Sunday, May 31, 2015

Red Bull වල ගව ශුක්‍රාණු තිබෙනවාද ?



මෑතකදී ශක්ති ජනක පාන වර්ග එහෙමත් නැත්නම් Energy drinks ගැන විවිධ මත ගැටුම් ඇති වුණා.
ඒ අතරින් ආන්දෝලානාත්මක කතාවක් තමයි Red Bull වල ගවයින්ගේ ශුක්‍රාණු තිබෙනවාද කියන කතාව. අන්තර්ජාලය පුරා මේ ගැන විවිධ අදහස් පල වුණා.

ශක්ති ජනක පාන වල ගවයින්ගේ මුත්‍රා අඩංගු වන බවටත් මතයක් පැතිරුනා.
මේ ගැන පරීක්ෂණ සිදු වන මට්ටමට මෙය ගැටළුවක් වුණා. ඉතින් මෙහි ඇති සත්‍ය අසත්‍ය භාවය ගැනයි මේ විමසුම.
ශක්ති ජනක පාන වල අඩංගු වන ටෝරීන් කියන අධි ශක්ති ප්‍රෝටීන් වර්ගය සහ Red Bull වල නම නිසාත් මේ කතාව වැඩි වශයෙන් මිනිසුන් පිළිගන්නට හේතුවක් වුණා.

ටෝරීන් (Taurine) කියන ප්‍රෝටීනය මුලින්ම සොයාගත්තේ ගවයින්ගේ මුත්‍රා වලින් සහ ශුක්‍ර තරලයෙන්. Taurine කියන වචනයේ තේරුම ග්‍රීක් භාෂාවෙන් ගව මුත්‍රා යන්නයි. මේ හේතුව නිසාම බොහෝ දෙනා වැරදි මතයකට කොටු වුණා.
නමුත් Taurine බොහෝ සතුන්ගේ ස්මෙන්ම මිනිසුන්ගේ ශරීරය තුලත් තිබෙනවා. මව් කිරි වලත් Taurine කියන ප්‍රෝටීනය අඩංගු වනවා.

මෙය කෘත්‍රිමව නිෂ්පාදනය කරන්නටත් පුළුවනි. ඇත්තටම ශක්ති ජනක පාන වර්ග වල ඇත්තේ මෙලෙස කෘත්‍රිමව නිර්මාණය කරන ලද ටෝරීන් මිස ගවයින්ගේ මුත්‍රා වලින් හෝ ශුක්‍ර තරලයෙන් ලබාගන්නා දෙයක් නොවෙයි. මේ අනුව ඇත්තටම ශක්ති ජනක පාන වල ගවයින්ගේ ශුක්‍රාණු අඩංගු වන බවට ඇති කතාව බොරුවක්. නමුත් ශක්ති ජනක පාන බොන එක පුරුද්දක් කරගන්න එපා කියලා මිට පෙර ලිපියකින් අපි ඔබට කිව්වා.

Sophia Burgess

අලුත්වන ලෝකයේ සිංහල අපේ තාක්ෂණික බ්ලොග් අඩවිය සමග එක්වන්න

0 comments:

Post a Comment

 

Copyright @ 2015 Goss!p Sinhalen | ගොසිප් සිංහලෙන්.