Sunday, May 31, 2015

Red Bull වල ගව ශුක්‍රාණු තිබෙනවාද ?



මෑතකදී ශක්ති ජනක පාන වර්ග එහෙමත් නැත්නම් Energy drinks ගැන විවිධ මත ගැටුම් ඇති වුණා.
ඒ අතරින් ආන්දෝලානාත්මක කතාවක් තමයි Red Bull වල ගවයින්ගේ ශුක්‍රාණු තිබෙනවාද කියන කතාව. අන්තර්ජාලය පුරා මේ ගැන විවිධ අදහස් පල වුණා.

ශක්ති ජනක පාන වල ගවයින්ගේ මුත්‍රා අඩංගු වන බවටත් මතයක් පැතිරුනා.
මේ ගැන පරීක්ෂණ සිදු වන මට්ටමට මෙය ගැටළුවක් වුණා. ඉතින් මෙහි ඇති සත්‍ය අසත්‍ය භාවය ගැනයි මේ විමසුම.
ශක්ති ජනක පාන වල අඩංගු වන ටෝරීන් කියන අධි ශක්ති ප්‍රෝටීන් වර්ගය සහ Red Bull වල නම නිසාත් මේ කතාව වැඩි වශයෙන් මිනිසුන් පිළිගන්නට හේතුවක් වුණා.

ටෝරීන් (Taurine) කියන ප්‍රෝටීනය මුලින්ම සොයාගත්තේ ගවයින්ගේ මුත්‍රා වලින් සහ ශුක්‍ර තරලයෙන්. Taurine කියන වචනයේ තේරුම ග්‍රීක් භාෂාවෙන් ගව මුත්‍රා යන්නයි. මේ හේතුව නිසාම බොහෝ දෙනා වැරදි මතයකට කොටු වුණා.
නමුත් Taurine බොහෝ සතුන්ගේ ස්මෙන්ම මිනිසුන්ගේ ශරීරය තුලත් තිබෙනවා. මව් කිරි වලත් Taurine කියන ප්‍රෝටීනය අඩංගු වනවා.

මෙය කෘත්‍රිමව නිෂ්පාදනය කරන්නටත් පුළුවනි. ඇත්තටම ශක්ති ජනක පාන වර්ග වල ඇත්තේ මෙලෙස කෘත්‍රිමව නිර්මාණය කරන ලද ටෝරීන් මිස ගවයින්ගේ මුත්‍රා වලින් හෝ ශුක්‍ර තරලයෙන් ලබාගන්නා දෙයක් නොවෙයි. මේ අනුව ඇත්තටම ශක්ති ජනක පාන වල ගවයින්ගේ ශුක්‍රාණු අඩංගු වන බවට ඇති කතාව බොරුවක්. නමුත් ශක්ති ජනක පාන බොන එක පුරුද්දක් කරගන්න එපා කියලා මිට පෙර ලිපියකින් අපි ඔබට කිව්වා.

Saturday, May 30, 2015

අනාරක්ෂිත ගැබ් ගැනීම් වැලැක්වීමට හොදම විසදුම



අනාරක්ෂිත සංසර්ගයකින් පසු ගැබ් ගැනීමක් වලක්වා ගැනීම සදහා හදිසි උපත් පාලන පෙති භාවිතා කිරීමේදී නිශ්චිත කාල සීමාවක් තිබෙනවා. එනම් අදාල සංසර්ගයේ සිට පැය 72 ක් ඇතුලත එම පෙති ලබා ගැනීම කල යුතු වනවා.
උපත් පාලනය සදහා යොදා ගන්නා තඹ ආලේපිත උපත් පාලන ලූපය මගින් මීට වඩා වැඩි කාල සීමාවක් තුලදී අනාරක්ෂිත ගැබ් ගැනීමක් වලක්වනු ලබනවා. මෙය එතරම් ප‍්‍රචලිත ක‍්‍රමයක් නොවූවත් හදිසි උපත් පාලන පෙති භාවිතයට වඩා මෙහි ඇති සාර්ථකත්වය ඉහලයි. මෙය අනාරක්ෂිත සංසර්ගයක් සිදුවූ දිනයේ සිට දින 05 ක් තුල යෝනි මාර්ගයට ඇතුල් කිරීම මගින් ගැබ් ගැනීමක් වලක්වා ගන්නට පුළුවන්.

ලූපය මගින් සංසේචිත ඩිම්බය ගර්භාෂය තුල තැන්පත් වීම වලක්වන අතර, එහි ආලේපිත තඹ මගින් නිකුත් කරන තඹ අයන යුක්තානුවට විෂ සහිත වනවා. ලූපයක් ඇතුල් කිරීමේදී කාන්තාවට ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝගයක් වැළදී ඇත්නම් යම් කාල සීමාවක් සදහා ප‍්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීමක් සිදුකල යුතු වනවා. මේ නිසා මේ සදහා වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගැනීම අත්‍යාවශ්‍යයි.

ඇතුල් කල ලූපය ඊළඟ ඔසප් දිනය දක්වා තබා ගත යුතු අතර ඔබට අවශ්‍ය නම් එය දිගු කාලීන පවුල් සැලසුම් ක‍්‍රමයක් වශයෙන් තබා ගන්නටත් පුළුවන්. සාමාන්‍යයෙන් තඹ ආලේපිත ලූපයක් අවුරුදු 10 ක කාලයකට උපත් පාලන ක‍්‍රියාව සිදු කරනු ලබනවා. එමෙන්ම ඔබට අවශ්‍ය විටෙක එය ඉවත් කර ගැනීමද සිදුකල හැකි වනවා.

Friday, February 27, 2015

පිරිමි වර්ග හතරයි ඔබ කැමති කාටද?

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizi7S9eVIzPNKDVMPxTPt4cRHqNE8rpgiKj1yaZsNSKP6OfDtgZb0hmjsidepzdc97OZms-B45pnCqFCvUI04lKIwfCDGrMRWbFcVHEfA68uGsIq0bhytoL3bZFX0JsiebO6QzeTDahiJ_/s1600/boys.jpg

ලොව ජිවත්වන සියලු පුරුෂයින් දේහ ලක්ෂණ විද්‍යාවේ වර්ග හතරකට බෙදා දක්වයි. එනම් ශශ,මෘග, වෘෂභ හා අශ්ව ලෙසිනි. මොවුන්ගේ චරිත ස්වභාවය,ගතිගුණ හා හැඩරුව අනුව එකිනෙකාගෙන් මනාව වෙන්කර හඳුනාගත හැක. මින් ශශ හා මෘග පුරුෂයන් සුබ ලෙස ද අනෙක් දෙදෙනා අසුබ ලෙස ද සැලකේ.

සුබ අසුබ බව පෙන්වා දී ඇත්තේ විවාහය සමඟය. බාහිර පෙනුමෙන් ඔවුන් හඳුනා ගන්නා අයුරු මෙසේ විස්තර කෙරේ.


ශශ පුරුෂයා
මුහුණ වටකුරුය.දෑස් රතු පැහැ ගනී.හිඩැස් නැති මනාව පිහිටි දත් දෙපලක් හිමිය. මධ්‍යම ප්‍රමාණයේ උසකින් යුක්තය. හිස කෙස් තද කළුය.අත්ල තඹ පැහැය ඇති මෘදු ස්වභාවයක් ගනී. අතේ ඇඟිලි සිහින්ය. දිගුය.නිය රෝස පැහැයෙන් යුතුය.රෝම සහිත සිරුරක් හිමිය.මේ අය ආගම දහමට ලැදිය.ගුණවත් බුද්ධිමත් කරුණාවන්ත කලහකාරී නොවන තරමක් පොහොසත් අය වෙති.

අන්‍යයත් ආකර්ශනය කරගන්නා හැකියාවක් ඇති නිහඬ චරිතය. ජනප්‍රිය වේ.තමන් දන්නා දේ අන්‍යයන්ට පැහැදිලි කර දීමට දක්ෂය. කලාකාමී හැඟීම් සහිත ඊට දක්ෂතා ඇති අයය.කළගුණ දන්නා යුතුකම් ඉටුකරන අය වෙති. එකවර කාර්යයන් දෙකක් කිරීමෙහි දක්ෂය. රාග සිතිවිලි අවමය. තම සෞඛ්‍යය පිළිබඳ වැඩි සැළකිල්ලක් දක්වයි. පිළිවෙළකට කටයුතු කරන තෘප්තිමත් අය වෙති. සැපත පිරි විවාහ දිවියක් ගත කරයි. මෙවැනි ගති ඇති ශශ පුරුෂයකු හා විවාහ වන කත ඉතා වාසනාවන්ත පින්කළ යුවතියන් බව සෘෂි මතයයි.

මෘග පුරුෂයා
බොහොමයක් ගති ශශ පුරුෂයන්ට සමානය.
මෘග පුරුෂයාගේ දෑස් නිතර කලබලය.වටපිට බලයි. මුවකුගේ මෙන් දෑස් ඇත. දේහය ඉතා ශක්ති සම්පන්නය. අත් පා හොඳින් වැඩී ඇත. සිනහ මුසු මුව මඩළකින් යුතුය. එක් වේලකට ආහාර අධික ප්‍රමාණයක් ගැනීම මොවුන් ගේ දුර්වලතාවයකි. මේ අයගේ විවාහ සාර්ථකය. තම බිරියට දරුවන්ට බොහෝ සේ ආදරය කරුණාව දක්වයි. රැකවරණය නොඅඩුව ලබා දෙයි.

වෘෂභ පුරුෂයා

පළල් මුහුණකි.කඳට සාපේක්ෂව හිස තරමක් විශාලය. දත් කෙටිය. පළල්ය.ඇස් රතුපැහැයෙන් යුතුය.ගෙල මසින් පිරී ඇත.කන් පෙති විශාලය අත්ල රතුය.පපුව ඉදිරියට නෙරා ඇත.මිටි තරබාරු සිරුරකි. උදරය රවුම්ය.අත් පා මසින් පිරී ඇත. ඇඟිලි කොට මහතය. නමුත් මොවුන් පියකරුය. මදක් ඉදිරියට නැවී ඇවිදී.ඇස් පිහාටු ඝනව වැඩී ඇත.

දකින දකින ස්ත්‍රියට මෙන්ම ලිංගිකත්වටද එකසේ ලොල්ය. විළිබිය නැත. පාපයට බිය නැත. ලෝකයට පෙනෙන්නට සිල් ගන්නා අයුරින් සිටී.නෑදෑයන් මිතුරන් බහුලය.විනෝදකාමීය.කටහඬ ගැඹුරුය.කතාවෙන් අනුන් බියවැද්දීමට උත්සහ කරයි. ශරීර සෞඛ්‍යය පිළිබඳ තැකීමක් නැත. අලස ඇත්තන්ය.මොවුන්ගේ විවාහය සාර්ථක වන්නට නම් ලිංගිකත්වයට ලොල් කතක් සමඟ විවාහ විය යුතුය.

අශ්ව පුරුෂයා
අසුබම පුරුෂයා ලෙස පිළිගැනේ. නමුත් කඩවසම් පෙනුමකින් හෙබි අයය. මුහුණ අත් පා දිගටි හැඩයකින් යුක්තය. දෑත්වල නහර ඉලිප්පී ඇත. හිසකෙස් ඝනය. විශාල අත්ලක් හිමිය. මහපට ඇඟිල්ල කැපී පෙනෙන සේ දිගුය. නමුත් අතේ නිය කෙටිය. බොහෝ විට ශරීරය සිහින්ය. සෘජුය. විරුද්ධ ලිංගිකයින්ගේ සිත් වසඟකර ගනී. උස්ය. සිරුරේ රෝම අවමය. රෝම ඇත්නම් කළුවට හුරු තඹ පැහැයෙන් යුතුය.

හිස හා කඳ සෘජුව තබාගනිමින් ගමනේ යෙදේ.උරහිස් පළල්ය. තියුණු කටහඬකි. දියුණුවට නිතර වෙර දරයි. උගතුන් හා බලවතුන් පමණක් ඇසුරු කරයි. උඩඟු හැඟීම්වලින් පිරී ඇත. නීති ගරුක, ලෝභ මෙන්ම කාමාධික චරිතයකි.තම බිරිඳගේ මෙන්ම අනුන්ගේ ද දොස් දකී.ආදරය සිත තුළ තිබුණද නොඅඟවයි. විවාහ දිවියේ වගකීම් යුතුකම් පැහැර හරින මොවුන්ගේ විවාහ ‍අසාර්ථක වේ.මෙවැනි පිරිමින් බොහෝ කඩවසම්ය. ප්‍රිය මනාප බව නිසා බොහෝ ස්ත්‍රීන් රැවටුනද අශ්වස පිරිමින් හා විවාහ වන කත පෙර බොහෝ අකුසල කර්ම කළ තැනැත්තියන් බව සෘෂි මතයයි.
ජ්‍යෙතිෂවේදිනී මංජුලා පුෂ්පාංගනී පල්ලෙබැද්ද

Saturday, February 21, 2015

විලුඹ පැලුන විට කලයුතු ප්‍රතිකාර


ඔබගේ මූහූණ දෙසට අන් අයගේ දෙනෙත යොමූවෙනවා සේම, දෙවනූව එම දෙනෙත යොමූවන්නේ ඔබගේ පාද වෙතටයි. එසේ අන් පූද්ගලයින්ගේ අවධානයට යොමූවන පාද ලස්සනට තිබිය යූතු වෙනවා.
එහෙත් ඇතැමූන්ගේ පාද පැලී, අවලස්සන බැවින් යූතුව තිබෙනවා දැකිය හැකියි. පාද පැලීම නිසා ආසාදනය වී ඇවිදීමට පවා අපහසූ වෙන අවස්ථාද තිබෙන නිසා අද අපි ඒ පිළිබඳව දැනූවත් වෙමූ.

ලංකාවේ වෙසෙන ජනගහණයෙන් සියයට 20 ක් පමණ වියළි සම ඇති අයයි. සම වියළි වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් පරම්පරාවෙන් පරම්පරාවට ඇතිවන තත්ත්වයක්. මේ වියළි බව තවත් පිරිසකට සූළුවෙන් තිබෙනවා. හමේ වියළි බව, රුළි බව, වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නේ පාද දෙකෙයි. අනෙක් ප්‍රදේශවලට මෙය බලපාන්නේ ඊට වඩා වැඩියෙන් තිබෙනවා නම් පමණයි.

වියළිභාවය කෙනෙකුට මව හෝ පියාට එම තත්ත්වය තිබෙනවා නම් ඇතිවෙනවා. එම තත්ත්වය අඩූ හෝ වැඩි වන්නට හැකියාව තිබෙනවා. හම වියළිව තිබෙන අය සාමාන්‍යයෙන් අතපයවල රෝම අඩූයි. එවැනි අයගේ හන්දි පිටූපස සම අනෙක් අයට වැඩිය. මෘදු බැවින් යූතු වෙනවා. මෙවැනි අයගේ සමේ වියළි බව වැඩි වන්නට හේතු කිහිපයක්ද බලපානවා. එනම්


  • සීත කලාපයේ සිටින නිසා
  • කොළඹ වගේ රශ්නය තිබෙන ප්‍රදේශවල සීතල කාලයේදී වියළි වීම. මෙය වැඩි වශයෙන් ඔක්තෝබර් සිට මාර්තු දක්වා තිබෙන්නට පූළුවන්.
  •  විටින් විට සමහරුන්ගේ හම කැසීම නිසා රත්තයා වගේ දදයක් ඇතිවීම නිසා
  • පීනස රෝගය තිබෙන අය පෙන්වා දීමට පූළුවන්. මේ ගැටලු තියෙන අය ගේ විලුඹ වටෙි කාලයකදී පැලීම ඇති වන්නට පූළුවන්. විශේෂයෙන්

Thursday, February 19, 2015

ප්‍රේම විජිතය සුන්නද්ධූලි කරන පොරොන්දම් බෝම්බයට බිය නොවෙමු

ඇත්ත දැනගන්න මේ ලිපි පෙළ කියවන්න..

ආදරයෙන් බැඳෙන පෙම්වතියක් හා පෙම්වතෙක් කිසිවෙකුටත් බිය නොවී අපි අත ගන්නෙමු යැයි නිර්භීතව කියා සිටියද පොරොන්දම් බලන්න ගිය විට අවසන් ප්‍රඵිපලය කෙසේ වේදැයි බියෙන් සසල වෙති.ඇතැම් විට වසර හත අටක ප්‍රේම පුරාණයක් පොරොන්දම් පරීක්ෂාවෙන් විනාශවී යන්නේ විනාඩි ගණනකදීය. මේ පොරෝන්දම් බැලීම ඇතැමුන්ට මාරක විහිළුවක් වී ඇත.පොරොන්දම් පරීක්ෂාවේ ඇත්ත දැනගන්න මේ ලිපිය හොඳින් කියවන්න

පොරො­න්දම් පරී­ක්ෂාව පිළි­බ­ඳව මෑත කාලීන ලිය­වුණු පොත පතින් සම්භාව්‍ය ග්‍රන්ථ­යන්ට වඩා වෙනස් අද­හස් ඉදි­රි­පත් කර ඇත. දෛවඥ, කාම‍ධෙනු, රාම­කෘත මුහුර්ථ චින්තා­මනී, ජ්‍යොතීර් නිබන්ධ ගර්ග සංහිතා, ආදී සම්භාව්‍ය කෘතීන්හි නොදැ­ක්වෙන කරු­ණුද මෑත­කා­ලීන උග­තුන්ගේ පත පොතෙහි සඳ­හන් වේ.

විශේ­ෂ­යෙන්ම නැකැත් පොරො­න්දම් අශුභ නම් විවා­හය අශුභ බව පව­ස­මින්, නැකැත් පොරො­න්දම් අශුභ නම් පොරො­න්දම් පරී­ක්ෂාව නතර කරන ජ්‍යොති­ෂ­වේ­දීන් බහු­ලව සිටිය දී, 22 වන නැකත 27 පරම මෛත්‍රී නැකත, අශුභ බව ඇතැම් පොත පතක සඳ­හන්ව තිබීම සැබ­වින්ම ආධු­නි­කයා නොමග යවන සුලුය. 22 නැකත පො‍රොන්දම් පරී­ක්ෂාවේ දී ක්ෂේම නැක­තයි. ස්ත්‍රී නැක­තින් පුරුෂ නැකත 22 නැකත වූ විට පුරුෂ නැකතේ සිට ස්ත්‍රී නැකත දක්වා ගණ­නය කළ විට සත්වන වද නැක­තයි.

ස්ත්‍රී නැකතේ සිට පුරුෂ නැක­තට ශුභ වී පුරුෂ නැකතේ සිට ස්ත්‍රී නැක­තට පොරො­න්දම් ශුභ බවයි.
ස්ත්‍රී නැකතේ සිට පුරුෂ නැක­තට අශු­භව පුරුෂ නැක­තින් ස්ත්‍රී නැක­තට ශුභ නම් එහිදී මධ්‍යම ලෙස සැලකේ. තම නැක­තට ගැල­පෙන නැකත් හිමි­යකු, සොයා ගැනීම සඳහා තම නැක­තින් 2,4,6,8,9,11,13,15,17,18,20,22,24,26,27 යන නැකත් සල­කුණු කර තබා ගැනීම වැද­ගත් වේ. උදා­හ­රණ ලෙස පුෂ නැකතේ උපන්නේ නම්, අස්ලිස , පුව­පල්, හත, සා, විසා, දෙට, පුව­සල, සුවන, සියා­වස, පුව­පු­ටුප, රේවතී, බෙරණ රෙහෙන, අද, පුනා­වස යන නැකැ­ත්ව­ලින් උපන් අය හා විවා­හය සුදුසු වේ.

මේ පිළි­බ­ඳව ඇති සිද්ධාන්ත ගැඹු­රින් විග්‍රහ කර බලන විට ස්ත්‍රී කේන්ද්‍රයේ සිට පුරුශ කේන්ද්‍ර­යට ශුභව, පුරුශ කේන්ද්‍රයේ සිට ස්ත්‍රී කේන්ද්‍ර­යට අශුභ නම් එම නැකැත් මධ්‍යම බව ජ්‍යොතිෂ නිය­ම­යයි. නැකැත් පො‍රොන්දම් අශුභ වීමට නම් දෙප­ස­ටම අශුභ විය යුතු වේ‍. කේන්ද්‍රයේ සිට පුරුෂ කේන්ද්‍ර­යට අශුභ නම් එම නැකැත් පුරුෂ කේන්ද්‍රයේ සිට ස්ත්‍රී කේන්ද්‍ර­යට ශුභ වන බැවින් මෙම පොරො­න්දම සුබ බව සල­කයි. පුෂ නැක­තට මා නැකත ප්‍රථම පර්යායේ විපත් නැක­තයි. මා නැකතේ සිට ගැන බැලූ­විට පුෂ නැකත 26 මෛත්‍රී නැකත වේ. ඒ අනුව පොරො­න්දම් මධ්‍යස්ථ වේ. පුර නැක­තින් වඳ නැකත වනුයේ සිත නැක­තයි. සිත නැකතේ සිට පුෂ නැකත 22වන ක්ෂේම නැක­තයි.

දුවට පුතාට කසාද හොයන දෙමවුපියන්ට විශේෂයි



Wednesday, February 18, 2015

බැන්ඳට පස්සේ මහත් වෙන්නේ ඇයි

බැන්ඳට පස්සේ මහත් වෙන්නේ ඇයි

 
විවාහයත් සමඟම කාන්තාවන් වෙතින් තරබාරු බවක් දකින්නට ලැබෙන බව ඔබත් අත්දෑක ඇති. මෙයට නිශ්චිත හේතුවක් තිබෙනවාද? අද අපි ඒ ගැන විමසා බලමූ.

මෙයට හේතුවක් වෛද්‍ය විද්‍යාත්මකව නම් පැහැදිලිව කියන්නට බැහැ. විවාහයත් සමඟ කාන්තාවන් සතුටින් සිටින නිසා මහත් වෙනවා වන්නට පූළුවන්. අනෙක් අතට අද තරුණ පරපූර බෙහෙවින් තමන්ගේ ශරීරය ගැන සැලකිලිමත් වෙනවා. අනවශ්‍ය ලෙස මහත් වෙන්නට නොදී ආහාර, ව්‍යායාම මගින් ශරීරය පාලනයක් ඇතිව තියාගන්නට ඔවූන් වෙහෙස වෙනවා. නමූත් විවාහ වූණාට පස්සේ මේ සැලකිල්ල ඔවූන්ට අමතක වෙනවා. එතකොට ඉතින් ශරීරය මහත් වෙනවා. ඇතැම් අයගේ ශරීර ස්වභාවය අනූව අපි කියනවා ඉක්මනටම මහත් වෙන ඇඟක් තියෙන්නේ කියලා. එය ඔවූන්ගේ පවූල් ස්වභාවය. එවැනි අය පරිස්සම් වෙනකොට ශරීරය මහත් වෙන්නේ නෑ. නමූත් සාමාන්‍ය ක්‍රමයට කන්න ගත්තම මහත් වෙනවා. තවත් කාන්තාවන් හෝර්මෝන එන්නත් ලබා ගන්නවා. එවිටත් මහත් වෙන්නට පූළුවන්.

යූවතියන් පාසල් යන කාලයේදී කී්‍රඩාවලට, නැටූම්, පිහිනීම ආදී ශරීරයට ව්‍යායාම ලැබෙන දෙයට යොමූ වී සිටිනවා. නමූත් විවාහයත් සමඟ මේ හැමදේම අත් හරිනවා. එවිට පාලනයෙන් මිදුනූ ශරීරය මහත් වෙනවා.

එහෙම වූණත් අද කාන්තාවන් ව්‍යායාම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනවා. ඇවිදීම ඉතාම හොඳ ව්‍යායාමයක්. නගරයේ පමණක් නොවෙයි අද ගම්බද කාන්තාවන් පවා ව්‍යායාම කෙරෙහි නැඹූරු බවක් දක්වනවා. ඒ වගේම හොඳ පෝෂ්‍යදායි ආහාර ගැනත් ඔවූන් සැලකිලිමත්. ක්ෂණික ආහාරවලට තිබූණූ නැඹූරු බව අද බොහෝ දුරට අඩූ වෙලා.


පාසල්වලදී පවා මේ ගැන නිතර උපදෙස් ලබා දීම සිදු කෙරෙනවා. විවාහයත් සමග තරබාරු වෙනවා යැයි ඔබ හිතනවා නම් ඔබේ ආහාර ගැන සැලකිලිමත් වන්න. ව්‍යායාම ලබාගන්න. නිවසේ සිදු කරන වැඩ කටයූතු මගින් ලැබෙන්නේ වෙහෙසක් විතරයි. ඉන් ව්‍යායාම ලැබෙන්නේ නෑ.

නමූත් විවාහක කාන්තාවකට දරුවෙක් ලැබෙන්නට ඉන්නවා නම් ඇය මහත් වෙන්නට පූළුවන්. එයට හේතුව හෝර්මෝන වෙනස්වීමයි.

ඇතැම් පළාත් අනූව අයඩින් ඌනතාව නිසාද මහත් වීම සිදුවන්නට පූළුවන්. ඒත් එය හැම දෙනාටම පොදු කාරණයක් නෙමෙයි. ඔබ එවැනි ප්‍රශ්නයක් තිබෙන ප්‍රදේශයක ජීවත් වෙනවා නම් හොර්මෝන පරීක්ෂාවක් කරගෙන එය දෑනගන්නට පූළුවන්.

පැහැදිලිවම කියන්නට පූළුවන් මෙය බෙහෙවින් ගැටලුවක්ව ඇත්තේ ලංකාවේ කාන්තාවට පමණයි. බලන්න විදේශ රටවල කාන්තාවන් තමන්ගේ සිරුර පවත්වාගෙන යන ලස්සන. විවාහ වූණත් දරුවන් ලැබූණත් ඔවූන්ගේ සිරුරේ ප්‍රමාණය වෙනස් වෙන්නේ නෑ. ඒකට හේතුව ඔවූන්ට අද බබා ලැබූණා නම් ඉඳලම ඇඳෙන් නැගිටලා ගෙදර වැඩයි, බබාගේ වැඩයි හැමදේම කරනවා. ව්‍යායාමත් කරනවා. නමූත් අපේ අම්මලා මාසයක් විතර ඇඳට වෙලා කකා, බිබී ඉන්නවා. මං හිතන්නේ අපේ අම්මලාත් මේ ක්‍රමය පූරුදු වෙන්න ඕන. තමන්ගේ සිරුරේ ලස්සන වගේම සෞඛ්‍ය පවත්වා ගැනීමටත් එය වැදගත්. ඒ සඳහා අවශ්‍යවන්නේ තමාගේ උනන්දුව. ඔබ මේ විදිහට ඉන්නවා නම් එය ඔබගේ මානසික සෞඛ්‍යයටත් හොඳයි. ඒ වගේම ඔබේ සැමියාත් ඒ ගැන බොහොම සතුටූ වේවි.

Tuesday, February 17, 2015

සිංහ ලග්න කාන්තාවගේ ගතිගුණ

සිංහ ලග්න කාන්තාවගේ ගතිගුණ




රාශි මඬූල්ලේ පස්වෙනි රාශිය වන සිංහය සූබ ලග්නයක් වේ. මෙම ලග්නයට හිමිකම් කියන්නේ ග්‍රහ මණ්ඩලයෙහි රජූ ලෙස හඳුන්වන රවි ග්‍රහයා වේ. සිංහ ලග්න කාන්තාව නිර්භීත කාන්තාවක් වන්නීය. එඩිතරකම තරමක් අහංකාර කම ඇති කරවයි. රවි ග්‍රහයා බලවත්ව ජනිත කාන්තාව පිරිමියකු සේ නිතර කටයූතු කිරීමට පෙළඹේ. මවූපියන්ට, තම සහකරුට එතරම් අවනත නොවේ. නිතරම තමන් ගැනම සිතයි. අන්‍යයන්ගෙන් වැඩගන්න දකෂ වූවත් ඉතා කෙටි කලකදී අන්‍යයන්ට මැයව එපාවෙයි. උසස් බව ලැබීමට දැඩි ආශාවක් දක්වයි. බොහෝ දුරට එය ලබාගනී. සිංහ රාශිය ගිනි රාශියක් වන බැවින් මෙම ලග්නයෙන් ජනිත කාන්තාව සටන්කාමීත්වයෙන් පරිපූර්ණ වන්නීය.

තමන් කිසිවෙකුට වරදක් කරන්නේ නැත. එනිසා සිංහ ලග්නකාරියන්ට අනූන්ට අවවාද දීමට හැකියාව පවතී. ඉතා අවංකව කටයූතු කරයි. එහෙත් තමන්ට කවූරු හෝ අකටයූත්තක් කලවිට එයට එකට එක කිරීමටත් අමතක කරන්නේ නැත. ආදරය ඉතා හොඳින් තේරුම් ගනී.

අධ්‍යාපනය

සිංහ ලග්න කාන්තාව අධ්‍යාපන කටයූතු සාර්ථකව කරගනී. කුඩා කල සිටම ඉගෙනීමට දකෂවේ. ගුරු ග්‍රහයා බොහෝ දුරට ඉගෙනීම් කටයූතු සාර්ථකව කරගෙන යාමට උපකාරී වේ. රවි බූධ පස්වැන්න ගතවීම ඉගෙනීමට යහපත්වේ. බූධග්‍රහයා පස්වැන්න ගතවීම ත්‍රිකෝණ බලයෙන් යූක්ත බැවින් අධ්‍යාපන කටයූතු සාර්ථකව කර ගැනීමට එය උපකාරී වේ. රවි බූධ නමවැන්න ගතවූ සිංහ ලග්න කාන්තාව උසස් අධ්‍යාපනයක් ලැබීමට භාග්‍ය උදාකරගනී. බූධ නමවැන්නට ත්‍රිකෝණ බලයෙන් යූක්තයි. රවි නමයට උච්චයි. එනිසා මෙම ග්‍රහ බලය උසස් අධ්‍යාපනයක් ලබාදෙයි.

රැකියාව

සිංහ ලග්නයෙන් ජනිත කාන්තාවකගේ ජන්ම පත්‍රයෙහි දහවන කොටූවේ රවි බූධ යෙදීම ඉතාම හොඳ පිහිටීමක් වේ. රවි ග්‍රහයා දිග් බලයෙන් යූක්තව බූධ සමග 10 වන කොටූවේ යෙදීම උසස් රජයෙහි රැකියාවකට හිමිකම් කියන්නීය. මෙම ග්‍රහයෝගයෙන් ජනිත කාන්තාවන් බොහෝ දෙනකු රාජ්‍ය සේවයෙහි නියැළී උසස් නිලතල දරන්නීය. සිකුරු ග්‍රහයා දහවැන්න ගත කාන්තාව බොහෝදුරට ව්‍යාපාර අංශයෙහි රැකියාවක නිරත වේ. මනාලියන් හැඩගැන්වීම වැනි ව්‍යාපාරවල නිරත වන්නීය. කුජ සමග සිකුරු දහවැන්න ගත කාන්තාව ස්වයං රැකියාවකින් ඉතා උසස් දියූණූවකට පත්වන්නීය.

ධනය

සිංහ ලග්න හිමිකාරියගේ ධනස්ථානාධිපති ග්‍රහය බූධ වේ. බූධ ග්‍රහයා දෙවැන්න ගතවීම හොඳ ධනයක් උපයා ගැනීමට හැකියාව පවතී. බොහෝ දුරට උපයන ධනය තැන්පත් කරගැනීමට හැකියාව පවතී. කුජ දෙවැන්න ගත වූ කාන්තාව ධනය උපයා ගැනීමට දකෂයි. එහෙත් ධනය ඉදිරි කර ගැනීමට නම් නොහැකිවේ. කේතු දෙවැන්නේ යෙදීම ධනය ලැබෙන ග්‍රහ බලයක් වේ. රවි බූධ ලග්නය යෙදුන කාන්තාව ධන සම්පත් ලබන්නීය. තව ද රවි බූධ යන ග්‍රහයින් දෙවැන්න, එකොළොස්වැන්න ගතවී ජනිත කාන්තාවන්ට ධනය ලැබීමට භාග්‍ය හිමිවන්නීය.

විවාහය

සිංහ ලග්න හිමිකාරියන්ගේ විවාහය බොහෝ දුරට තරමක් පවාවීම සිදුවනූ ඇත. අඩූ වයසින් විවාහයක් සිදුවූවහොත් එම විවාහය එතරම් දුරට සාර්ථක වන්නේ නැත. වයස 23 ත් විසි හතත් අතර සිදුවන විවාහය යහපත් එකකි. විවාහයෙන් පසූව සැපවත් ජීවිතයක් ගත කිරීමට භාග්‍ය උදාකරවයි. ඉතා හොඳ ගතිගුණ හිමි කෙනෙකු විවාහයට ලැබේ. මවූපිය යෝජනාවකින් විවාහයක් වේ. තම සැමියාට සියලු යූතුකම් ඉටූ කිරීමට සිංහ ලග්න කාන්තාවට හැකියාව පවතින්නීය. සැමිය උපයන ධනය ඉතාම අරපරිස්සමින් වියදම් කර කෙසේ හෝ මූදලක් ඉතිරි කරගනී. බොහෝවිට ගෙදර පාලන කටයූතු සිංහ ලග්න කාරිය තමා සතුව තබාගනී. සැමියාද ලැබෙන ධනය බොහෝ දුරට තම බිරිඳට දෙයි. විවාහයෙන් පසූව සිංහ ලග්නකාරියන් ක්‍රමයෙන් දියූණූව කරා ගමන් කරන්නීය. මධ්‍යම වයසේදී පිනට දහමට නැඹූරු වේ. සිංහ ලග්න හිමිකාරියගේ අටවැන්න සෙනසූරු යෙදීම නිසා ඇය ස්වඋත්සාහයෙන් ධනවත් වේ.

සිංහ ලග්නයෙන් ජනිත කාන්තාවට බ්‍රහස්පතින්දා දිනය පරාජය දිනයක් වේ. සිකුරාදා දිනය වාසනාවන්ත දිනයක් වේ. බ්‍රහස්පතින්දා දිනය පරාජය දිනයක් වන්නේ බ්‍රහස්පති අට අධිපති නිසාවෙනි.

ජය අංකය වනූයේ 1ඃ4ඃ5 යි. රතු, කොළ යන වර්ණ ජයවර්ණ වේ. මැයි සහ ජූනි මාස සිංහ ලග්න හිමිකාරියන්ට ඉතා සූබ මාස වේ.

සිංහ හිමිකාරියන් රවි දුබල නම් කුඩා කල සිටම ඉතා අවාසනාවන්ත ජීවිතයක් ගත කරයි. කුඩා කලම මවූපිය වියෝවීමක් සිදුවේ. පිරිමි පකෂය සමග නිතර නිතර ආරවූල් ගැටූම් ඇතිකරගනී, ස්ථීර හිතක් නැත. මෙහෙකාරියක්වී ඉතා දුක්බර ජීවිතයක් ගත කිරීමට සිදුවේ. සමාජ විරෝධී ක්‍රියාවන්වල නිරත වී නීතියෙහි රැහැනට පසූව බන්ධනාගාර ගතවීමට සිදුවේ.

රවි හිමි සිංහ ලග්නය හිමිකාරියන් අයූක්තියට එරෙහිව සටන් කිරීමට මැලිනොවේ. භිතට ඕනෑම අභියෝගයක් පිළිගැනීමට ඉදිරිපත් වේ. තම යූතුකම් නොපිරිහෙලා ඉටූ කරන රාජකාරිය නිසි අයූරින් කරන, යූක්තිය ඉදිරියෙහි හිස නමන අයූක්තියට පහර දෙන, කෙනෙකුගේ විපතට මඟ නොහැර පිහිට වන කාන්තාවන් සිංහ ලග්නයෙන් ජනිත වන්නීය.

Monday, February 16, 2015

විවාහවීමට සූදුසූ වයස ගැන අවබෝධය ලබා ගනිමූ

විවාහවීමට සූදුසූ වයස ගැන අවබෝධය ලබා ගනිමූ

http://www.southernbreezetour.com/image_tour/images/1403063585Honeymoon.jpegආදරයෙන් බැඳෙන දෙදෙනෙකු අතර ඇතැම්විට හිටි හැටියේ ඇතිවන අමනාපකම් ආදරයේ අඩූවීම් යනාදිය ගැන සලකා බලමූ. මෙම තත්ත්වයට බලපාන එක් හේතුවක් ලෙස හඳුනාගත හැක්කේ වයස සහ අත්දෑකීම් නිසා ඇතිවන ඇතැම් තත්ත්වයන් වේ. මෙය පහසූවෙන් විස්තර කළ හැකි කරුණක් නොවේ.

වයස් සීමාවන් අනූව යම් යම් වෙනස්කම් ඇති වේ. කාන්තාවකට වඩා පූරුෂයා වයසින් වැඩිවීම හොඳයි. නමූත් මෙම තත්ත්වයට වඩා වෙනස් විවාහ ඇති වූවත් ඒවාද සාර්ථක වන අවස්ථා ඇත. එම නිසා කෙනෙකු සාමාන්‍ය ජීවිතයේදී එදිනෙදා සිදුවීම අනූව හැඩගැසීම වඩාත් සූදුසූ බව කිව යූතුයි. පහත දෑක්වෙනූයේ වයස් සීමාවන් අනූව ආදරය ගැන සාමාන්‍ය විස්තරයකි.

වයස අවූරුදු පහළොව

ලිංගික කරුණූ පිළිබඳ දෑනූම මඳකම නිසා මෙම වයසේ ආදරය කරන්නන් ප්‍රශ්න රැසකට මූහූණදීමට පූළුවන. මෙවන් වයස් කාණ්ඩයක ආදරය කරන්නන් විවාහවීමට සූදුසූ නැත.

වයස අවූරුදු දහසය දාහත අතර,

අත්දෑකීම් අඩූ වූවත් තරුණයාට තමන්ගේ ආදර සම්බන්ධය ගැන බොහෝ කරුණූ වැටහේ. තම ආදර සම්බන්ධයේ බැරෑරුම්කම ද අවබෝධ වේ. නමූත් මෙම වයසේ අය ගොඩනගා ගන්න ආදර සම්බන්ධතා බොහෝ විට අත්හදා බැලීම්වලට පමණක් සීමා වේ.

වයස අවූරුදු දහ අට දහනවය අතර,

තරුණ තරුණියන් අතර ගොඩනගාගත් ප්‍රේම සම්බන්ධයේ දුෂ්කර තත්ත්වයන් ඇතිවන වයස් සීමාවකි. දෙදෙනාගේම හැඟීම්වල බලපෑම් අධික වේ. මෙම වයස් කාණ්ඩයේ දෙදෙනකු අතර ගොඩනැගෙන ආදර සම්බන්ධයේ හැඟීම් පිළිබඳ කල්පනාකාරීව ක්‍රියාකළ යූතු වේ.

වයස අවූරුදු විස්ස,

මේ වයසේ තරුණයෙකු නම් විවාහ ගිවිස ගැනීමට ද, තරුණියක නම් විවාහවීමට ද ඉතා සූදුසූ යි.

වයස අවූරුදු විසි එක,

සෑම අතින්ම අවදානමකට මූහූණ පාමින් වූවද ක්‍රියාකිරීමට පෙළෙඹෙන වයස් සීමාවකි. මෙම වයසේදී පසූව සාර්ථකත්වයට තුඩූදිය හැකි ඇතැම් වෙනස්කිරීම් ඉටූ කිරීමට පෙළඹේ. වෘත්තිය කටයූතුවලට දක්වන අසාමාන්‍ය උනන්දුව නිසා සමහරුන්ගේ විවාහයන් අසාර්ථක විය හැකිය.

වයස අවූරුදු විසිදෙක, විසිතුන අතර,

තරුණයන්ට නම් විවාහවීමට වඩාත් සූදුසූම වයස් කාණ්ඩයකි. එසේ වන්නේ මෙම වයස් කාණ්ඩයට පත්වන විට ඔහූට තැන්පත් පවූල් ජීවිතයක් ගත කිරීමට සෑහෙන තරම් අත්දෑකීම් ලැබී ඇති බැවිනි.

එහෙත් තරුණියකට නම් විවාහයට එතරම් හිතකර නොවේ. එහෙත් ප්‍රීතිමත් විවාහයක් ගතකර හැකි නම් විවාහවීම වරදක් නැත.

වයස අවූරුදු විසිහත,

මෙම වයස් සීමාව තුළ සිදුවන විවාහයන් සාර්ථකවීමට නම් විවාහවන දෙදෙනා අතර මතභේද ඇතිවිය යූතුය. ඉතාම හොඳ සමගි සම්බන්ධයක් ඇතිවිය යූතුය.

වයස අවූරුදු විසි අට විසි නවය අතර,

හැඟීම් මෝරා ඇති බැවින් මෙම වයස් සීමාව තුළ සිදුවන විවාහයන් පහසූවෙන්ම සාර්ථක විය හැකියි. එහෙත් දෙදෙනා අතර සම්බන්ධකම් දියූණූ මටිටමක පැවතිය යූතුය.

වයස අවූරුදු තිහ තිස් දෙක අතර,

මෙම වයස් කාණ්ඩයේ කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද විවාහයට වඩාත් යෝග්‍ය වයස් සීමාවක් නොවේ. දෙදෙනාගේම අධික උනන්දුව නිසා විවාහය සිදුවූවහොත් අනිසි විපාක ඇතිවීමට ඉඩ තිබේ. නමූත් මෙම වයස් කාණ්ඩවල අය පෙම් සබඳකම් ඇති කරගැනීමට උනන්දු වේ.

වයස අවූරුදු තිස් තුන තිස් හතර අතර,

හොඳ විවාහයක් කරගැනීම මෙම වයසේ පසූවන අවිවාහක කාන්තාවන්ගේ සහ පූරුෂයන්ගේ එකම බලාපොරොත්තුව වේ. එවන් විවාහයේ සාර්ථකත්වය දෙපකෂයම මත රඳා පවතී.

වයස අවූරුදු තිස් පහ තිස් හය අතර,

ආදර සබඳකම් ඇති කර ගැනීමට වඩාත් සූදුසූ තවත් වයස් සීමාවකි. මෙම වයස් කාණ්ඩවල පිරිමින් විවාහය පිළිබඳව නොයෙක් තීරණවලට බසී. ස්ත්‍රියගේ හැඟීම් ඇවිස්සීම නිසා විවාහයට පත්වීමට වැඩි උනන්දුවක් දක්වයි.

වයස අවූරුදු තිස් හත තිස් අට අතර,

බොහෝ ගැහැණූන්ගේ පිරිමින්ගේ බලාපොරොත්තු පිළිබඳ උදාසීන තත්ත්වයන් ඇතිවන වයස් සීමාවකි.

වයස අවූරුදු තිස්නවය හතළිහ අතර,

මෙම වයස් කාණ්ඩය දෙපාර්ශවයටම විවාහයට යෝග්‍ය අයෝග්‍ය තත්ත්වයන් තුලනයව පවත්නා කාල සීමාවකි. නමූත් පෙමින් බැඳීසිටින දෙදෙනෙකුගේ විවාහය බොහෝ දුරට ස්ථිරවීමට මෙය හේතු වේ.

වයස අවූරුදු හතළිස් එක හතළිස් පහ අතර,

පූරුෂයන්ට බෙහෙවින්ම අහිතකර වයස් සීමාවකි. කාන්තාවන්ට ද එසේම වේ. ජීව විද්‍යාත්මක හේතු විවාහයට පටහැනිවීමට හේතු වේ.

මේ කරුණූ ගැන සලකා බැලීමේදී වයස අවූරුදු විසිහතර සහ විසිනවය අතර සිටින තරුණයන් වයස විස්සේ සිට විසිහතර අතර තරුණියන් සමග විවාහවීම වඩාත් සූදුසූ බව පෙනේ. වයස අවූරුදු විස්සේ තරුණයෙක් විසිහතර වියේ පසූවන තරුණියක් සමග විවාහවීමෙන් විවාහය අසාර්ථක වන බව මෙයින් අදහස් නොකෙරේ. නමූත් නිසි වයස් සීමාවන් ඉක්මවා විවාහවන තරුණ තරුණියන්ගේ පවූල් ජීවිත බොහෝවිට අසාර්ථක වී ඇති බවට උදාහරණ ඕනෑ තරම් සමාජය තුළ තිබේ.

යම් තරුණයෙකුට තදින් ආලය කරන තරුණියක් ඔහූ හා විවාහවීම පිණිස තෝරාගත යූත්තේ ඔහූගේ ජීවිතයේ කරදර අඩූවන වකවානූවකි. හදිසියේ විවාහවන තරුණ තරුණියන් විවාහ ජීවිත බොහොමයක්ම අවාසනාවන්ත තත්ත්වයට වැටී ඇත්තේ ඔවූන් ඉහත කී කරුණූ සැලකිල්ලට නොගැනීම නිසා බව පෙනී යයි.

Author Sinhalamag


ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ සංඝටකය දන්නවාද?

ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ සංඝටකය දන්නවාද?

අපේ ශරීරයට අතවශ්‍ය සංඝටක අතර ජලය,කාබෝහයිඩේ්‍රටය, ප්‍රෝටීන, මේදය, ඛනිජ ලවණ සඳහන් කරන්න පූළුවන්. නමූත් කෙනෙකුගේ වයසත් පෝෂණ තත්ත්වයත් අනූව තමයි ශරීරයට ලබාගතයූතු පෝෂණ ප්‍රතිශතයන් තීරණය කරන්නේ.

පරිපූර්ණ ආහාර වේලක් ලබා ගැනීමෙන් ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛනිජ ලවණ, ජලය අපේ ශරීරයට ලැබෙනවා. නමූත් කැල්සියම්, පොස්පරස්, යකඩ හා සින්ක් යන ඛනිජ ලවණ අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වන බව ඔබ සිතන්නේ නැතිව ඇති.

අපි ඉහතින් සඳහන් කළ ඛනිජ සංඝටක දත්වල සහ ෙසෙල සහ සියූම් පටකවල වර්ධනයටත් අලුත් වැඩියාවටත් ශරීරය තුළ තිබෙන තරල සඳහාත් තයිරොක්සින් හෝමෝනය සහ හිමොග්ලොබින් නිෂ්පාදනයටත් අවශ්‍ය වන බව වෛද්‍ය පරීක්ෂණ මගින් සොයාගෙන තියෙනවා.

මේ ගැන අවධානය යොමූ කිරීමේදී අපට වඩාත් වැදගත් වන්නේ කැල්සියම් ගැන කතා කිරීමයි. ශරීරයේ වැඩිපූරම ඇති ඛනිජ ලවණය කැල්සියම් කිව්වොත් හරියටම හරි. ශරිරය තුළ තිබෙන කැල්සියම්වලින් වැඩි ප්‍රතිශතයක් අස්ථි සඳහාත් ඉතිරි ඉතාම සූළු ප්‍රමාණය පටකවලටත් ප්‍රයෝජනවත් වෙනවා. හෘදයේ මාංශ පේශිවල ක්‍රියාකාරීත්වයටත් ස්නායූ පද්ධතියේ ක්‍රියාකාරීත්වයටත් රුධිරය කැටිගැසීමේ ක්‍රියාවලියටත් කැල්සියම්වල සහභාගිත්වය අවශ්‍ය වෙනවා.


ගැහැනූ පිරිමි සහ වයස් කාණ්ඩ අනූව අවශ්‍ය වන ප්‍රතිශතය වෙනස් වෙනවා. ළමා වියේදී වඩාත් බහූලව අවශ්‍ය වන කැල්සියම් දරුවා වර්ධනයවීමත් සමගත් ඉන්පසූ වයස තිහක් වන විටත් වැඩි වශයෙන් අවශ්‍ය වන සංඝටකයක්. ජීවිතයේ මූලින්ම ලබා ගන්නා කැල්සියම් ප්‍රමාණය අපි මව්කිරි හරහා ලබාගන්නා ප්‍රතිශතයටත් අස්ථි රෝගවලින් ආරක්ෂාවීමටත් ඉතාම වැදගත් වෙන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.


ඒ නිසාම අද වන විට අලුත උපන් ළදරුවන්ට මව්කිරි ලබාදීමේ වැදගත්කම පූන පූනා සායනවලදිත් වෛද්‍යවරුන් පවා කියන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන් වලදිත් කෙනෙකුට දෛනිකවම කැල්සියම් අවශ්‍යතාව සපූරා ගන්නවාදැයි සොයා බලනවා වගේම එසේ නොවන්නේ නම් එයට හේතුන් සහ අනාගතයේ ඇතිවන රෝග ගැනත් අවධානය යොමූ කරනවා.


මාස දොළහ දක්වා ළදරුවන්ට දිනකට කැල්සියම් මි. ග්‍රෑ. 400 ක්වත් ලබාදීම වැදගත්. ළමූන්ටත් යෞවන යෞවනියටත් ගැබිනි මව්වරුන්ටත් කිරිදෙන මව්වරුන්ටත් කැල්සියම් වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි.

ආර්ථවහරණය වන කාන්තාවන් සහ වයසට යන පිරිමින්ටත් කැල්සියම් වඩාත් අවශ්‍යයි. අප ගන්නා ආහාරවල ඇති කැල්සියම් ආහාර මාර්ගයේදී අවශෝෂණය සඳහා විටමින් ෘ අවශ්‍ය වේ. නමූත් කෙනෙක් වයසට යාමත් සමග ශරිරයට උරාගන්නා කැල්සියම් ප්‍රමාණය එන්න එන්නම අඩූ වෙන බවක් පෙන්වනවා. තවත් දෙයක් තමයි වයස්ගතවීමත් එක්ක ඇතිවන දියවැඩියාව , අධික රුධිර පීඩනය, හෘද රෝග වලට අපි ලබාගන්නා ඇතැම් ඖෂධ නිසාද කැල්සියම් අවශෝෂණය අඩූ වෙන්න පූළුවන්.

තම්පලා, නිවිති, කවලම් පලා සහ තද කොළ පාට එළවළු, රාබූ, වටිටක්කා , බතල, කතුරුමූරුංගා , හාල්මැස්සන්, කුනිස්සන්, සැමන් ,කුඩා කටූ සහිත මාළුන්, කරවල වැනි දේවල්වල කැල්සියම් බහූලයි.


තල, ධාන්‍ය, පියලි, කිරි, කිරි ආහාර ගැනීමෙන් ශරීරයට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණාත්මකව ලැබෙනවා. නමූත් ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට කැල්සියම් නොලැබීම දිගින් දිගටම සිදුවීමෙන් වෙන්නේ අවසානෙට ඉතාමත් දරුණූ අස්ථි ආබාධවලින් සහ අතුරු ආබාධ වලටත් දරුවන් වගේම වැඩිහිටියන්ද ගොදුරු වන එකයි.

Saturday, February 14, 2015

තුලාවේ සඳු සිටි කත රූමත්ය නැණවත්ය ගුණවත්ය එහෙත් කට සැරය

ඔබ කාන්තාවක නම්; ඔබේ ඇතුළාන්තයේ සැඟවුණු රහස් පෙන්වන කැඩපතක් අපි ඔබේ අතට දෙමු. ඔබ ගැන කියන මේ ‍තොරතුරු කෙතරම් නිවරැදි දැයි බලන්න. ඊට පෙර මේ පාඩමත් මතක තබා ගන්න. ලග්නයට කියන තවත් නමක් වන්නේ ජන්ම රාශියයි. මේ රාශි චක්‍රය , මේෂ - වෘෂභ- මිථුන- කටක- සිංහ- කන්‍යා- තුලා- වාශ්චික ධනු- මකර - කුම්භ - මීන යන පිළිවෙළට පවතී. එය වෙනස් වන්නේ නැත. ඔබේ කේන්ද්‍රයේ පළමුවැනි කොටුව ඔබේ ලග්නය ලෙස ගත යුතුය. මේෂ ලග්නයේ උපන්නේ නම් කිසිම ගැටලුවක් නැතිව පෙර කී පිළිවෙළට කොටුවෙන් කොටුව ගණන් කර ගෙන යන විට රාශි දොළොස ඉහත පිළිවෙළට හඳුනාගත හැකිය. ඔබ උපන්නේ ධනු ලග්නයෙන් නම්; ඔබේ කේන්දරයේ පළමු කොටුව ධනු රාශිය ලෙස ගත යුතු අතර දෙවැන්නට ‍මකර, තුන්වැන්නට කුම්භ, සිව්වැන්නට මීන, පස්වැන්නට මේෂ යනාදී වශයෙන් ගණන් කළ යුතුය.

තුලා ලග්නයේ අධිපති සිකුරුය. සිකුරු හිමි තුලාවේ තවත් ස්ත්‍රී ග්‍රහයෙක් වන සඳු පිහිටීමෙන් හට ගන්නේ තරමක නොරුස්නා තත්ත්වයකි. එහෙත් බාහිර සමාජයට ඒ බව පෙනෙන්නේ නැත.තුලා රාශියේ සඳු සිටියදී උපන් කාන්තාවගේ චරිත ලක්ෂණ ද එසේමය.
සාමාන්‍යයෙන් තුලා රාශියේ සඳු සිටියදී උපන් කත ඉතා රූමත්ය. එමෙන්ම රාගාධික චරිතයකි. පැහැපත් මන මෝහනීය මුහුණකට හිමිකම් කියන මැය අන් පුරුෂයන්ගේ ආකර්ෂණයට සැම විටෙකම ලක්වේ. එහෙත් මැය නැණවත්ය.

එමෙන්ම ගුණවත්ය. ප්‍රධානම දුබලකම වන්නේ තරමක් කට සැර වීමයි. එසේ තමන් සමාජයේ කැපී පෙනෙන චරිතයකි. ගුරු වෘත්තියයට මෙවැනි කතුන් ඉතා දක්ෂවේ. පරිපාලන කටයුතු ආදියෙහිත් කාර්යක්ෂම වන අතර අන් අය හොඳින් හෝ නරකින් හෝ පාලනය කිරිමේ කලාවද මැනවින් දනී. තීරණ ගැනීමේදී බොහෝ සෙයින් ලතවෙන නමුත් තීරණයක් ගතහොත් එය කෙසේවත් වෙනස් කරන්නෙද නැත. අන් අයගේ විවේචන එතරම් ගණන් ගන්නේ නැති නමුත් සිත නිතර චංචලය. සිතේ කලබලය සඟවාගෙන තැන්පත් ගතියක් මවා ගෙන කටයුතු කිරීමට මැය දක්ෂය. ඉතාම සාර්ථක විවාහ ජීවිතයකට උරුමකම් කියන මැය තම පවුල් සංස්ථාවේ ආධිපත්‍ය අතට ගෙන එය රැක ගන්නට කටයුතු කරන්නේ සොඳුරු ආඥාදායකවරියක ලෙසිනි.

නිවෙස ඉතා පිළිවෙළට හා මනරම්ව තබා ගැනීමට නිතර උත්සාහ ගනී. තම ඇඳුම් පැළඳුම් විසිතුරුව සහ කැපී පෙනෙන ලෙස සකසා ගන්නා අතර ඇතැම් විටෙක නැට්ටුක්කාරියක ලෙස වුවමනාවට වඩා ඉස්මතුවන්නටද උත්සාහ ගනී.කෙසේ වෙතත්, තුලා රාශියේ සඳු සිටින කත අන් අයගේ ඊර්ෂ්‍යාවට ලක්වන්නේද නිතැතිනි. ඊට හේතුවන්නේ පුරුෂයන් වශී කරවන ලිංගික ආකර්ෂණයක් පැවතීම හේතු කොට ගෙනය. ඇයද ඒබව දනී. අවශ්‍ය තැන්වලදී තම කාර්යයන් ඉටු කර ගැනීම සඳහා එම බලය යෙදවීමටද මැය පසුබට වන්නේ නැත.
තමන් දන්නා දේ ඉතා පැහැදිලිව අන් අයට වටහා දීමට මේ කාන්තාව ඉතා දක්ෂය. නොදන්නා බව සඟවාගෙන නොදන්නා දේ චාටුවෙන් ඉගෙන ගැනීමටද ඇය සමත්ය. පොත-පත කියවීමට එතරම් ඇබ්බැහි නොවන නමුත් සාමාන්‍ය දැනුමෙන් ඇය ඉතා පොහොසත්ය.

ශරීර සෞඛ්‍යය පිළිබඳ නිතර නිතර මැසිවිලි නඟන්නියකි. සෙම් රෝග .බහුලය. උගුර,කන,නාසය යනාදී රෝගයන්ගෙන්ද පීඩා විදී. මාසික ඔසප් චක්‍රයද ඇතැම් විට අක්‍රමවත්ය. ගර්භාෂයේ රෝග තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කිරීම මැනවි.
ආගම ධර්මය කෙරෙහි බලවත් ගෞරවයක් පවතින නමුත් නිතර දන් පින් හා වෙහෙර විහාරථාන කරා යන තැනැත්තික නොවේ.එහෙත් විශ්වාසයක් සිතට ගතහොත් එය ජීවිතය පුරාම එකලෙස පවත්වා ගනී .
සුවඳ විලවුන් රූපලාවණ්‍ය ,ආදී ද්‍රව්‍යය කෙරෙහි ඉමහත් ලෙස ඇළුම් කරන්නියකි. තොල් - නිය යනාදිය පිරිසිදුව සහ ආලේපන ගල්වා රැක ගැනීමට උනන්දුවේ. මැය සතු බලවත්ම දුබලකම වන්නේ තමා ප්‍රිය කරන දේ අන් අය විසින්ද ප්‍රිය කරන්නේ යැයි උපකල්පනය කිරීමයි. තමා ආශා කරන යමක් අන් අය නොකැමැති වුවත් බලහත්කාරයෙන් එය පවත්වා ගැනීමට උත්සහා දරණ හෙයින් සතුරන් ඇති කර ගනී. මිතුරන් ඉතා සීමිතය. මිතුරියන් බොහෝය. එහෙත් ඒ කිසිවකු සමඟ සහෘද ඇසුරක් පවත්වා නොගනී. මේ නිසා තමාගේ රහස් තමා විසින්ම රැක ගනු ලබයි.

සිතිවිලි අතින් මැය දෙබිඩි චරිතයකි.අදහස් නිතර නිතර වෙනස් කරන බව අන් අයට හැඟෙන්නට ඉඩ හරී.එසේ කරන්නේතමන්ගේම වාසියට තීරණයක් ගත හැකි අවස්ථාව එනතුරු කල් මැරීමටයි. රොමැන්ටික් සිහින දකින නමුත් ඇඟ බේරාගෙන චරිතය හා පවුල රැක ගනී.

සමස්තයක් වශයෙන් ගත් කළ තුලා රැසේ සඳු පිහිටි කත භාග්‍ය වන්තියෙකි. ආහාර බව භෝග සම්පත් මනහර නිවසක් යනාදිය සහිතව සැපවත් ජීවිතයක් ගෙන යෑමට උපන්ගෙයි පින් ඇති තැනැත්නියකි.

 ජීවිතයේ මැදි විය. විශේෂයෙන්ම වයස අවුරුදු 45 පසුවන විට ඔබ ඉතා පරෙස්සම් විය යුතුය.සන්ධි ආශ්‍රිත රෝග පැන නැඟිය හැක. එමෙන්ම මෙතෙක් රැකගත් චරිතය හා හොඳ නම කෙළෙසී යන අන්දමේ සිදු වීම්වලට මුහුණ පාන්නට සිදුවන හෙයිනි . තම පවුලෙන් හා සැමියාගෙන් බාහිර ජීවිතයක් සොයා යෑමට පියාපත් ලැබෙන කාලයක් නමුත් කැදැල්ලෙන් පියාඹා ගිය හොත් ඔබ නැවත ගොඩ ඒමට නොහැකි දැලක පැටලෙන බවත් මතක තබා ගන්න.

 

Copyright @ 2015 Goss!p Sinhalen | ගොසිප් සිංහලෙන්.