Sunday, May 31, 2015

Red Bull වල ගව ශුක්‍රාණු තිබෙනවාද ?



මෑතකදී ශක්ති ජනක පාන වර්ග එහෙමත් නැත්නම් Energy drinks ගැන විවිධ මත ගැටුම් ඇති වුණා.
ඒ අතරින් ආන්දෝලානාත්මක කතාවක් තමයි Red Bull වල ගවයින්ගේ ශුක්‍රාණු තිබෙනවාද කියන කතාව. අන්තර්ජාලය පුරා මේ ගැන විවිධ අදහස් පල වුණා.

ශක්ති ජනක පාන වල ගවයින්ගේ මුත්‍රා අඩංගු වන බවටත් මතයක් පැතිරුනා.
මේ ගැන පරීක්ෂණ සිදු වන මට්ටමට මෙය ගැටළුවක් වුණා. ඉතින් මෙහි ඇති සත්‍ය අසත්‍ය භාවය ගැනයි මේ විමසුම.
ශක්ති ජනක පාන වල අඩංගු වන ටෝරීන් කියන අධි ශක්ති ප්‍රෝටීන් වර්ගය සහ Red Bull වල නම නිසාත් මේ කතාව වැඩි වශයෙන් මිනිසුන් පිළිගන්නට හේතුවක් වුණා.

ටෝරීන් (Taurine) කියන ප්‍රෝටීනය මුලින්ම සොයාගත්තේ ගවයින්ගේ මුත්‍රා වලින් සහ ශුක්‍ර තරලයෙන්. Taurine කියන වචනයේ තේරුම ග්‍රීක් භාෂාවෙන් ගව මුත්‍රා යන්නයි. මේ හේතුව නිසාම බොහෝ දෙනා වැරදි මතයකට කොටු වුණා.
නමුත් Taurine බොහෝ සතුන්ගේ ස්මෙන්ම මිනිසුන්ගේ ශරීරය තුලත් තිබෙනවා. මව් කිරි වලත් Taurine කියන ප්‍රෝටීනය අඩංගු වනවා.

මෙය කෘත්‍රිමව නිෂ්පාදනය කරන්නටත් පුළුවනි. ඇත්තටම ශක්ති ජනක පාන වර්ග වල ඇත්තේ මෙලෙස කෘත්‍රිමව නිර්මාණය කරන ලද ටෝරීන් මිස ගවයින්ගේ මුත්‍රා වලින් හෝ ශුක්‍ර තරලයෙන් ලබාගන්නා දෙයක් නොවෙයි. මේ අනුව ඇත්තටම ශක්ති ජනක පාන වල ගවයින්ගේ ශුක්‍රාණු අඩංගු වන බවට ඇති කතාව බොරුවක්. නමුත් ශක්ති ජනක පාන බොන එක පුරුද්දක් කරගන්න එපා කියලා මිට පෙර ලිපියකින් අපි ඔබට කිව්වා.

Saturday, May 30, 2015

අනාරක්ෂිත ගැබ් ගැනීම් වැලැක්වීමට හොදම විසදුම



අනාරක්ෂිත සංසර්ගයකින් පසු ගැබ් ගැනීමක් වලක්වා ගැනීම සදහා හදිසි උපත් පාලන පෙති භාවිතා කිරීමේදී නිශ්චිත කාල සීමාවක් තිබෙනවා. එනම් අදාල සංසර්ගයේ සිට පැය 72 ක් ඇතුලත එම පෙති ලබා ගැනීම කල යුතු වනවා.
උපත් පාලනය සදහා යොදා ගන්නා තඹ ආලේපිත උපත් පාලන ලූපය මගින් මීට වඩා වැඩි කාල සීමාවක් තුලදී අනාරක්ෂිත ගැබ් ගැනීමක් වලක්වනු ලබනවා. මෙය එතරම් ප‍්‍රචලිත ක‍්‍රමයක් නොවූවත් හදිසි උපත් පාලන පෙති භාවිතයට වඩා මෙහි ඇති සාර්ථකත්වය ඉහලයි. මෙය අනාරක්ෂිත සංසර්ගයක් සිදුවූ දිනයේ සිට දින 05 ක් තුල යෝනි මාර්ගයට ඇතුල් කිරීම මගින් ගැබ් ගැනීමක් වලක්වා ගන්නට පුළුවන්.

ලූපය මගින් සංසේචිත ඩිම්බය ගර්භාෂය තුල තැන්පත් වීම වලක්වන අතර, එහි ආලේපිත තඹ මගින් නිකුත් කරන තඹ අයන යුක්තානුවට විෂ සහිත වනවා. ලූපයක් ඇතුල් කිරීමේදී කාන්තාවට ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝගයක් වැළදී ඇත්නම් යම් කාල සීමාවක් සදහා ප‍්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීමක් සිදුකල යුතු වනවා. මේ නිසා මේ සදහා වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගැනීම අත්‍යාවශ්‍යයි.

ඇතුල් කල ලූපය ඊළඟ ඔසප් දිනය දක්වා තබා ගත යුතු අතර ඔබට අවශ්‍ය නම් එය දිගු කාලීන පවුල් සැලසුම් ක‍්‍රමයක් වශයෙන් තබා ගන්නටත් පුළුවන්. සාමාන්‍යයෙන් තඹ ආලේපිත ලූපයක් අවුරුදු 10 ක කාලයකට උපත් පාලන ක‍්‍රියාව සිදු කරනු ලබනවා. එමෙන්ම ඔබට අවශ්‍ය විටෙක එය ඉවත් කර ගැනීමද සිදුකල හැකි වනවා.

 

Copyright @ 2015 Goss!p Sinhalen | ගොසිප් සිංහලෙන්.