Friday, February 13, 2015

පාට ගැන අපි නොදත් බොහෝ දේ


මේ මුළු විශ්වයත්, එහි වෙසෙන සත්ත්වයාත් යන සියල්ලන් ම එක ම වර්ණාවලියකි. එක් එක් පුද්ගලයන් එක් එක් වර්ණයන්ට ප්‍රියවන අතර තවත් වර්ණයන්ට එතරම් ප්‍රිය කරන්නේ නැත.


ඔබ කැමති ම වර්ණය; රතු- නිල් , දම්, ආදී කුමක් හෝ විය හැකිය. එහෙත් ඒ වර්ණය ඔබට සුබ ද? අසුබද? කොතෙක් ප්‍රිය කළත් එම වර්ණය ඔබට අයහපත් විපාක ගෙන දෙන්නේ නම් එතැන ප්‍රශ්නයකි‍. උපන් ලග්නය සහ ලග්නාධිපති මුල් කොට ගෙන ජය වර්ණය සොයා ගන්නා සැටි පසුගිය කලාපයේ සඳහන් විය.
අද විමසා බැලෙන්නේ ඔබේ කේන්ද්‍රයේ වඩා බලවත් ග්‍රහයා අනුව ජයවර්ණය තෝරා ගන්නා ආකාරය පිළිබඳවයි. කේන්දර කොපිය අතට ගත් විට රවි - කුජ- බුධ ආදී ග්‍රහයන් උච්ච - ස්වකේෂ්ත්‍ර මූල ත්‍රිකෝණ, දිග් බල ආදී වශයෙන් සඳහන් ව තිබෙනු පෙනේ. ඉතා මැනවින් පිළියෙල කළ කේන්ද්‍රයක නම්;තරුණ/වෘද්ධි, ආදී වශයෙන් ද, ග්‍රහ බල දක්වා ඇත.

කෙ‍ෙස් වෙතත්, කිසියම් ග්‍රහයෙක් ඔබේ කේන්දරයේ උච්ච, ස්වක්ෂේත්‍ර, මූල ත්‍රිකෝණ යන කුමන හෝ තත්ත්වයක පිහිටා සිටින්නේ නම් එම ග්‍රහයා බලවත් වන අතර එම ග්‍රහයාට අයත් වර්ණයෙන් ඔබේ බලය ද ඉහළ යයි. එහෙත් මෙහිදී 6- 8 -12 අධිපති ග්‍රහයන්ද, 22වැනි දෙර්කාණාධිපති ද, බාධක ග්‍රහයා ද යන ග්‍රහයන්ට හිමි වර්ණ, එම ග්‍රහයන් එකී භාව/ රාශිවල ස්වක්ෂේත්‍රව සිටිය ද අසුබ ලෙස සලකා අත්හළ යුතුය. නිදසුනක් මෙසේය. ධනු ලග්නයෙන් උපන් පුද්ගලයකුගේ 6 - සිකුරු, 8- සඳු 12 කුජ, සහ බාධක ග්‍රහයා බුධ -7 යන ස්ථානවල සිටියහොත් එකී ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලයෙන් යුතු නමුත් එය අත්හළ යුතුය. මෙකී ස්ථාන අසුබ වන හෙයිනි. එකී ග්‍රහයාට අයත් වර්ණයෙන් ඔබට ඇති කරවන්නේ සෘණ බලපෑමකි. (සුදු වර්ණය අසුබ නැත.)
මෙකී ධනු ලග්න හිමියාගේ 9 වැන්න අධිපතිවන්නේ රවි ග්‍රහයාය‍. එම ග්‍රහයා 9 වැන්නේම තැන්පත්ව ඇත්නම් එය ස්වකේෂ්ත්‍ර බලයකි. මෙවැනි පුද්ගලයන් රන්වන් හා තද රතු, යන වර්ණ තම හොඳ ම ජය වර්ණය ලෙස තෝරා ගැනීම මැනවි.

 ගුරු ග්‍රහයා බලවත් නම් -

රන්වන් - කහ,තැඹිලි සහ සුදු ජය වර්ණය වේ.

 කුජ ග්‍රහයා බලවත්ව තැන්පත්ව ඇත්තේ නම්

රතු, සුදු ජය වර්ණය ලෙස ගැනීම මැනවි.

සඳු ග්‍රහයා බලවත්ව සිටියේ නම් 


තනි සුදු, ඇත් දළ පාට, මුතු පැහැය ‍ජය ගෙන දෙයි.

සිකුරු ග්‍රහයා වඩා බලවත් නම් - 

විචිත්‍ර වර්ණ, දම් පාට, නිල් පාට, සුදු, ඉතා සුබය.

 සෙනසුරු ග්‍රහයා ප්‍රබල නම් - 

සුදු- නිල් - කහ ජය වර්ණ ලෙස ගත හැකිය.

බුධ ග්‍රහයා බලවත්ව සිටියේ නම් - 

හරිත පැහැය, පළාවන් සහ ලා කොළ පැහැයජය වර්ණය වේ.


  •  එක් එක් ලග්න හමියන්ට අසුබපල දෙන වර්ණයන් ද වේ.


1 මේෂ - කොළ, පච්ච වර්ණ, අසුබය. මේෂ ලග්න හිමියන්ගේ බාධක ග්‍රහයා‍ සෙනසුරු වන හෙයින් තද නිල් පැහැය ද යෝග්‍ය නොවේ.

2 වෘෂභ - රන්වන්, කහපැහැය, රතු යන වර්ණ අසුබ පල ගෙන දෙන අතර බාධක ග්‍රහයා සෙනසුරුය. එහෙත් වෘෂභ ලග්න හිමියාට සෙනසුරු යහපත උදා කරන හෙයින් නිල් වර්ණය ද අත් හළ යුතු නැත.

3 මිථුන- විචිත්‍ර වර්ණ මිථුන ලග්න හිමියාට ඉතා ආයෝග්‍ය වේ. රතු පැහැය ද, කහ පහැය ද අසුබය.

4 කටක- තද නිල් වර්ණය ඉතා අසුබය.

5 සිංහ - සිංහ ලග්න හිමියාට ද තද නිල් ආයෝග්‍ය වේ. රතු පැහැය මධ්‍යස්ථය.

6 කන්‍යා - කහ, රන්වන් පාට අසුබය. මෙයින් කහ පැහැය ඉතා ආයෝග්‍ය වේ.

7 තුලා - කහපාට, ඉතා අසුබ වන අතර රතු පැහැය ද ආයෝග්‍ය වේ.

8 වෘශ්චික - රන්වන් හා කහ පැහැය ද තද නිල් වර්ණය ද අසුබය.

9 ධනු -රතු තද රතු සහ විචිත්‍ර වර්ණ ඉතා අසුබය.

10 මකර - කොළ සහ රතු අයෝග්‍ය වේ.

11 කුම්භ - කොළ පැහැය, පච්ච වර්ණ ඉතාම අසුබය. විචිත්‍ර වර්ණයන් ද ආයෝග්‍ය වේ.

12 මීන කොළ පැහැය සහ රතු පැහැය ඉතා අසුබය.

වර්ණ පිළිබඳ මේ ජ්‍යොතිෂ රහස් නිසි පරිදි ගෙන ඔබේ කටයුතු සාර්ථක කර ගන්න.

මාරියා සැන්ටෝස් අමෙරිකාවේ සිට


බඹා කෙටු කෙනා කේන්දරයෙන් සොයමු

ඔබගේ සහක‍රු හෝ සහකාරිය හමු වන්නේ කෙසේ දැයි කේන්දරයෙන් බලමු
හතේ ග්‍රහයා ඉන්නේ කොතනද? අන්න එතැනයි රහස

 තරුණ තරුණියන්ගේ සුන්දර තම ප්‍රාර්ථනාව විවාහ විමයි. ඔවුන් දකින රසබර සිහිනයද විවාහ වි සහකරු හෝ සහකාරිය සමග ප්‍රිතිමත් යුගදිවියක් ගත කිරිම ගැනය. තමන්ගේ ආදර මාළිගාවේ සිහින කුරුල්ලා හෝ කිරිල්ලිය කවදා කෙසේ හමුවේද? නැතහොත් ඔහු හෝ ඇය තමන්ට කෙසේ තෝරා ගැනිමට ලැබේද යන්න මේ කිසි වෙකුත් නොදනී

මෙය කල්තියා දැනගත හැකි ශාස්ත්‍රයක් ඇත. එය ජ්‍යොතිෂ ශාස්ත්‍රය වේ. ඒ සදහා ‍විවාහ අ‍පේක්ෂිත තරුණයාගේ හෝ තරුණියගේ කේන්දරයේ 7 වැන්න අධිපති ග්‍රහයා තැන්පත් ව සිටින්නේ කී වැන්නේද හෙවත් කුමන කොටුවේ දැයි විමසා බැලිය යුතුය.
හත අධිපත ග්‍රහයා හත්වැන්න . හත්වැනි භාවය කලත්‍ර ස්ථානය ලෙසද හඳුන්වයි. විවාහය .ස්වමි පුරුෂයා භාර්යාව අතර සමගිය. අසමගිය , ලිංගික ක්‍රියා හා සහකරු හෝ සහකාරිය ගැනද විශේෂයෙන් 7 වැන්නෙන් ප්‍රකාශ කළ හැකියි.

උදාහරණයක් ගතහොත් මේෂ ලග්නය කේන්දරයකට අනුව 1වැන්න මේෂ දෙවැන්න- වෘෂභ 3 වැන්න මිථුන යනාදි ලෙස හැඳින්වු විට 7 වැන්න වන්නේ තුලා රාශියයි. මේ අනුව ඕනෑම ලග්නයකට අනුවය ලග්න රාශිය 1 වැන්න මුලට තබා 7 වැන්න දක්වා ගණන් කළ විට 7 වැන්න හඳුනා ගැනීමට හැකියාව ඇත. එසේ පිළිවෙලින් මේෂ , වෘෂභ මිථුන, කටක, සිංහ ,කන්‍යා තුලා වෘශ්චික , ධනු ,මකර , කුම්භ, මීන , යන්න මතක තබා ගත යුතුය.


7වැන්න අධිපති ග්‍රහයා සොයා ගැනිමට ඉන්පසුව අවශ්‍ය වනු ඇත .මේෂ වෘශ්චික රාශි වලට කුජ ග්‍රහයාද. මිථුන කන්‍යා රාශි සඳහා බුධ ග්‍රහයාද කටක රාශියට බුධ ග්‍රහයාද . සිංහ රාශියට රවි ග්‍රහයාද මකර කුම්භ රාශි සඳහා ශනි ග්‍රහයාද ධනු මීන රාශි සඳහා ගුරු ග්‍රහයාද 7වැන්න අධිපතිවේ 7 වැන්න අධිපති ග්‍රහයා ඔබේ කේන්දරයේ ‍කවර ස්ථානයක පිහිටා තිබෙන්නේ දැයි හඳුනාගෙන ඔබටම ඔබේ විවාහ සහකරු හෝ සහකාරිය හමු වන අන්දම හෝ ඔහු හෝ ඇය තෝරා ගැනිමට ලැබෙන අයුරු පහත දක්වා ඇති කරුණු වලින් අවබෝධකර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

7 අධිපති ග්‍රහයා ලග්න භාවයේ සිටිම
කරදර බාධක නොමැතිව ඔබගේ සහකරු හෝ සහකාරිය නිසි කල වයස උදාවනවාත් සමගම නිතැතින් ඔබට හමුවනු ඇත.

7 අධිපති ග්‍රහයා ලග්න භාවයේ සිටිම
ඔබගේ පවුලේ අයකුගේ සහ සම්බන්ධතා වයක් මත ඔබට හිමි සහකරු හෝ සහකාරිය මුණ ගැසෙනු ඇත.

7 අධිපති ග්‍රහයා 3 වැන්නේ සිටිම
ඔබ විවාහයට පෙර ආදර සම්බන්ධතා කිපයක් පවත්වාගෙන යන අතර ඉන් එක් අයකු තම සහකරු හෝ සහකාරිය වශයෙන් තෝරා ගනු ලබයි .

7 අධිපති ග්‍රහයා 4 වැන්නේ සිටිම
බොහෝ විට සම අදහස් උදහස් ඇති හෝ තමාට සමානත්වයක් ඇති අයෙකු සහකරු හෝ සහකාරිය ලෙස ඔබට හිමිවේ.

7 අධිපති ග්‍රහයා 5 වැන්නේ සිටිම
පාසලේදි ඇති වු ආදර සම්බන්ධතාවයක් මත තම විවාහක සහකරු හෝ සහකාරිය තෝරා ගනි.

7 අධිපති ග්‍රහයා 6 වැන්නේ සිටිම
රෝගී අවස්ථා‍වක දුක සැපබැලිමට පැමිණි අයෙකු මෙවන් පිහිටිම් ඇති ජන්මීන්ගේ සහකරු හෝ සහකාරියවේ.

7 අධිපති ග්‍රහයා 7 වැන්නේ සිටිම
තම පවුලේ ඥතිවරයෙකු මගින් විවාහක සහකරු හෝ සහකාරිය හඳුනාගත හැකිවේ.

7 අධිපති ග්‍රහයා 8වැන්නේ සිටිම
අවමංගල්‍ය අවස්ථාවකදි තම සහකරු හෝ සහකාරිය හඳුනා ගැනීමට අවස්ථාව උදාවේ

7 අධිපති ග්‍රහයා 9 වැන්නේ සිටිම
ඉතා දුර බැහැර ගමනකදි ඔබේ සහකරු හෝ සහකාරිය හමු වනු ඇත

7අධිපති ග්‍රහයා 10 වැන්නේ සිටිම
මව් පිය හා ඥතින්ගේ අවශ්‍යතා මත තම සහකරු හෝ සහකාරිය තෝරා ගැනිමට ඔබට ඉඩ කඩ ලැබෙනු ඇත.

7 අධිපති ග්‍රහයා 11 වැන්නේ සිටිම
තම පවුලේ වැඩිමහල් සහෝදරයකු හෝ සහෝදරියකගේ උවමනාව මත තමාගේ සහකරු හෝ සහකාරිය තෝරා ගැනිමට මෙවන් පිහිටිම් ඇති ජන්මින්ට සිදුවනු ඇත.

7 අධිපති ග්‍රහයා 12 වැන්නේ සිටිම
කිසියම් අවශ්‍යතාවයකට පිටත ගිය අවස්ථාවකදී ඈත ප්‍රදේශයකින් සහකරු / සහකාරිය හඳුනා ගැනීමේ අවස්ථාව උදාවේ.

ජ්‍යොතිෂවේදී එම් .යු .ජේ .ද සිල්වා

අතිශය පෞද්ගලිකයි උපන් නැකත හැමෝටම නොකියනු!

උපන් නැකතට පිහිටන උපන් ලප ගැන දැන ගනිමු
ඔබ උපන් නැකත; ඔබේ චරිතය සහ ශරීරය පිළිබඳ රහස් සඟවා තබා තිබෙන මංජුසාවකි.එය විවෘත කිරීමෙන් කෙනෙකු මවිතකරනව සුළු තොරතුරු අනාවරණය කරගත හැකිය.


සිරුරේ අතිශය රහසිගත ප්‍රදේශයක සැඟවී තිබෙන ඉතා කුඩා උපන් ලපයකින් පවා ඔබගේ ජීවිතය ගැන දැනගන්න පුළුවන්. අපි මුලින්ම උපන් නැකතට පිහිටන උපන් ලප ගවේෂණය කරමු.

අස්විද

මේ නැකතින් උපන් අයගේ ඉඟටිය සහ ඒ ආසන්න ප්‍රදේශයේ උපන් ලප පිහිටයි.තරමක් තරබාරුය.අත් පා දිගුය.නුවණැති වන අතර ගෞරව සම්මාන ලබන තැනැත්තෙකි.

කලබලකාරී චරිතයක් වන නමුත් දීර්ඝායුෂ හිමිය.අස්විද නැකතේ පළමු වැනි පාදයෙන් උපන්නේ නම් තරමක ලෝබයෙක් සහ ස්ත්‍රී ලෝලියෙක් වේ.සැප සම්පත් හිමිය.දෙවැනි පාදයෙන් උපත ලබා ඇත්නම් ධාර්මිකයෙකි.

වාසනාව සහ ධනය හිමි තැනැත්තෙකි .තෙවැනි පාදයෙන් උපන්නේ නම් ජයග්‍රාහකයෙකි,ප්‍රසිද්ධ චරිතයකි.සිව්වැනි පාදයෙන්උපත ලැබුවේ නම් ආගම දහමට ලැදිය.යහපත් චරිතයකි.
අස්විද නැකතින් උපන් සියලු දෙනාගේම කේන්දරයේ චන්ද්‍රයා පිහිටන්නේ මේෂ රාශියේය.

කැති

මේ නැකතින් උපන් අයගේ බෙල්ලේ කැලලක් පිහිටයි.ජනප්‍රිය චරිතයකි. ධනයද, වස්තුවද, පිරිවර හා සම්පත්තියද හිමිය.නුවණැතිය.ස්ත්‍රී ලෝලියෙකි.ක්‍රීඩාශීලි චරිතයකි. කැති නැකතේ දෙක,තුන,හතර පාදවලින් උපන් ජන්මීන්ගේ චන්ද්‍රයා පිහිටන්නේ වෘෂභ රාශියේය.පළමු පාදයෙන් උපන්නේ නම් සඳු මේෂ රැසේ වේ.

අස්ලිස

අස්ලිස නැකතෙන් උපත ලබා ඇත්නම් හිස් කබලේ හෝ උදරයේ හෝ කළු පැහැති කැලැල් පිහිටයි.මොවුන්ට අමුතුම ගමන් විලාශයක් උරුම වේ.මුඛරි කටක් හිමිවේ.රජයේ සහ රාජ්‍ය නායක කාරකාදීන්ගෙන් ගෞරව සම්මාන ලබයි.

අස්ලිස නැකතේ පළමුවැනි පාදයෙන් උපන්නේ නම් යුක්තිගරුක , නුවණැති මෙන්ම පසු නොබසින චරිතයකි.

උත්‍රපල්

මේ නැකතෙන් උපන් අයගේ සිරුරේ උපන් ලප බොහෝ සෙයින් පොකුරු ගැසී විසිරී පවතී.වාසනාවන්තයෝය.ඥානය,ගෞරවය සහ ක්‍රියා කෞෂල්‍යයෙන් සපිරි තැනැත්තෙකි.ධාර්මික චරිතයකි.එහෙත් ස්ත්‍රීන් නිසා කරදරයට පත්වේ. මෙහි පළමුවැනි පාදයෙන් උපන් අය කවි,ගීත රචනයට දක්ෂවෙති.

සිත

මොවුන්ගේ සිරුරේ වම් අර්ධයේ උපන් ලප පිහිටයි.රති ශාස්ත්‍රයේ කෙළ පැමිණියෙකි.ක්‍රීඩාවට සහ ස්ත්‍රීන් කෙරෙහි ලොල් වූ පුද්ගලයෙකි.පළල් පපුවක් සහ දික් වූ අත් පා හිමිවේ. කැපී පෙනෙන චරිතයකට හිමිකම් කියන අතර ඉක්මනින් තෘප්තියට පත්වන තැනැත්තෙකි.

විසා

ස්ත්‍රී ලෝලියෙකි.මොවුන්ගේ දිව,උදරය සහ රහස් ප්‍රදේශයේ උපන් ලප පිහිටන්නේය. නුවණින් සහ ධනයෙන් පොහොසත්ය.බහුශ්‍රැත දැනුමක් ඇත. ශිෂ්ට සම්පන්න තැනැත්තෙකි.නමුත් දබරයටද පැටලෙයි. ඇස් රතු පැහැති වේ.කරුණාබරය.එමෙන්ම උගතුන් ඇසුරුකරයි.දීර්ඝායුෂ භුක්තිවිඳී.එහෙත් නිතර රෝගවලට ගොදුරු වේ.

විසා නැකතේ පළමු වැනි පාදයෙන් උපන්නේ නම් පළල් පපුවක් සහ රතුවන් දෙනෙතක් හිමිවේ.දෙවැනි පාදයෙන් උපන්නේ නම් යුක්තිගරුකය. භවබෝග සම්පත් හිමිවේ.තෙවැනි පාදයෙන් උපත ලබා ඇත්නම් නිදහස් අදහස් ඇති උගතෙකි.

දෙට

දෙට නැකතින් උපන් අයගේ උදරය ප්‍රදේශයේ උපන් ලප පිහිටයි.ශක්ති සම්පන්න පුද්ගලයෙකි.

සුවණ

මේ නැකතෙන් උපන් අයගේ උදරයේ හෝ රහස් පෙදෙසේ උපන් ලප පිහිටයි. සමාජයේ ප්‍රසිද්ධියට පත්වන චරිතයකි.කතාවෙහි සහ වැඩෙහි දක්ෂයෙකි. නුවණැතිය. ක්‍රියා කෞෂල්‍යයෙන් පොහොසත්ය. නිදහස් අදහස් අගය කරන අතර ආගම දහමට ලැදි ධර්මිෂ්ඨයෙකි. ස්ත්‍රී ලෝලියෙන් වන නමුත් ශිෂ්ට ගති පැවතුම් හිමිය. වාසනාවන්තයෙකි.

පුවපුටුප

මේ නැකතින් උපන් අයගේ මුහුනේසහ රහස් ප්‍රදේශයේ උපන් ලප පිහිටයි. වියදම අධික තැනැත්තෙකි.නුවණැතිය.ශිෂ්ට සම්පන්නය. වස්තුව හා දරු සම්පත් හිමිය. ස්ත්‍රීන් කෙරෙහි ගෞරවාන්විතය.

උත්‍රපුටුප

උත්‍රපුටුප නැකතෙන් උපන්නේ නම් සිරුරේ දකුණු අර්ධයේ උපන් ලප වේ.මන්දගාමී චරිතයකි.ආකර්ෂණීය කතා ශෛලි‍යක් හිමිවේ.සතුරන් නසන සුළු තැනැත්තියකි.මෙහි තුන්වැනි පාදයෙන් උපන්නේ නම් කාව්‍යකරණයේ දක්ෂයෙකි.

K.C. J.

සතයක් වත් වැය නොකර කෝටි ගණනක් ඉතිරිකරන රහස්


ඔබේ නිවසේ මේවා කරන්න එපා. කළොත් දියුණුව මඟ නවතී. නිවසේ මුළුතැන් ගෙය තුළ ලුණු පොල්කට්ට හිස් කරන්න එපා. හිස් උනොත් ධන විනාශයක් අත ළඟ පවතින බව දැනගන්න. නිවසේ අසමගිතාවයක්ද හිටි අඩියේ ඇති වේ. මුළු තැන් ගෙයි වැඩවල යෙදෙන අයෙකුට අගුණ ගෙන දෙයි. වතුර කළයද හිස් කරන්ට සුදුසු නැත. එසේ වුව හොත් මුදල් නාස්ති වීමක් අත ළඟ බව දැන ගන්න.
සීනි බෝතලය සුරා කා තේ බොන්න එපා. සීනි බෝතලය හිස් කරන්න එපා එසේ වුව හොත් දුප්පත් වීම දිළිඳු බව සිදුවේ. ගැහැණු දරුවකුට අපල අගුණ ගෙනදේ.

ඔබේ ගෙදර. දර ලිප තිබෙනවාද අනිවාර්යයෙන් දර ලිප අවශ්‍යයි. එය නැත්නම් හරි මුසලයි. ලිපේ දුම පැතිර යා යුතුය. එහි එකතුවන අළු දිනපතාම අස් කරන්න එපා. මුල්ලකට එකතු කර ගොඩ ගැසුණ පසු ගසක් මුලට දමන්න. මෙය දිනපතා අස් කළ හොත් මුළු තැන් ගෙයි අඩු පාඩු නිතර සිදුවේ.අරපිරිමැස්මක් නැත. කැත්ත ,උදැල්ල, මන්නෙ, පිහිය, පොරොව, යකඩය නිතර අත ගැවසෙන තැන තබන්න එපා. ඒවා වෙනම කාමරයක දමා යතුරෙන් වසන්න.

නිවස තුළ පවතින පිටි කොටන වංගෙඩිය කට උඩට හරවා තැබීමත් එහි ඉඳ ගැනීමත් ඉතා අසුබයි. වර්ත මානයේ එම වංගෙඩිය අප අතරින් වෙන්කර ඇති. හෙයින් ඒගැන වැඩි විස්තර අවශ්‍ය නැත. නිවස අතු ගාන කොස්ස හා මිදුල අතුගාන ඉදල නිවසේ මුළුවල තැබීම අසුබයි. දෝෂා රෝපන, සතුරු බලපෑම් ඇතිවේ. එසේම ඉනිමඟද පේන්ට තබන්න එපා මෙය සොරාට ප්‍රයෝජනයට ගත හැකිවේ.
නිවසේ සාලයට පෙනෙන ලෙස මුළු තැන් ගෙය හා පෝරනුව, ගිනි දැල්වීම ඉතාම අසුබයි. නිවසේ අඹු සැමි අරගල, දියුණුවට අවහිරතා ලෙඩ දුක් හදිසි අනතුරු බලපානු ඇත. නිවෙස්වලට කොඩි විණ කරන ඇදුරන්ට මෙය අත්‍යවශ්‍ය දෙයකි. අධ්‍යාපනය ලබන දරුවන් සිටින කාමරයේ අනවශ්‍ය පින්තූර බිත්තිවල අලවා ගන්ට එපා බුද්ධ රූප තබා ගැනීම හොඳයි. පාඩම් කරන මේසයට මේ ගාථා රත්නය ලියා තබන්න. පොත අතට ගන්ට කලින් එම ගාථාව සිහිපත් කරන්න.

ජයෝ මුණින්දස්ස සුබෝධි මුලේ
අහෝසි මාරස්ස පරාජයෝහී
උග්ඝෝසයුං දේව ගණ පසන්නා
ඒතේන සච්චෙන ජයස්සු මයිහං

නිවසට ඇතුල්වන ප්‍රධාන දොරට ඉදිරිපිට නිතර දැකීමට වර්තමානයේ බුදු සරණයි .දෙවි පිහිටයි යනුවෙන් ස්ටිකර් අලවා නිවසේ පිටු පස ගව මස් , කුකුල්මස් ආදී කපමින් තම්බමින් කොපමණ සිටිනවාද? මෙයින් බුදු සරණ යාව්ද? නැත. එසේ නම් නිවස ඇතුලත මස් වර්ග කැපිම අසුබ බව සිතට ගන්න මීට අමතරව මස් වර්ග, බිත්තර ආදිය මුළු තැන් ගෙය ඇතුලත තෙල් දමා තෙම්පරාදු කිරිමද අසුබවේ. විශේෂයෙන් වයස අඩු ගැහැණු දරුවන් සිටින නිවාසවල මෙය අසුබ බව දැනගන්න.

නිදන කාමරවල බිත්ති ආලේප කිරිමේදී රෝස පාට සුබ දායි වේ. තද පාට තීන්ත ආලේප කිරීමෙන් අඳුරක් ඇතිවන අතර භුත දෝෂද හට ගනී. තද රතු .කළු පාට ගෑමෙන් එම තත්ත්වය උදාවේ. ඉඩමට ඇතුලුවන් ගේට්ටුවට කළුපාට ඉතාම අසුබයි. ලා කොළ පාට ඉතා සුබයි. නිවසක වැඩි හිටි අය හෝ දරුවන් තනි කකුලෙන් සිටීම සුභ නොවේ. එසේ සිටීමෙන් වැඩි හිටි අයෙකුට රෝග තත්ත්වයක් හෝ ඈත් වීමත් විපතක් ගෙන දෙන ලක්ෂණයකි.

කුඩා ලමයි බොහෝ අවස්ථාවල හිස බදාගෙන අත් දෙක පොරවාගෙන මේ ආදී ඉරියව් වලින් සිටිනවා මම දැක්කෙමි. මෙය ඉතා අසුභ ගෙන දෙන ලක්ෂණයකි, නිවසේ දියුණුවට බාධාගෙන දෙන ලක්ෂණයකි.සමහර වැඩි හිටි අය හෝ දරුවන් ඇද සිටින වස්ත්‍රය , සරොම ගලවා හිසේ සිට වසා ගෙන නිදා ගන්න අවස්ථා ඇත. මෙයද ඉතා අසුබ දායකවන අතර දියුණුවට බාධාගෙන දේ. විවාහයටද බාධාගෙන දේ. නිස්සාර ජීවිතයක් ගත කිරීමට සිදුවේ

නිවස තුළ තම පාද පොලොවේ ඇතුල්ලමින් ඇවිදිහ ඉතා අසුබවේ. නිවසකට ඇතුල් වීමේදී ප්‍රධාන දොරෙන් ඇතුල්වී මුළු තැන් ගෙය දක්වා යන අය අද සමාජයේ සිටී. මෙයද ඉතා අසුබ දායකවේ. නිවසේ ඉදිරිපස කවුරු හෝ නැතිනම් මිදුලෙන් එහාට යන්න එපා. සොරෙක්, වංචා කාරයෙක් ,බවට නම පැතිර යනු ඇත. තම නිවසේ පොල් ගසක ගෙඩි කඩා අවසන්කර බිමට බසින තෙක් පොල් එකතු කරන්ට එපා. පොල් කඩන තැනැත්තා ඉතා අසුබයි. අනතුරු ඇතිවේ . ගසේ පොල්ද පුහු බවට පත්වේ. මෙය ගසට කරන අවනම්බුවකි. පොල්ගසක රෙදි වැලක් කිසි දින ගැට ගසන්න එපා. පොල් නො සෑදේ පුහු ගෙඩි හට ගනී.

බල්ලෙක් බළලෙක් බලා සිටියදි කෑම කන්ට එපා. මෙය ඉතා පහත් අකුසලයක් . මරණය සිදු වන්නේ කවදා හෝ සාගින්නෙන්. පිපායෙන් නිවසේ සියලුම සාමාජිකයින් නිවස තුළ ඉතා ශබ්ද නඟා කථා කිරිම, සිනා සීම, හු කියා කැගැසීම ඉතාම අසුබයි. මෙය අවසන් වන්නේ කුමක් හෝ අසමගිතාවයක් කෝල හලයක් ඇතිවීමෙන් බව සිතට ගන්න. නිවස තුළ ඉතා හඬින් ඈනුම් හැරීම, කිව්සුම් ඇරීම මේ ආදී ශාරීරිකව සිදුවන දේ ශබ්දය පාලනය කරගනිමින් කළයතුය.

නිවසක ඉදිරිපස හා සාලය දැකුමෙන් පෙනුමෙන් ඉතා සිත්කලු තතත්වයෙන් පිරිසිදුව තිබිය යුතුය දිරා ගිය රෙදි පාන්කඩ, කිලුටු රෙදි, පිලුණු පරණ කෑම වර්ග පුලුටු වර්ග , පොල්කුඩු, රෙදි වැල, මේ ආදී අපිරිසිදු ද්‍රව්‍ය නිවසේ ඉදිරිපස මිදුලේ තබන්ට එපා. එසේම සාලයද ඒ ආකාරයෙන්ම පිරිසිදුව තබන්න. පුටු මේස, කෑම මේස, රූපවාහිනී යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර සිත් කලු වුද ශාන්ත වු පින්තූර ‍මේවා ක්‍රමවත්ව සාලයේ තබන්න. ඉහත කී අසුබ දේවල් සාලයට ගන්න එපා . පරණ ඇදුම් කිලුටු ඇදුම් සාලයේ පුටු උඩ දමන්ට එපා . නිවසේ මුළු තැන්ගෙය , නිදන කිමරවල තිබිය යුතු දේවල් සාලයට ගන්ට එපා. ඉතා තදින් භුත දෝෂ බහිරව දෝෂ ඇති නිවෙස්වල පිරිසිදුව තබා ගැනීමට ඉතාම අපහසු වන අතර අක්‍රමවත් සාලය මිදුල, සම්පුර්ණ නිවනම ඉතා අපිරිසිදුතත්ත්වයෙන් පවතී. යම් නිවසක එසේ සිදුවන්නේ නම් එයට පිළිවෙත් කර ගන්න. මා මෙතෙක් දැක්වු පාරම්පරික මත අද හමස් පෙට්ටියට දමා ඇතත් ඒවායේ සත්‍යතාවය නුවන ඇත්තන්ට වටහා ගැනීමට පෙන්වා දෙමි.

ජ්‍යෝතිෂවේදී ජේ. ගුණපාල

Thursday, February 12, 2015

ඔබත් මෙවැනි කතක් සිහිනෙන් දුටුවාද


දවසේ කට­යුතු නිමවා සුව බර නින්ද­කට පිවි­සීම අපි‍ ­සැ­මගේ අව­ශ්‍ය­තා­ව­යයි. නින්දේ දී විවිධ රූප, දිවා කාලයේ දී දුටු මෙන්ම නොදුටු සිදු­වීම් සිහින ලෙසින් දකින අවස්ථා තිබේ.
දකින සම­හර දේ දැකී­මට පවා අප්‍රි­යය.සම­හර දේ ප්‍රිය­ම­නා­පය.දකින දේ නින්දෙන් දුටු­වා­යැයි නොහැ­ඟෙන බැවින් සම­හරු නින්දෙන් කෑගසා අවදිි වෙයි.තමන් දු‍ටුවේ සිහි­න­යක් බව තේරුම් ගන්නේ නින්දෙන් පිබිදී පියවි සිහි‍යට පැමිණි විට­දීය. තමා දකින සිහි­නය සුබ සිහි­න­යක් ද අසුබ සිහි­න­යක් ද යන්න දැන ගැනී­මට අපි ආශා කරමු. සිහි­නෙන් කාන්තා­වක් දුටුවේ නම්....

විවිධ අයු­රින් කාන්තා රුව සිහි­නෙන් දකින අවස්ථා ඇත.ඒ අතර තමාගේ සිත් ගත් තරු­ණි­යක් සිහි­නෙන් දැකීම ඔබට යහ­පත් ඵල උදා­වන බවට ලැබෙන ඉඟි­යක් බව ඔබ දන්නේද?
විශේ­ෂ­යෙන් ඉදිරි කාලයේ දී ඔබට සතු­ටු­දා­යක කාල­යක් වේ.
ඔබ සිහි­නෙන් ලස්සන ස්ත්‍රියක් සමඟ මුදල් දුටු­වොත් තව තවත් ඒ සිහි­නය දකි­න්නට ප්‍රිය වේ.සිහි­නෙන් හෝ එවැනි දේ දකි­න්නට කැමති වෙයි.

නමුත් ඔබ සන්ත­කයේ පව­තින්නා වූ ධනය ඉදිරි කාල­යේදී මොන යම් හෝ ආකා­ර­යක සිදු­වී­ම­කින් නැති වී යාමක පෙර නිමි­ත්තක් ලෙස එසේ සිහි­නෙන් ස්ත්‍රිය සමඟ ධනය දැකී­මෙන් ඉඟි­ක­රයි.
උත්සව අව­ස්ථා­ව­කට සහ­භාගි වූ හෝ වෙන යම් ස්ථාන­ය­කට සහ­භාගි වූ කාන්තා­වන් පිරි­සක් හෝ තමාගේ සේවා ස්ථානයේ සිටින කාන්තා­වන් තුන් හත­ර­දෙ­නෙක් සිහි­නෙන් දුටුවේ නම් ඉදිරි දින කිහි­පයේ දී නොසිතූ විරූ අන්දමේ වාස­නා­වක් ලඟා වේ.

ආරා­ම­යක වැඩ වසන භික්ෂු­ණින් වහන්සේ කෙනෙක් සිහි­නෙන් දැකීම තමන් ට මෙතෙක් කල් තිබූ කර­දර වලින් මිදෙන බවට ලකු­ණකි.සාමය උදාවී සැන­සිලි දායක කාල­යක් ඇති­වනු ඇත.
ඔබේ දරු­වකු පිළි­බඳ සිත­මින් සිට නින්දට ගිය විටත් දරුවා පිළි­බඳ සිහි­නෙන් දකී.යම් කිසි මවක් දරුවා බිහි­ක­රනු සිහි­නෙන් දකින අවස්ථා අසා ඇත්තෙමු.මෙවැනි දෙයක් දුටුවේ නම් තමාට ඉදිරි කාලයේ දී නොසිතූ හදිසි ධන ලාභ­යක්  හිමි­වනු ඇත.

කුමන කාන්තා­වක‍ගේ හෝ දරු ගැබක් නැති­වනු සිහි­නෙන් දුටු­වොත් එය එත­රම් සුබ නැත.යම් ආකා­ර­යක අය­හ­පත් සිදු­වී­මක පෙර­නි­මි­ත්තක් ලෙස එම සිහි­නය ඔබට පෙනෙනු ඇත.
තම පෙම්ව­තිය සමඟ ආද­ර­යෙන් සිටි­නවා දුටු­වොත් - සිහි­නය දැක සතු­ටෙන් පිබි­දු­නොත් අනා­ග­තයේ දී ඔබට ඇති­වන රෝගී තත්ත්ව­යක් එයින් පෙන්නුම් කරයි. යම් රෝගී කාන්තා­වක් සිහි­නෙන් දුටුවේ නම් කාල­ගු­ණික විප­ර්යා­ස­යක් හේතු­වෙන් ඔබට වන අලා­භ­යක ‍හෝ අන­තු­රක් වීමේ හෝ පෙර නිමි­ත්තකි.
ඔබ කැමති ස්ත්‍රියක් යම් ආහා­ර­යක් ලබා­දෙනු දුටොත් එයින් ඔබට සුබ ඵල අත්ක­රනු ඇත.තනි­කඩ දිවි­යක් ගත­ක­රන්නේ නම් ආද­රය කර­න්නට කෙනෙක් මුණ­ගැ­සීමේ පෙර සළ­කු­ණකි.

ස්ත්‍රියක් නිරු­ව­තින් සිටිනු දැකී­මෙන් සුබ­ඵල ගෙනදේ.ඉදිරි දින කීප­යේදී යහ­ප­තක් සිදු­වනු ඇත.වයස් භේද­ය­කින් තොරව කුමන හෝ වයසේ කාන්තා­වක් පිහි­න­මින් සිටිනු හෝ නාමින් සිටින අයුරු සිහ­ිනෙන් දුටුවේ නම් විශේෂ සුබ කට­යු­ත්තක් වෙයි.වාස­නා­වක් උදාවේ.
වය­සක කාන්තා­ව­කගේ රුවක් සමඟ යම් සිහි­න­යක් දුටු­වේද? ඉදිරි දින කීපයේ දී ඔබට යම් අය­හ­ප­තක් සිදු­වන පෙර දැනුම් දීමක් වනු ඇත.

ස්ත්‍රියක් කා සමඟ හෝ ආ­ර­වු­ලක පැටලී සිටීම මෙන්ම රන්ඩු සරු­වල් වීමක් දුටු­වොත් ඔබට යම් අය­හ­පත් කාල­යකි. තමා ළඟින් සිටින හිත­වත්ම අයෙක් ඈත්වී යාමක් නිසා තමන්ට ඉදි­රියේ දී තනිව ජීව­ත්ව­න්නට සිදු­වන  බව පෙන්වන පෙර නිමි­ත්තකි.

ජ්‍යොති­ෂ­වේදී - මෙලාන් වික්‍ර­ම­

Wednesday, February 11, 2015

Raini Charuka Hot Photo's In 2015

Raini Charuka Goonathilaka is one of the fine talented super singer in Sri Lankan music industry. Raini Charuka Goonathilak also performed a lead role in Sinhawalokanaya Sinhala movie and she got good popularity from tha movie. She also did a duet song called Mathakada Handawe which got ultimate popular on Sri Lankan music fans. Neela Kandugete Gena Nidahase , Wasi Daaka Thuru Yaya Peera, Wisikkeruwa Sitha, Nobala and Tharumini are some of the most popular songs of her music career. I have already published several articles of this super glamor stars in my previous posts and hop to put more content and images of her in near future.
Raini Charuka Hot Photo's In 2015
Raini Charuka Hot Photo's In 2015
Raini Charuka Hot Photo's In 2015
Raini Charuka Hot Photo's In 2015
Raini Charuka Hot Photo's In 2015
Raini Charuka Hot Photo's In 2015

ඩුබායි කිරුළේ හිමිකාරිනිය සොනාල්ද?


ලෝකයේ පළමවැනි වරට සංවිධානය කරනු ලබන Bollywood Dubai Lifestyle Exhibition ප්‍රදර්ශනය මෙම මස 11 වැනිදා ඩුබායි හිදී නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. එය පෙබරවාරි මස 12 සහ 13 වැනි දෙදින තුළදී ඩුබායි ජනතාව සඳහා නොමිලේ විවෘතව පවතී.

මෙම ප්‍රදර්ශනය තුළදී විලාසිතා දැක්මක්ද සංවිධානය වන අතර, එය තරගකාරී මට්ටමින් පැවැත්වීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති. ඒ සඳහා බොලිවුඩයේ නිරූපණ ශිල්පීන් මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නන්ද, නිළියන්ද සහභාගී වී සිටී. මේ දක්වා ලබා දී ඇති ලකුණු අතරින් නවක නිළි සොනාල් චෞහාන් ඉදිරියෙන් සිටියි.

මෙම විලාසිතා දැක්ම සඳහා නිරූපණ ශිල්පිනියන් සහ රංගන ශිල්පිනියන් ලෙස සොනාල් චෞහාන්, සරීන් ඛාන්, නේහා ශර්මා, සනා සයීඩ්, ජියා මුස්තාෆා, රූප් දුර්ගාපාල්, ෆලක් නාස්, ජෙයොට්ස්නා චන්ඩෝලා, ම්‍රිනාලිනි තියාගි, පරුල් චෞහාන්, ප්‍රෙර්නා වන්වාරි සහ ලීනා ජුමානි යන පිරිස සහභාගී වන බව සංවිධායකයෝ පවසති. 

කෙසේවෙතත් පෙබරවාරි 12 සහ 13 දෙදින පවතින විලාසිතා තරගය තුළදී Bollywood Dubai Lifestyle කිරුළ හිමිවන්නේ මේ අතරින් කාටද යන්න තවමත් සිතාගැනීමට නොහැකි කාරණයක් වී තිබේ.

මෙම තරගයේ විනිශ්චකරුවන් මෙතෙක් ලබා දී ඇති ලකුණු අනුව ඉදිරියෙන් සිටින නිරූපණ ශිල්පිනියන් හතර දෙනා ලෙස සොනාල් චෞහාන්, සරීන් කාන්, නේහා ශර්මා සහ සනා සයීඩ් හඳුනාගෙන සිටියි. මේ අතරින් කිරුළ හිමිවිය යුත්තේ සොනාල් චෞහාන් හට බව බොලිවුඩ් රසිකයෝ පවසා සිටිති.

සොනාල් චෞහාන් යනු 2008 වර්ෂයේ එළිදැක්වූ Jannat චිත්‍රපටය තුළින් රසික ජනාදරයට පත් රංගන ශිල්පිනියෙකි. ඇය රංගනයෙන් දායක වූ පළමු වැනි චිත්‍රපටය තුළදීම සම්මානයක් සඳහා උරුමකම් කීමට සමත්විය.




ඉන්පසුව ඇය එම වර්ෂයේදීම තෙළිඟු චිත්‍රපටයක් වන Rainbow චිත්‍රපටය සඳහා දායක වනු ලැබීය. 2010 වර්ෂයේ Cheluveye Ninne Nodalu චිත්‍රපටය සඳහාද, 2011 වර්ෂයේ Bbuddah... Hoga Terra Baap චිත්‍රපටය සඳහාද, 2013 3G චිත්‍රපටය සඳහාද, 2014 වර්ෂයේ, Legend චිත්‍රපටය සහ Pehla Sitara චිත්‍රපටය සඳහාද ඇය දායක වූවාය.

මෙම වර්ෂයේ එළිදැක්වීමට නියමිතව ඇති Pandaga Chesko චිත්‍රපටය සඳහාද, Soggade Chinni Nayana චිත්‍රපටය සඳහාද ඇය දායක වෙයි. මෙම චිත්‍රපට දෙක තවමත් රූපගත කරමින් තිබෙන අතර, මෙම වර්ෂයේ අගභාගයේදී එළිදැක්වීමට නියමිතය. එපමණක් නොව මැය හට 2016 වර්ෂයේ තිරගත වීමට නියමිත Jaane Tu... Ya Jaane Na 2 චිත්‍රපටය සඳහාද ආරාධනා ලැබී තිබේ.

අශිකා තුන්වන වරටත් ගැබ්බරයි.


තවමත් පුංචි තිරයේ පෙම්වතිය වූ අශිකා මතසිංහ මේ දිනවල තුන්වන දරු ප්‍රසුතිය සදහා සුදානම් වෙනවා.


සැමියාගේ රැකියා කටයුතු නිසා ටික කාලයකට අනුරාධපුරයේ පදිංචි වෙන්නත් අශිකාට සිදු වෙලා. එළඹෙන බක් මහේ අශිකාගේ තුන් වන දරුවා මෙලොව එලිය දකින බවයි ආරංචි.


Monday, February 9, 2015

කුසේ ඉන්නේ දුවක් නම් වමනේ යනවා වැඩියි


කුසේ ඉන්නේ දුවක් නම් වමනේ යනවා වැඩියි


ගර්භණි සමයේ ඇති වන සුළු අසනීපයක් නිසා වුණත් සෑහෙන්න බය වෙනවනේ. ඒ කාලයේදී ඇති වන ඇඟේ සාමාන්‍ය වෙනස් කම් වුනත් අඩු වැඩි වීම් මත මෙවැනි තත්ත්ව ඇති වනවා. ඒ අතරෙන් ප්‍රධාන කාරණයක් තමා ඔක්කාරය සහ වමනය කියන්නේ.
ගර්භනී කාලයේ අධික ඔක්කාරය සහ වමනය සැදීම ගර්භනී කාන්තාවන්ගෙන් තුනෙන් එකකට බලපාන බව සොයා ගෙන තිබෙනවා. එසේ බලපාන කාන්තාවන්ගෙන් භාගයකට පමණ ඔක්කාරය සහ වමනය යන දෙකම සෑදෙන අතර ¼ කට සෑදෙන්නේ ඔක්කාරය පමනයි. මෙම අපහසුතාවය සෑදෙන ඉතිරි කාන්තාවන්ට එම තත්වය බලපාන්නේ සුළු වශයෙන් පමණක් වන අතර එය ඉක්මනින් පහව යනවා.
ඔක්කාරය හෝ වමනය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ ගර්භනී සමයේ 6 වන සතිය පමණ වන විටයි. නමුත් ඇතැම් විට එය 4 වන සතියේදී පවා ආරම්භ විය හැකියි. එසේම එම තත්වය ඊළඟ මාසය තුල ඇතැම් විට වැඩි විය හැකියි.
.
මෙසේ ඔක්කාරය හෝ වමනය සෑදෙන කාන්තාවන්ගෙන් භාගයක් පමණ ගර්භනී සමයේ 14 වන සතිය පමණ වන විට සම්පූර්ණයෙන් සුව වනවා. ඉතිරි අයට එම තත්වය තවත් මාසයක් පමණ පැවතිය හැකියි. එසේම ඇතැමුන්ට මෙසේ පහව ගිය ඔක්කාරය/වමනය නැවත විටින් විට සැදීමට ඉඩ තිබෙනවා. ඉතා කලාතුරකින් ඇතැම් කාන්තාවන්ට මෙම තත්වය ගර්භනී සමය පුරාම පැවතිය හැකියි.
ඇතැම් කාන්තාවන්ට මෙම රෝග ලක්ෂණ මතු වන්නේ උදැසන කාලයේදී පමණයි. නමුත් බොහෝ කාන්තාවන්ට මෙම ලක්ෂණ දවසේ ඕනෑම වෙලාවක හෝ දවස පුරාම පැවතිය හැකියි. එසේම මෙම රෝග ලක්ෂණ කොපමණ තදින් පවතින්නේද යන්නත් එකිනෙකාට වෙනස් විය හැකියි.
මෙම රෝගී තත්වය ඇති වන්නේ ඇයි?

මෙම තත්වයට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන්ම හඳුනාගෙන නැහැ. නමුත් පහත දකවා ඇති හේතුන්ගෙන් එකක් හෝ කිහිපයක් බලපෑ හැකි බව කිව හැකියි.
එච් සී ජී (HCG) හෝමෝනය
මෙම හෝමෝනය ගර්භනී කාලයේ ඔබගේ සිරුර තුල විශාල වශයෙන් නිපදවනවා. මෙම හෝමෝනය ඔක්කාරය හෝ වමනය ඇති කරන්නේ කෙසේදැයි කෙලින්ම කිව නොහැකි නමුත් මෙම හෝමෝනයේ බලපෑමක් ඇති බව විවිධ හේතු නිසා පැහැදිලි වනවා.
එනම් ඔක්කාරය/වමනය ආරම්හ වන කාලය සහ මෙම හෝමෝනය ඔබගේ සිරුරේ වැඩි වශයෙන් නිපදවෙන කාලය එකම වීම සහ මෙම හෝමෝනය වඩාත් වැඩිපුර නිපදවෙන අවස්ථා වන නිවුන් දරු ගර්භනී අවස්ථා වලදී මෙම රෝග ලක්ෂණ සැදීමේ වැඩි අවදානමක් තිබීමයි.
ඊස්ට්‍රජන් (Estrogen) හෝමෝනය
මෙම හෝමෝනයද ගර්භනී සමයේදී සීඝ්‍ර ලෙස වැඩි වන හෝමෝනයක්. මෙම හෝමෝනයද රෝග ලක්ෂණ ඇති කිරීමට දායක වන බව හඳුනාගෙන තිබෙනවා.
ගර්භනී සමයේ ගඳ/සුවඳ දැනීමේ හැකියාව වැඩි වීම සහ එම සුවඳ වලට ඇති සංවේදීතාවය වැඩි වීම
ගර්භනී සමයේ ඔබට ගඳ/සුවඳ දැනීමේ හැකියාව වැඩි වන බව සමහර විට ඔබත් අත් දැක ඇති. මෙසේ වැඩිපුර ගඳ/සුවඳ දැනීම සහ එම ගඳ සුවඳ වලට සංවේදීත්වය වැඩි වීම නිසා ඇතැම් සුවඳ වල දැනුනු විට ඔක්කාරය/වමනය ඇති විය හැකියි. මෙසේ වීමට හේතුවක්ද මෙතෙක් නිශ්චිතව සොයා ගෙන නැහැ.

ඇතැම් කාන්තාවන්ගේ ආහාර මාර්ගය ගර්භනී කාලයේදී වඩාත් සංවේදී බවට පත්වනවා.
එසේම ඇතැම් විට ඔබට හෙලිකොබැක්ටර් පයිලෝරි (Helicobacter pylori) නමින් හඳුන්වන බැක්ටීරියාව නිසා ඇති වන ගැස්ට්‍රයිටිස් රෝග තත්වය තිබේ නම් එයද ඔක්කාරය/වමනය වැඩි වීමට හේතු වනවා.
එසේම මෙම ඔක්කාරය/වමනය ඇති වීමට මානසික හේතූන්ද බලපෑ හැකි බව ඇතැම් පර්යේෂකයින් පෙන්වා දී ඇති නමුත් මෙය තවමත් තහවුරු වී නැහැ.
ඇතැම් ගර්භනී කාතාවන්ට ඔක්කාරය/වමනය සැදීමේ වැඩි අවදානමක් තිබේද?
ඔබට පහත සඳහන් කාරණා වලින් එකක් හෝ අදාළ වේ නම් ඔබට ඔක්කාරය/ වමනය ඇති වීමේ වැඩි අවදානමක් තිබෙනවා.
  • ඔබට ගර්භනී වී ඇත්තේ නිවුන් දරුවන්ගෙන් හෝ ඊට වඩා වැඩි දරුවන් ගණනකින් නම්. මෙසේ වූ විට ඔබගේ ශරීරයේ ඉහතදී සඳහන් කල එච් සී ජී (HCG) හෝමෝනය සහ වෙනත් හෝමෝන අධික ලෙස නිපදවනවා. එම නිසාම නිවුන් දරුවන් ලැබීමට සිටින මවුවරුන්ට ඔක්කාරය/වමනය සැදුනු විට එය අනිත් මවු වරුන්ට වඩා දරුණු වීමටද ඉඩ තිබෙනවා. නමුත් ඔක්කාරය/වමනය සෑදීම අනිවාර්යයෙන් සිදු නොවන අතර ඔබට ඇතැම් විට එය නොසෑදීමටත් ඉඩ තිබෙනවා.
  • ඔබට මීට කලින් ගර්භනී වී සිටි අවස්ථා වල ඔක්කාරය/වමනය සෑදුනා නම්.
  • ඔබට උපත් පාලන පෙති (ඔබ මීට කලින් එව භාවිතා කර ඇත්නම්) වලට ඔක්කාරය/වමනය සැදී තිබේ නම්.
  • ඔබට රථ වාහන වල ගමන යන විට සාමාන්‍යයෙන් ඔක්කාරය/වමනය සැදෙන්නේ නම්.
  • ඔබගේ මව,සහෝදරිය ඇතුළු ලඟම ලේ නෑයන්ට ගර්භනී සමයේ ඔක්කාරය/වමනය සෑදී ඇත්නම් ඔබට ගර්භනී සමයේ ඔක්කාරය/වමනය සෑදීමට ජානමය නැඹුරුතාවයක් තිබිය හැක.
  • ඔබට ඉරුවාරදය (migraine) නිසා ඔලුවේ කැක්කුම නිතර සෑදෙන්නේ නම්.
  • ඔබට ලැබෙන්නට සිටින්නේ ගැහැණු දරුවක් නම්.

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Sunday, February 8, 2015

වේදනාවකින් තොරව රෝම ඉවත් කිරීමට Strip wax ක්‍රමය


වේදනාවකින් තොරව රෝම ඉවත් කිරීමට Strip wax ක්‍රමය

ඔබේ අත් හා පාදවල ඇති අනවශ්‍ය රෝම ඇතැම් විලාසිතා කිරීමේදී ඔබව අපහසුතාවට පත් කරන අවස්ථා ඇති. එවන් විටෙක එම අනවශ්‍ය රෝම නිවෙසේදීම ඉවත් කර ගැනීම පහසු කරන අලුත් ක්‍රමයක් ගැන ඔබව දැනුවත් කරන්නටයි මේ ලිපිය.
Strip wax ක්‍රමය
  • මෙම Wax Strip පටිය රූපලාවන්‍ය නිෂ්පාදන ස්ථානවලින් පහසුවෙන්ම මිලදී ගැනීමට හැකිය.
  • පළමුව ඔබේ දෑත් හොඳින් පිරිසුදු කරගන්න.
  • මේ ආකාරයට දෑතේ හොඳින් පවුඩර් තවරන්න. (Wax හොඳින් ඇලවීම සඳහා)
  • දැන් Wax Strip එක මෙලෙස ගලවා ගන්න.
  • මෙම පටි 2 ම භාවිතයට ගත හැකිය.
  • දැන් Wax Strip එක මේ ආකාරයට අතේ අලවා ගන්න.
  • දැන් ඒ මත අත තබා තද කර උඩු අතට පිරි මදින්න.
  • ඇලවූ Wax Strip එක හොඳින් පිරිමැද උඩු අතට එකවර ඇද ගලවා ගන්න. මේ ආකාරයට සම්පූර්ණ අතම රෝම ඉවත් කර ගත හැකිය. (Wax Strip එකක් දෙවරක් පමණ භාවිත කළ හැකිය.)
  • Wax Strip එක ගැලවූ පසු රෝම ඉවත් කළ අත.
  • රෝම ඉවත් කළ දෑත් හොඳින් තෙතමාත්තු කර Toner තවරා දිවා කාලයේ නම් Sun Cream එකක් ආලේප කර සත්කාර කළ යුතුයි.

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

 

Copyright @ 2015 Goss!p Sinhalen | ගොසිප් සිංහලෙන්.