සිස්ට්‍රොම්.


වයස – 31
ශුද්ධ වටිනාකම – ඩොලර් මිලියන 470

ඉන්ස්ටග්‍රෑම් වල එක නිර්මාතෘවරයෙක් වන මොහු ඉගෙනගත්තේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ. ඔහු ඊට් පස්සේ ගූගල් වල වැඩ කරන්න පටන්ගත්තා.
ගූග්ල් සමාගමේ ගොඩක් ඉහල තත්වයට පත් වුනාට පස්සේ මොහු මිශෙල් ක්‍රීගර් එක්ක එකතු වෙලා 2010දී ඉන්ස්ටග්‍රෑම් හොයාගත්තා.

7. ඇඩම් ඩී ඇන්ජෙලෝ.


වයස – 31
ශුද්ධ වටිනාකම – ඩොලර් මිලියන 680

කැලෆෝනියා තාක්ෂණික විද්‍යාලයෙන් කොම්පියුටර් විද්‍යාවෙන් උපාධියක් ගත්ත මොහු ඉස්සලම වැඩ කලේ ෆේස්බුක් වල. ෆේස්බුක් සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා හැටියට පත් වුන මොහු පසුව කෝරා කියන ප්‍රශ්න උත්තර වෙබ් අඩවිය හොයාගත්තා.

6. ක්‍රිස් හියුස්


වයස – 32
ශුද්ධ වටිනාකම – ඩොලර් මිලියන 935

ෆේස්බුක් හොයාගැනීමට මුල් වුන පුද්ගලයන් හතරදෙනාගෙන් එක්කෙ වනෙක් තමා මොහු. හාර්වඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනගත්ත මොහු ෆේස්බුක් සමාගමෙන් ඉවත් වුනාට පස්සේ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ පළමු ජනාධිපතිවරණයේ අන්තර්ජාල ව්‍යාපාරය බාරව හිටියා. දැන් මොහු නිව් රිපබ්ලික් කියන සඟරාවේ සංස්කාරක කර්තෘ හැටියට වැඩ කරනවා.

5. ඇල්බර්ට් වොන් තර්න්.


වයස – 33
ශුද්ධ වටිනාකම – ඩොලර් බිලියන 1.5

ජර්මානු රාජකීය පවුලකින් එන මොහු රොමයේ තමා ඉගෙනගත්තේ. ඊට් පස්සේ හමුදාවේ සේවය කරලා එඩින්බර්ග් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබාගත්තා. ඔහු විනෝදයට වාහන රේස් වලට සහභාගි වෙනවා.

4. එඩුආර්ඩෝ සැවරින්


වයස – 34
ශුද්ධ වටිනාකම – ඩොලර් බිලියන 2.2

ෆේස්බුක් සොයාගැනීමට මුල් වුන තවත් කෙනෙක් තමා මොහු. බ්‍රසීල ජාතිකයෙක් වෙන මොහු හාර්වඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. ෆේස්බුක් වල ඔහුගේ කොටස වෙනුවෙන් අනෙක් තුන්දෙනා එක්ක සටන් කරලා අන්තිමට සමාගමෙන් 5% කොටසක් ලැබුනා.

3. ස්කොට් ඩන්කන්.


වයස – 34
ශුද්ධ වටිනාකම – ඩොලර් බිලියන 5.1

මොහුට ධන්වත් වුනේ ඔහුගේ පියාගේ මරණයෙන් පස්සේ ඔහුට උරුම වුන සල්ලි වලින්.

2. ඩස්කින් මොස්කොවිට්ස්.


වයස – 32
ශුද්ධ වටිනාකම – ඩොලර් බිලියන 3.5

හාර්වඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මොහු ෆේස්බුක් සමාගමේ තවත් නිර්මාතෘවරයෙක්. ඔහු ෆේස්බුක් වල පළමු ප්‍රධාන තාක්ෂණික නිලධාරියා වශයෙන් කටයුතු කලා. 2008දී ඔහු ෆේස්බුක් වලින් ඉවත්වෙලා අසානා කියන මොබයිල් ඇප් එක හොයාගත්තා.

1. මාක් සකර්බර්ග්.


වයස – 32
ශුද්ධ වටිනාකම – ඩොලර් බිලියන 13.3

ෆේස්බුක් වල ප්‍රධාන නිර්මාතෘවරයා වගේම වර්තමාන ප්‍රධාන විධායක නිලධාරිය හැටියට කටයුතු කරන්නේ මොහු. හාර්වඩ් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගන්න පෙර මොහු අස්වුනා. ඒත් අධ්‍යාපනය ගොඩක් අගය කරන පුද්ගලයෙක් වෙන මාක් ඇමරිකාවේ දුප්පත් ළමයි වෙනුවෙන් අධ්‍යාපනික වැඩසටහන් විශාල ප්‍රමාණයක්ට උදව් කරනවා.

නිතරම කන ආහාර ගැන දැනගන්නට යමක්

නිරෝගීකම උතුම් ම ලාභය බව කොයි කවුරුත් දන්නා කාරණයකි. නීරොගීව ජීවත්වීම සඳහා පෝෂ්‍යදායි ආහාර මෙන්ම නිතර ව්‍යායාම් වල යෙදීමද වැදගත්. එමෙන්ම නිතරම ජලය පානය කිරීම ද වැදගත්. දැන් අපි නිතර ආහාරයට ගන්න එළවළු හා පලතුරු කිහිපයක ඇති වෙදගත්කම පිළිබඳව සලකා බලමු.

තක්කාලි


තක්කාලි යනු රත් පැහැති එළවළුවක් බව කවුරුත් දන්නා කාරණයකි. තක්කාලි පිළිබඳව සැලකුවිට එය අපගේ සෞඛ්‍යයට හිතකර ආහාරයකි . එය ප්‍රධාන ලෙස අපගේ හෘදය වස්තුවට බලපායි. සාමාන්‍ය හරස් කැපුමකදී තක්කාලි ගෙඩිය අපගේ හෘදය වස්තුව තුල ඇති රත් පැහැ කුටි හතර නිරූපණය කරන බවට උපමා කල හැක. හෘදය වස්තුවේ මනා ක්‍රියාකාරිත්වය සඳහා දායක වේ. මෙහි බහුලව අඩංගු lycopene හා ප්‍රතිඔක්සිකාරක රුධිරයේ මේධ පාලනයට උපකාර වී හෘදයාබාධ ඇති වීමේ අවධානම අඩු කරයි.

අලිගැට පේර


මෑත කාලයේ ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය අලිගැට පේර ඉතාමත් පෝෂ්‍යදායි පලතුරකි. රුධිරයේ අන්තර්ගත අහිතකර කොලෙස්ටෙරෝල් (LDL) මට්ටම අඩු කිරීම මෙන්ම මොලයේ ක්‍රියාකාරිත්වයට යහපත් බලපෑම් ඇති කරයි. අලිගැට පේර මගින් ඉතා ප්‍රබල බලපෑමක් ඇති කරනු ලබන්නේ අපගේ ආහාර ජීර්ණ පද්ධතියටයි. මෙම කෙඳි සහිත ආහාරය බඩවැල් තුළදී පෝෂණ කොටස් උරා ගැනීම වැඩි කරයි. තවද මෙම පලතුර මගින් රුධිරයේ සීනි මට්ටම ද පාලනය කරයි.

කැරට්


කැරට් අලයක් ගෙන පෙත්තක් කපාගන්න. මොකක් වගේද පෙන්නේ ? ඔබට ඒ දෙස සුළු මොහොතක් බලා සිටිනවිට පෙනෙයි අපේ ඇසෙ මතුපිට පෙනුමට සමාන රූපයක්. ඇසෙහි කළු ඉන්ගිරියාවට සමාන ප්‍රදේශයක් දැකගත හැකි වෙයි. අපේ සීයල ආච්චිලා කියනවා කැරට් කෑවම හොඳට ඇස පේනවා කියල. එකට හේතුව තමයි කැරට් වල විටමින් A බහුලව අන්තර්ගත වීම. මෙමගින් ඇසේ යහපත් සෞඛ්‍ය පවත්වා ගැනීම මෙන්ම ඇසේ සුද ඇති වීම ද අඩු කරයි.

බතල


බතල කියු සැනින් මතක් වෙන්නේ පැණි රස අලයක් නේද ? ඔබට හිතෙන්නේ එය දියවැඩියා රෝගියකුට නුසුදුසු ආහාරයක් ලෙසටයි. නමුත් සත්‍ය කතාව වන්නේ එයට හාත්පසින්ම වෙනස් දෙයකි. ඇත්ත වශයෙන්ම බතල යනු රුධිරයේ සීනි මට්ටම අඩු කිරිමට දායක වන ආහාරයකි. බතල මගින් අග්න්‍යාශයේ සෛල උද්දීපනය කර ඉන්සුලින් හෝර්මෝනය නිෂ්පාදනය කිරිමෙන් රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි.

Saturday, January 24, 2015

ලෝකෙ අමුතුම විදියට නිර්මාණය වුන Hotels 5ක්

1. බලු හෝටලේ.

ඇමරිකාවේ අයිඩහෝ වල තියන හෝටෙල් එකක් බල්ලෙක් වගේ හදල තියෙන්නේ. මිනිස්සු දෙන්නෙක් කියතක් පාවිච්චි කරලා මේ හෝටෙල් එක හදල තියෙන්නේ.
04.Dog_Park_Bark_Inn

2. ඩැස් පාක් හෝටෙල්.

ඕස්ට්‍රියාවේ ලින්ස් නගරේ ඩැස් පාක් හෝටෙල් එක පරන කොන්ක්‍රීට් පයිප් වලින් හදලා තියෙන්නේ.
3200630_a8d50e788a_m

3. අයිස් හෝටෙල්.

මේ හෝටෙල් එක ආක්ටික් පැත්තේ තියෙන්නේ. ඒකේ සම්පූර්නයෙන්ම අයිස් වලින් හදල. රස්නේ කාලෙට හෝටෙල් එක දියවෙනවා. එතකොට අලුත් ඩිසයින් එකක් පාවිච්චි කරලා ආය හදනවා.
IceHotel

4. ක්‍රේන් හෝටෙල්.

නෙදර්ලන්ඩ්ස් වල ක්‍රේන් හෝටෙල් එක හදල තියෙන්නේ ක්‍රේන් එකක් අස්සේ.
cranehotel_b1

5. ජූල්ස් වර්න් ලොජ්.

ඇමරිකාවේ ජූල්ස් වර්න් ලොජ් එක තියෙන්නේ අඩි 21ක් මුහුද යට. කාමර හදල තියෙන්නේ වීදුරු වලින්. මුහුද කාමරේට පේනවා.
Jules-Undersea-Lodge-Key-Largo[1]

මොකද හිතන්නේ?

 

Copyright @ 2015 Goss!p Sinhalen | ගොසිප් සිංහලෙන්.